විශ්ව විද්‍යාල “මහපොළ” ශිෂ්‍යත්ව ක්‍රමයේ නිර්මාතෘ මෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 79 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට අද (26) උපහාර දැක්විණි.
ලලිත් ඇතුලත්මුදලි සමරු පදනම් කේන්ද්‍රය මේ උත්සවය සංවිධානය කළේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සොහොයුරු දයන්ත ඇතුලත්මුදලි , කේසර ලාල් ගුණසේකර, රසීක් සරූක්, සිරි ප්‍රනාන්දු යන ගුණ සමරු පදනමේ සාමාජිකයන් ද රාජකීය විද්‍යාලයේ සිසුහු පිරිසක් ද පිළීරුවට පුෂ්පෝහාර දැක්වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ආරම්භකළ මහපොළ ශිෂ්‍යත්වය තුලින් ජීවිතය ජයලැබූ බොහෝ දෙනෙක් අතරින් එක් පුද්ගලයෙක් ලෙස මෙතුමාට හද පිරි උපහාරය මෙන්ම පින් අනුමෝදන් කරන්නත් මම කිසි ලෙසක මැලිවන්නේ නැත. එය එසේ නොවිණි නම් අප අද කොතනදැයි මම නොදනිමි. අප රටට අවශ්‍ය වන්නේ දේශපාලන පක්ෂ වලට වඩා , රට සහ රටේ ජනතාව ගැන සිතන මෙවැනි නායකයන්මය. (නි)
මේ වගේ උගත්,දක්ෂ නායකයින් අපට ත්‍රස්තවාදය නිසා අහිමි වුණා.(ම)
අපේ අවාසනාවටයි එතුමා අවසන් ගමන් ගියේ. මෙතුමා සහ ගාමිණී දිසානායක මැතිතුමන්ලා මේ රටේ මහත් පෙරළියක් සහ දියුණුවක් ඇති කළ අය. (නි)
එතුමාට අපි ගරු කළ යුතුයි.(හේ)
සොපී, ඔබ ගිනිඅවි සහ ගිනිකෙළි පොත කියවා බලන්න. (නි)
ඇත්තටම රටට රටේ දුවා දරුවන්ට ආදරය කළ රටට ආදරය කළ නියම උගත් නායකයෙක්. ඔබතුමා හිටියනම් අපේරට ඔබතුමා යටතේ විශාල දියුණුවක් ලබනවා නිසැකයි. යම් දිනෙක නිවන් දකින්නට පෙර යලිත් අප අතර ඉපිද රටට සේවය ලබා දෙන්න (බ)