පන්සල් යෑමට රෙදි මදිමින් සිටි නැන්දම්මාගේ අත ස්ත්‍රික්කයකින් පිරික්සීයැයි සැකපිට දෙදරු මවක වන ලේලිය ලබන පළමු වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද නියෝග කළාය.
මෙවැනි දේ සමාජයේ සිදු නොවිය යුතු බව ලේලිය රිමාන්ඩ් කරමින් මහේස්ත්‍රාත්වරයා කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලේලි ආත්ම ගණනාවක්ම, මේ වගේ තිරිසන් කුරිරු වැඩ කරලා පුරුද්දටම මේ ආත්මෙදිත් මේවගේ අපරාධයක් කරන්න ඇති. උසාවියෙන් අමුතු දඬුවමක් ඕනෑ නැහැ. මෙහි කර්ම විපාකය මේ ආත්මයේදීම පළදේවි. (නි)
මම හිතුවේ ඔය වෛරය දැන් නම් නැතුව ඇති කියලයි. ඔය ලේලිත් කවදා හෝ නැන්දම්මා කෙනෙක් වේවි. (නි)
නැන්දනිය නිවසේ බණ අසමින් සිටිනවිට හොරෙන් ප්‍රධාව විදුලි ස්විචය විසන්ධි කරන ලේලියන්ද කොළඹ අවට ඇත. දුකට හේතුව නම් මොවුන්ද රජයේ රැකියාවක නියුතු ස්ත්‍රින් විමයි. (නි)
මේ රටේ බෝවෙලා සිටින මෙවැනි රටටම නරක ආදර්ශ දෙන, ඉවසීමක් නැති, දෙමව්පියන්ට කතා කරන්න සළකන්න දන්නෙ නැති ගැහැණුන්ට දැඩි දඬුවම් දෙන්න. නැත්නම් මේවා බලලා ඒ දරුවනුත් මේවම කරනවා (නි)
ලේලිත් දෙදරු මවක්ලු. අනේ දෙවියනේ ඇයි මෙවැනි දුෂ්ට ස්ත්‍රින්ට මව් පදවිය ලැබුනේ. එහි ගෞරවයත් නැතිකරනවා නේද? මොනතරම් සිත දරුණු වියයුතුයිද මෙහෙම කරන්න. (නි)
වයසක දෙමව්පියන්ගේ දේපොළ ටික ලියාගත්තට පස්සේ මෙවැනි දේ කර ඔවුන් ඉක්මනින් මරාගැනීමට දඟලන දූවරුන්, ලේලියන් අද වැහිවැහැලා. රටට උපාසක මුහුණ පෙන්වන පිළිගත් රැකියාවල නිරතවන අය අතරත් මෙැවැනි අය සිටිනවා. (නි)
වයසක අම්මලාට නිරතුරුව බනින ලේලිලා අද ඕනෑතරම්. මෙයත් මානසිකව කරන හිංසනයක්. මේවාට දැඩි නීති පැනවිය යුතුයි. නමුත් අම්මාට බනින ස්ත්‍රියම තමන්ගෙ සැමියා තමාට බැන්නොත් යනවා පොලිසි. දානවා හිංසන නඩු. මෙයයි අද තත්වය. (නි)
මෙවැනි ගැහැණු මනුෂ්‍ය වර්ගයාටම කැළලක්. (නි)
දෙවියනි, ඔබ කොහිද? (නි)
තම අම්මාත් සමඟ පුතාට කතාකරන්න නොදෙන දරුණු ගැහැණු පවා ඉන්නවා. (නි)
පුතාව හදලා උගන්නලා අන්තිමට අතේ තියෙන සල්ලි වලින් මඟුලත් කරලා දිලා තියෙන ගේ දොරත් ලියලා දුන්නට පස්සේ අම්මලාට සලකන විදිය තමයි මේ (නි)
ඇයටත් එම සංග්‍රහය රිමාන්ඩ් සිර මැදිරියේ සිටින රැඳවියන්ගේ කාරුණික අනුග්‍රහයෙන් ලබා දුන්නොත් හොඳයි. (බ)
විවාහයෙන් පස්සේ එකට ඉන්න එක තමයි මුලික ප්‍රශ්නය. දෙමව්පියන්ට නිදහස දීලා දරුවෝ අයින්වෙන්න ඕනෑ. නමුත් ලංකාව තවම එවැනි තත්වයකට දියුණු නැහැ. අද සමාජය එකිනෙකා නොඉවසන තත්වයට පත්වෙලා තියෙන්නේ. (නි)