කොත්මලේ වෙද මුල්ලේ එක් දරු ගැබිනි මවක (32) ලොරියකට යට වී මිය ගිය බව පොලීසිය පවසයි. ඇය තම සැමියාට කෑම රැගෙන යමින් සිටියදී මේ අනතුරට ලක් වී ඇත.
අනතුරෙන් පසු කෝපයට පත් ගම් වැසියන් රියදුරුට පහර දුන් බව පොලීසිය පවසයි.
අනතුරින් මිය ගිය බිරියගේ දේහය වැළඳගෙන සැමියා හඬාවැලපෙනු දක්නට ලැබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පපුව පත්තුවෙලා යනවා මේ ඡායාරූප දකිද්දී (නි)
කවුරු මොන තර්ක ගෙනාවත් ජීවිත දෙකක් අපරාදේ! (නි)
වැරදි රියදුරාද, මඟියාද කියලා දන්නේ නැතුව අපිට මොකුත් කියන්න බැහැ නේද? මේ වගේ වෙලාවට වටපිට ඉන්න අය බොරු චණ්ඩිකම් පෙන්නලා නම් වැඩක් වෙන්නේ නැහැ තමයි (නි)
තනි ඉරෙන් ඉස්සර කරන්න ගිහින් ලොරියත් ලොකු වරදක් කරලා තියෙනවා. ළඟ පාතක කහ ඉරක් නැත්තන් පාර පැනපු කෙනාගේ වරදක් නෑ නීතියට අනුව. එ්ත් මේවගේ තැන් වලින් පාර පනින කොට හදිසි නොවී එන වාහනේ නවත්තල ඕනේ පනින්න. හදිසියට පැන්නොත් ඉස්සර කරන වාහනේකට යට වෙනවා. මගියෙක් පාර පනින කොට වේගය අඩු කරලා එයාට යන්න දෙන එක රියදුරන්ගේත් වගකීමක්. (බ)
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි සහ පෙර පවු පඩිසන් දුන් බව නොදන්නා කමේ තරම පෙනේ...(බ)
මෙවන් අපරාධ කළ අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. (ම)
මේ අයගේ රියදුරු බලපත් අඩු ගණනේ අවලංගු කළ යුතුයි. කෙනෙකුගේ ජීවිතයක් රියදුරු බලපත්‍රයකට වඩා වටිනවා. මේ සියලුම රියදුරු බලපත්‍ර පුහුණුවකින් තොරව ගත් බව කිව හැකියි. මේවා මිලදී ගත් ඒවා,දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න (බ)
අවිනීත රියදුරන් මෙල්ල කළ යුතුයි. (බ)
අනතුරක් ඕනෙම කෙනෙකු අතින් වෙන්න පුළුවන්. අහල පහල අය වීරයෝ වෙන්න හදනවා රියදුරුට පහර දීලා. වාහනයට අලාබ හානි කරලා. ඒවාට ඉඩ දුන්නොත් සමාජය විනාස වෙනවා. මේ පින්තූර අනුව පහර දුන් අය අඳුන ගන්න පුළුවන්. ඒ අයට නීතියෙන් නිසි දඬුවම් දිය යුතුයි. (ර)
රියදුරු ටම වරද පටවන එක වැරදි, මෙතැනදී පදිකයගේත් වැරද්දක් තියනවා වෙන්න පුළුවන් (ම)
නිසි පරීක්ෂණයකින් සියලු වරද කරුවන්ට දඩුවම් දී මේ සසරින් මේ දුක් නිමවේවා...! (ර)
රියදුරන් තවත් වහනයකටවත් ඉඩදෙන්නේ නැතිව පාරේ යන මනුස්සයෙකුට අවස්තාවක් දෙයිද? (ර)
මෙවෙනි දේ දුටු විට හද කම්පා වේ. මිනිස් ජිවිතයක් අහිමිවෙලා. එත් මේ රූපරාමු අනුව මියගිය අය නොසැලිකිලිමත් කමින් පාර මාරු වී ඇති බවක් පෙනේ. (ර)
දහම් ඔයා ලොරිවලට කැමති උනාට එතන ඉන්නේ ඔයාගේ වෆේ නම් මොකද කියන්නේ. (ර)
ඇත්තටම මේවා සිදුවෙන්නේ මිනිසුන්ගේ තියෙන නොසලිකිලිමත්බව නිසා.මේ අපරාධය කරපු පුද්ගලයට කිසිදු සමාවක් ලබා නොදී ලබා දිය හැකි උපරිම දඩුවම ක්‍රියාත්මක කල යුතුමයි (ම)
නම දහම්. මනුස්සකම් නොදන්නා මොන දහමක් ද අදහන්නේ? (බ)
ලොකු වාහන එලවන හැම එකාම හොඳටම බීල ඉන්නේ හැම වෙලාවේම.(ම)
උපාලි, අමර, වැරැද්ද කාගේද කියල තීරණය කරන්න ඕනේ මහපාරේ ඉන්න චන්ඩි ද? දඬුවම් දෙන්න බලය තියෙන්නේ ඒ අයට ද? බොහොම කනගාටුයි ඔයාලා ගැන. ඔයාලට මේක තේරේවි ඔයාලා අතින් මේ වගේ අනතුරක් සිදුවුණු දාට. (ර)
වරද රියදුරාගේ අතේ වෙන්න පුළුවන්. එත් රටේ නීතියක් තියෙනවා, මේක ගෝත්‍රික සමාජයක් නොවෙයි. දහම් හරි. (අ)
පාරේ යන යකඩ ගොඩවල් විශ්වාස කරන්න බෑ. මිනිස්සුත් දැනගන්න ඕන පාරේ යනකොට පරිස්සමෙන් වටපිටාව ගැන අවදානයෙන් යන්න. සමහරු හිතාගෙන ඉන්නේ කහ ඉර උඩදී මිනිස්සුන්ගේ ඇගේ වාහන හැපෙන්නේ නෑ කියලා. කහ ඉරක් දැකපු ගමන් වාහන වේගයෙන් යද්දී බිම බලාගෙන පාර පනිනවා. අඩුතරමේ හැපෙනවද කියල දන්නෙත් නෑ (අ)
තව නොබෝ දිනකින් ලෝකයේ අවිනීත රියදුරන් සිටින රට ලංකාව. බලයට පත් වන කිසිම ආණ්ඩුවක් මේ පිළිබඳව පියවරක් නොගන්නේ මන්ද ,(අ)
ලංකාවේ වැඩිපුරම රියදුරන්ගේ වැරදි තමා .අපි දකිනවා මේ අය කිසිම හැදියාවක් නැතිව වාහන එලවන හැටි . ලයිසන් එක කැන්සල් කලාම පරිස්සමින් යාවි. (අ)
පුවත විතරක් ප්‍රමාණවත්. මෙවැනි චායාරුප පල කිරීමෙන් වලකින්න. එය මාධ්‍ය සදාචාරයට නොසුදුසුයි. මෙය පල නොකරත් අඩුම තරමේ හිතට ගන්න. (අ)
මෙන්න මේවාගේ වෙලාවට ගෙනවා කියපු යහපාලනය ඔන වෙනවා බැරිනම් අනුරාධපුර රජකල දෙමල රජු එළහර රජු කල දේ කරන්න පාර කාගෙවත් බුදලයක් නොවේ (අ)
මිනිස්සු එකතුවෙලා ගහන්න නෙමේ පට්ට ගහන්න ඕනි. නීතියෙන් මොකක්ද වෙන්නේ ටික දවසක් පොලිස් කුඩුවේ ඉදල ඇප දෙනවා, එච්චරනේ. හරියකට නීතියක් නැති නිසා තමා මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ. (බ)
මෙවන් රියදුරන්ට නීතියෙන් නිසි දඬුවම් නොදෙන නිසා පොදු ජනයා දඬුවම් දුන්නට වරදක් කිව නොහැකිය (බ)
අනේ මොකක්ද මේ දහම් කියන්නේ? (නි)
මමත් දහම්ගේ අදහස සමග එකඟයි (නි)
කෙනෙක් හැපුනා කියන්නේ රියදුරාගේ වැරැද්ද නොවෙන්න පුලුවන්. මේක ලංකාවේ විතරක් තිබෙන හරිම කණගාටුදායක කරුණක් (නි)
මා ජීවිතයෙන් සමුගත් කාන්තාව ගැන ඉතාම කණගාටුවෙමි. වරද කාගේද කියන එක නීතියෙන් තීන්දු කරයි. නීතිය ක්‍රියාත්මක වී හිරබත් කනකොට තමයි කළ මෝඩකම වැටහෙන්නේ. (නි)
මෙවැනි වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අවලංගු කළයුතුයි. වාහනයද රාජසන්තක කළයුතුයි. (නි)
වරද කාගේ වුණත් ඒ කාන්තාව වාහනයට පනින්න ගියේ නැහැනේ. අනික බඩදරු ගැහැණියක්. කහ ඉර උඩ යටකරගෙන යන රටක්නේ ලංකාව කියන්නේ. ඔයාට නිවන් සුව සොහොයුරිය! (නි)
මේ පාර හොඳට බලන්න. මිනිසුන්ට යන්න ඉඩක් තියලා නැහැ. පහුගිය කාලේ කරපු පාරවල් ඔක්කොම එහෙමමයි. පාර කාර්පට් කරලා එහෙමම තියනවා. අයිනෙන් වාහනයකට තියා මිනිහෙකුටවත් යන්න බැහැ. පාරක් වුණාම කාර්පට් විතරක් මදි, පදිකයින්ට සහ හැමෝටම ආරක්ෂාව තිබිය යුතුයි. අපි වාහන එළවන නිසා දන්නවා කොතරම් අමාරුවෙන්ද මිනිස්සුත් බේරාගෙන වාහනය පදවන්නේ කියලා. (නි)
කිසිවෙකුට මෙවන් දුකක් නොමවේවා! (නි)
හද කම්පා කරවන පුවතක්! මේ දෙන්නාගෙ කොච්චර අහිංසක බලාපොරොත්තු තිබෙන්න ඇද්ද? සංසාරෙන් එතෙර වෙන්න නිවන් අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා අපේ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොනතරම් අවබෝධයකින්ද, කරුණාවකින්ද? සංසාරේ කිසිම කලෙක මෙවන් අකල් මරණයකට කිසිවෙකුත් ගොදුරු නොවේවා! (නි)
මේකට ජීවත්වෙලා ඉන්න කෙනාට ගහලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ තවත් පවුලක් අනාථ කරන එක විතරයි. ජනතාවත් පාර මාරු වෙනවිට විමසිලිමත් වෙන්න ඕනෑ. අනෙක මේ රියදුරන්ට රටේ පවතින නීතිය වැඩක් නැහැ. මොකද එයාලා කරන කිසි වරදක් කොහෙවත් සටහන් වෙන්නේ නැහැ. ඒක නිසා මොන වරද කළත් බලපත්‍ර දිගටම වලංගු වෙනවා. රියදුරන්ගේ ක්‍රියාකාරකම් වාර්ෂිකව ඇගයීමකට ලක්කර බලපත්‍ර දීර්ඝ කිරීම හෝ නොකිරීම කළයුතුයි. එවිට ඔවුන් වගකීමෙන් වාහන ධාවනයේ යෙදෙනවා (නි)
මේ රියදුරාට සීනි වැඩියි. ඒ නිසා වාහනය නවත්තගන්න බැරිව යන්න ඇති. (බ)
අනතුර සිදුවන වෙලාවේ රියදුරා හිටි තත්වය ඔහුගේ ඇදුමෙන්ම පේනවා.කිසිම සමාවක් දෙන්න ඕනේ නැහැ.(කෞ)
මමත් දහම්ගේ අදහස සමග එකඟයි. (ර)
වරදකාගේ උනත් රියදුරාට වගකීම වැඩි. විශේෂයෙන් බර වාහන, පොදු ප්‍රවාහන සේවා රිය පැදවීම ඉතා අවීනීතයි. මොවුන්ට දැඩි නිති ක්‍රියාත්මක කලයුතුයි. බස් වැනි පොදු ප්‍රවාහන සේවා වලට වගකීම වැඩී එනම් රථයෙ ඇතුලත ඇති මගීන් වගේම පදිකයන් ගැන, නමුත් මොවුන් තමයි මග මරුවො. (කෞ)
අමර දහම කියන්නේ නීතියක් නැතිව හැගීම් ආ පලියට කාට හරි තඩිබාන එක ද? සංයමයකින් අවස්ථාවට මුහුණ දෙන එක ද? රියදුරා නිදහස් වෙන්නේ බොහෝ විට සාක්ෂි විනාශ කරන මේ මෝඩයෝ ඔය දැගලුවට නඩුවට ඇසින් දුටු සාක්ෂිය උසාවියට ගිහින් කියන්නේ නැතිව මග අරිනවා. (කෞ)
බොහොම ඛේදජනක සිදුවීමක් (නි)
මෙව්වා ඔක්කොම සංසාරේ පරණ ගනුදෙනු... ඒ අය ඒ අයගේ ගනු දෙනු පියව ගත්තා.. මෙව්වාට අප්පුඩි ගහලා මාත් පව් පුරෝගන්න ඕනා නැහැ. (කෞ)
සරත්, ඔබ වැනි අය ගැන බොහොම කණගාටුයි. දේශපාලනය මෙතනට ගාවාගෙන මෝඩකම පෙන්වා කැකිල්ලේ තීන්දුවක් දෙනවා. සිද්ධිය නොදැන කතාකිරීම අනුවණ ක්‍රියාවක්. (නි)
එතකොට දහම් කියන්නේ රියදුරාට දඬුවම් දෙන්න නොවෙයි, රියදුරාට ගහපු අයට දඬුවම් දෙන්නද? නියම කැකිල්ලේ තීන්දුව. (නි)
මගේ ඇස් දෙකටත් කඳුළු ආවා (නි)
ඔහුට මොනතරම් නම් දුක්ගින්දරක් ඇද්ද? හරිම කණගාටුයි අපිටත් (නි)
සමහරු පණ්ඩිතකම් දොඩවනවා. තමන්ගේ කිට්ටුම කෙනෙකුට මේ වගේ දෙයක් වුණාම තේරෙයි. සමහරු නීතිය ගැන කතාකරනවා, අද පාරට බැස්සොත් පොලිසියට පුළුවන් ලයිසන් නැති ඩ්‍රයිවර්ලා දහස් ගණනක් අල්ලාගන්න. ඒ තරමට මාර්ග නීති උල්ලංඝනය වෙනවා. දියුණු රටවල තිබෙන දේවල් උදාහරණ විදියට දක්වා වැඩක් නැහැ. (නි)
විපතටපත් අයට මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර මෙම රියදුරුට පහරදීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා. වනචාරි සහ අශීලාචාර සමාජයක පමණක්ම සිද්ධවෙන මෙවැනි කාරණා අපේ රටේ මිනිසුන්ට නොගැළපෙන බව ඉඳුරාම කිවයුතුයි. ආවේගශීලී හැඟීම් නිසා විපත් තවත් වැඩිවීම මිස අඩුවීමක් නොවෙන අතර, නීතිය බල්ලාට දමා, කැලේ නීතිය පෙරට ඒම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුන දෙයක්. පොලීසියක් සහ උසාවි පවතින්නේ දෙපාර්ශවයම ආරක්ෂා කිරීමට බව මිනිසුන් දැනුවත් කළයුතුයි. රියදුරෙක් හිතාමතා කෙනෙක් යටකර මරා දමන්නේ නොමැති බව මගේ විශ්වාසයයි. (නි)
හරිම සංවේදී සිදුවීමක් (නි)
කෙනෙක් වරදක් කළා කියලා ඔහුට පහරදෙන්න තව කෙනෙකුට කිසිම අයිතියක් නැහැ. අපිට මේ පුද්ගලයාගේ දුක තේරුම්ගන්න පුළුවන්. නමුත් දෛවය කාටත් පොදුයි (නි)
වරද රියදුරුටවත් ගැබිණි මවටවත් පොලිසියටවත් පවරා ගැළවීමට බැහැ. මාර්ග නීති සකස්කරන්නන්, මාර්ග සංඥා පුවරු නිසිලෙස සවිනොකළ ප්‍රවාහන ඉංජිනේරුවන්, රියදුරු බලපත් ලබාදීමේ ක්‍රමවේදය සකස්කරන්නන්, මිනිසුන්ට මාර්ග හරහා මාරුවීමේදී පිළිපැදියයුතු ක්‍රියාදාමය පිළිබඳව නිසි දැනුවත්වීමක් නොකරන පාසල් පාඨමාලා සකස්කරන්නන් මෙන්ම මාධ්‍යයද වගකිව යුතුයි. (නි)
සරත්ගේ ඇස් පෙනීමේ දුර්වලකමක් තියනවා වගේ. (බ)
රියදුරුට ගහපු එක හරියි කියන්නේ විචාර බුද්ධියක් නැති හැගීම් වලට වහල් වුනු අය. මේකෙන් පෙන්නුම් කරන්නේ සමාජේ තියෙන නොහික්මුණු මෝඩ හැසිරීම. වැරැද්ද කාගේද කියලා බලන්නේ නැහැ. වාහන අනතුරක් වුනොත් රියදුරාට ගහනවා. (ර)
මිනිස්සු බලෙන් ඇවිල්ල වාහනවල ආසාවට හැප්පෙන්නේ නෑ. රියදුරෝ දැනගත යුතුයි පරිස්සමින් වාහන පදවන්න. අනික වාහනේක තිරිංග කියල දෙයක් තියෙන්නේ මොකටද එහෙනම්. අධික වේගය මරු..! කැඳවයි කියලා නෑනේ දැන් (කෞ)
සුමිත්‍ර බස්නායක සමඟ මමත් එකඟයි. වෙන කරන්න දෙයක් මටත් පෙනෙන්නේ නැහැ (නි)
කරුණාකර ලංකාවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ප්‍රමාණය අඩුවෙන ලෙස නීති ගෙනෙන්න (නි)
කින් බෙනට් මහත්තයට ලොකු ලොකු වාහන ඇති, නැතිනම් රවී මහත්තයාගේ ඥාතියෙක් වෙන්න ඇති. (කෞ)
අපේ රටේ රිය අනතුරු වලින් මියගිය ගණන අවුරුදු 30ක යුද්ධයෙන් මියගිය ගණනට වඩා වැඩියි. මාර්ගයේ විනය ඇති කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට පිකටිං කරනවා, පොලිසියට බනිනවා. මේ මරණවලට වගකිවයුත්තේ දේශපාලඥයින් විතරක් නොවේ, විනයක් නැතුව රිය පදවන, නීතිය ක්‍රියාත්මක කරනවාට අකමැති සියලු දෙනාමයි. (නි)
ඔය වාහනේට ගහන කී දෙනෙක් උසාවියේ ඇවිල්ලා සාක්කි දෙනවද රියදුරාට විරුද්ධව? අන්තිමට තිබෙන සාක්ෂි ටිකත් විනාශ කරලා පැත්තකට වෙලා ඉන්නවා. සාක්ෂි නැති නිසා උසාවියෙන් රියදුරු නිදහස් වෙනවා, ෆිනෑන්ස් එකෙන් අලාබය හම්බ වෙනවා. ඉතින් උසාවියට බනිනවා. කව්ද දන්නේ වැරැද්ද පදිකයාගෙද කියලා. උසාවියේ දේ උසාවියට කරන්න දීලා පාරේ ඉන්න චණ්ඩි පැත්තකට වෙලා ඉන්න ඕනෑ. (නි)
පුදුම මිනිසුනේ ඔයාලා. එතන ජීවිත දෙකක් නැති කරලා. අර සැමියාගේ ජීවිතෙත් ඉවරයි. එයාගේ බලාපොරොත්තු ඔක්කොම විනාශ වෙලා. ඒ ආදරේ වෙනුවෙන් මියගිය බිරිය බදාගෙන අඬන වෙලාවක රියදුරුට මල් පහන් තියලා දුං අල්ලන්නද කියන්නේ? ඔහොම ගහපු එක හොඳයි. ඒ නිසා අනිත් රියදුරෝ හරි පරිස්සමින් වාහන පදවයි. නැද්ද මං අහන්නේ? (නි)
ගොඩක් අය පාරේ යන්නේ වෙන කල්පනාවකින්. ඒ වගේම ලොරි රියදුරන් සමහරුන්ගේ වේගය වැඩියි. සමහරු අලුත් ලයිසන් එක ගත්ත ගමන් පළපුරුදු රියදුරෙක් වගේ වේගයෙන් යනවා. වාහනය පාලනය කරගන්න බැහැ. අනික නීතිය අතටගෙන රියදුරුට පහරදීම වැරදියි. පොලිසිය මෙයට වහාම පියවරක් ගතයුතුයි. හරිම නින්දිත පහත් විදියට රියදුරුට ගහන්නේ. වාහනය පාරෙන් අනිත් පැත්තේ තියෙන්නේ ඔහු අනතුර වළක්වා ගැනීමට ගත් උත්සාහය නිසා නේද? (නි)
දහම්, මම රැකියාවෙන් රියදුරෙක් නෙමෙයි. මැදපෙරදිග රටවල් දෙකක බස් රථ රියදුරෙකු වශයෙන් සේවය කර තිබෙනවා. ලංකාවේ රියදුරන් පැදවිය නොහැකි බව කියන වාහන පදවා තිබෙනවා. රියදුරෙකු තම වාහනය කල්පනාකාරීව පදවන්නේ නම් අනතුරක් සිදුවන්නේ නැහැ. මෙවැනි අවස්ථා වලදී රියදුරාට පහරදීම ස්වාභාවිකයි. නමුත් රථයට අලාභහානි කිරීම හොඳ නැහැ. (නි)