IMG-LOGO

ලොරියක් තරම් ගල් කුට්ටියක් ලොරියට වැටේ

වැලිපැන්නේ ගල්කොරියක  ලොරියක් මතට  ලොරියකටත් වඩා ලොකු ගල් කුට්ටියක් වැටී රියදුරා මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබු බව වැලිපැන්න පොලීසිය කියයි.

 

 

 



අදහස් (0)

ලොරියක් තරම් ගල් කුට්ටියක් ලොරියට වැටේ

නිලන්ති Tuesday, 06 May 2014 05:01 PM

අනේ මන්දා අපේ රටට මොනවා වෙලාද කියලා. මිය ගිය පුද්ගලයට නිවන් සුව.තුවාල ලැබූ අයට ඉක්මන් සුව පතමි. (ස)

:       0       0

හේමන්ත Tuesday, 06 May 2014 05:24 PM

පරිසරයට කරන හානි වල සීමාවක් නැහැ. පවු, මේ අසරණයෝ මොනවා කරන්නද? දරුමල්ලන් වෙනුවෙන් දහසක් දුක් විඳ, ඒ මදිවට මහත් වේදනා විද නොකල්හි මිය යනවා. (නි)

:       0       0

තල්දුවේ සෝම Tuesday, 06 May 2014 05:27 PM

සියලුම විපත් දුක් කරදර ජනාතාවට අත්වෙන්නේත්, ස්වාභාව ධර්මයත් රටට එරෙහි වන්නේ ඇයි? අනේ මන්දා! (නි)

:       0       0

සුරාජ් Tuesday, 06 May 2014 05:54 PM

පුදුම දේවල්නේ සිංහලයන්ට වෙන්නේ (නි)

:       0       0

ඩිංගිරි සාජා Tuesday, 06 May 2014 06:07 PM

කණ කැස්බෑවා විය සිදුරෙන් බලනවා වාගේ අහම්බෙන් වෙන අනතුරක් මේක. නිවන් සැප ලැබේවා! මතු උපදින ආත්ම වලදී මෙවන් විපත් නැවත නොවේවා ඔබට! (නි)

:       0       0

පද්මසිරි Wednesday, 07 May 2014 08:26 AM

අපේ රටේ මෙවැනි අනතුරු සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. අනතුරක් සිදුවූ පසු මොන දේ කළත් පලක් නොමැත. සියලුම වැඩබිම් හා රැකියා ස්ථාන වලට ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කළයුතුය. ඒ සියලුම ස්ථාන ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරනවද සොයා බැලීම සදහා පුහුණුවලත් අත්දැකීම් සහිත රජයේ නිලධාරීන් පත්කළ යුතුය. එවැනි ක්‍රමවේදයක් ආරම්භ කිරීමෙන් මෙවැනි අනතුරු අවම කරගත හැක. (නි)

:       0       0

දයා Tuesday, 06 May 2014 07:17 PM

මම නම් සිතන්නේ මේවා පෙර කරුම හෝ සැබැවින් කළ පව් වෙන්න ඇති. ඔය තවත් කෙනෙකුට ගින්දර දීලා කොඩිවින. හූනියම්. දූෂණ, වංචා, හොරකම් කරලා ජීවත් වෙන අය මේවා සිතට ගන්න. (නි)

:       0       0

ජගත් සෞදි Tuesday, 06 May 2014 07:35 PM

දකිනකොටත් ඇඟ හිරිවැටෙනවා (නි)

:       0       0

ජගත් සෞදි Tuesday, 06 May 2014 07:35 PM

අපි දකින්නේ මේ ආත්මය පමණකි. අපි නොදන්නා කොච්චර අාත්ම ඇතිද මෙවැනි සිදුවීම් සිදුවූණ? එම නිසා මිනිසුනේ පුළුවන් තරම් පින් කරන්න. බුදුන් වහන්සේ නොයෙකුත් දේශනා වල පෙන්වා දුන්නේ ප්‍රාණඝාතය අකල් මරණයකට හේතුපාදන බවයි (නි)

:       0       0

මැක්ස් Wednesday, 07 May 2014 09:22 AM

සනත් :- මිසදිටුවාට කොහොමත් යලි මිනිස් ආත්මයක් නැහැ. ඒ නිසා ඔබ ඒ ගැන සිතන්න එපා.(නදී)

:       0       0

නවීන් Tuesday, 06 May 2014 08:23 PM

හරිම කණගාටුදායක සිදුවීමක් (නි)

:       0       0

මෙවන් Tuesday, 06 May 2014 08:23 PM

හරිම අවාසනාවන්ත මරණයක්. පවුලක් නඩත්තු කළා නම් ඒ දරු පවුලත් ඉතා අසරණ වෙනවා. මියගිය ඇත්තට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 May 2014 09:36 AM

මේ දවස් ටිකේ ඇදහැළුණු වරුසාවෙන් ගල් සහ පස් බුරුල් වෙන්ට ඇති. ගල් කොරියේ වැඩ කරන අය පොඩ්ඩක් මේවා ගැන විමසිලිමත් නොවුනා වත්දෝ. ඔහු ගියේ රැකියාවට නොසිතු විදියකට අත් වුනේ මරණය. මිය ගිය රියදුරාට නිවන් සුව පතමි !(නදී)

:       0       0

ජයවර්ධන Wednesday, 07 May 2014 09:46 AM

සොබා දහමේ විපත් එන්න එන්නම දරුණු වෙලා. නියගය, ගංවතුර, ඒ මදිවට මිනිස්සුත් නැතිවෙනවා. මේ පුද්ගලයගෙ දරු මල්ලන්ට දැන් ඉතින් අසරණ වෙනවනෙ. නිවන් සුව පතමි. (ස)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 06 May 2014 08:38 PM

අනේ දෙවියනේ! මේ මොන කරුමයක් පටිසන් දීලද? හතුරෙකුටවත් මේ වගේ වෙන්න එපා (නි)

:       0       0

තුෂාරිකා Wednesday, 07 May 2014 09:55 AM

මේ දවස් වල මාර්ග වල ගමන් කරද්දී පරිස්සම් වෙන්න. විශේෂයෙන් කදු සහිත මාර්ග වලදි. මිය ගිය පුද්ගලයාට නිවන් සුව! (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 07 May 2014 11:14 AM

මේවා වෙන්නේ පෙරකළ කරුමයකටවත්,අහම්බයකටවත් නෙවෙයි නොසැලකිල්ල හා නොදැනුවත්කම නිසයි. අපේ රටේ කර්මාන්තශාලා හා වැඩබිම් අනතුරු වලක්වගන්න්න දක්වන සැලකිල්ල හා උනන්දුව බොහොම අඩුයි ඒ ගැන කම්කරු අමාන්ත්‍යංශයෙන් ඇහුවොත් නම් බොහොම ගාම්ම්බීර ප්‍රකාශන කියනවා. ඒත් ප්‍රායෝගික වැඩ පිලිවෙලක් නම් පේන්න නැහැ.(නදී)

:       0       0

සුබේ Tuesday, 06 May 2014 11:17 PM

පව් මේ අසරණ මනුස්සය..ඔබට නිවන් සුව.. සොබාදහමට විරුද්ධ වීම...(ස)

:       0       0

හේමක Tuesday, 06 May 2014 11:38 PM

කණගාටුදායක සිදුවීමක්! පින්තුර බැලුවම තවත් අනතුරක් වෙන්න පුළුවන් තත්ත්වයක් පේනවා,පහල ඉන්න අයත් පරිස්සම් වෙන්න.(ස)

:       0       0

සනත් ගුනවර්ධණ ස්විස් Tuesday, 06 May 2014 11:47 PM

මොහුගේ පෙර පව නිසා වුන දෙයක් කියා සමහරු පවසනවා . එසේනම් මොහු පව ඉවරවී වෙන කොහේ හෝ ඉපිද දැන් සුර සැප ලබනවා වෙන්නට පුළුවන් . මනස්ගාත !!!!! (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 07 May 2014 12:07 AM

වාහනේ විනාශ වෙලා තියෙන විදිහට ජීවිත දෙකක් බේරුනා ඇති.මිය ගිය රියදුරාට නිවන් සුව ලැබේවා.මෙවන් විපතක් කිසි කෙනෙකුට නොම වේවා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 82 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 481 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 252 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site