කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණු 2014 ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරඟාවළියේ ශූරතාවය අඛණ්ඩව හය වන වරටත් දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

ජයග්‍රාහී ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 854 ක් ලබාගත් අතර සත්කාරක කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ලකුණු 677.83 ක් ලබාගනිමින් අනු ශූරතාවයද, ලකුණු 579 ක් ලබාගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල තෙවැනි ස්ථානයටද පත් විය.