අමාත්‍යවරයෙකු වශයෙන් ලියුම් නිකුත් කිරීමට සිදුවීම සමාජ යථාර්ථයක් බව විජිත විජේමුණි සේයිසා ඇමති අද (09) කොළඹ නිදහස් පක්ෂ කාර්යයාලයේ පැවති මාද්‍ය හමුවක දී කීවේය.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිතවතෙකුට කථිකාචාර්ය තනතුරක් ලබා දීම සඳහා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.
විවිධ අවශ්‍යතා සඳහා අමාත්‍යවරුන් මුණ ගැසීමට පැමිණෙන ඡන්ද දායකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනූව ලියුම් ලබා නොදුනහොත් ඔවුන් තමන්ට දොෂාරෝපණ කරන බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන යථාර්ථ වෙනස් කරලා සාධාරන සමාජයක් ඇති කරන්න තමයි ජනතාව ආණ්ඩුව මාරු කෙරුවේ. (කෞ)
සෙනරත් පක්ෂ පාට බේද වලින් වැඩක් නැහැ.ඉස්සරවෙලා මනුෂයෙකුට කතා කරන්න ඉගෙනගන්න (බ)
වරදක් නොවෙන්නේ කොහොමද සම්මුඛ පරික්ෂණේට අැගිලිගහද්දී. ලියුමක් දෙන්නේ අහවල් එකටද බලපෑමක් නොවේනම්. ඉස්කෝලේ දෙකේ පන්තියේ ළමයෙක්ට තේරෙනවා එ්ක.ඕක දෙන්න ළමයෙක්ට ඇමතිතුමා...(බ)
නොදක්කනම් දැන් බලාගන්න නිල් අලි කියන්නේ මේගොල්ලන්ටය (බ)
එ්ක මාර කතාවක්නේ. ඔය විදිහට මෙයා ළගට එන මිනිස්සු කිව්වා කියල ඕනෑම ජරා වැඩක් කරාවී. (බ)
ඔය කියන "සමාජ යථාර්ථය", "සුදුස්සාට සුදුසු තැන" නිර්ණය අනුගමනය කරන සමාජවල නැහැ. (නි)
දේශපාලකයෝ වැරදි කරන්නේ නැහැනේ (නි)
අනේ මහත්තයෝ මටත් කැලේ සත්තු දෙන්නෙක් මරා ගන්න ලියුමක් දෙනවද පොලොසියට දෙන්න.(හේ)
අප්පච්චි මියගියා. දැන් ඕනෑ කෙනෙකුට කඩේ යනවා. මෙහෙමත් මිනිස්සු! (නි)
මේ වගේ අයට මිනිස්සු ඡන්දෙ දුන්නේ නැතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවනේ. (නි)
විජේ මහත්තයටත් ලියුමක් ඕනිවෙලා වගේ නැත්නම් සෙනරත් කීව කතාව වැරැද්දක් නෑ (බ)
සෙනරත් ඔබගේ කතාව නියමයි. මෙයාලා ගැන කියන්න වචන නෑ. (බ)
අපිටත් ලියුමක් ගන්න බැරි වෙයිද?(හේ)
දේශපාලනික බලපෑම් පත්වීම් දීමේදී සිදුකිරීම බරපතල වරදකි. මීට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක තේරෙන්නේ නැති අයට ඡන්දේ දුන්නේ කවුද දන්නේ නැහැ. (නි)
දැන් මේ අයගෙන් ලියුමක් ගත්තා නම් ජොබ් එක අතේ.(හේ)
හැබෑ නේන්නම්! ඇමති උතුමන් මොනවා කළත් වරදක් නැහැ තමයි. (නි)
ලියුම් දීම විතරක් නොවෙයි. ඔයාලා මොනවා කළත් වරදක් නැහැ. වරද අපි ඔයාලව ඔතනට පත් නොකළත් එවන අය තමයි. (නි)
සෙනරත්, ඔබ හරි. ඔබේ භාෂාවත් හරි. කියන එක මූහුණ හරහා වදින්නම කියන්න ඕනෑ. මේවාට උත්තර දීම ඔලුව අතගගා කරන්න පුළුවන් ඒවා නොවෙයි. (නි)
එහෙනම් විභාග තියන්න අවශ්‍ය නැහැනේ (නි)
“හිතවතෙකුට කථිකාචාර්ය තනතුරක් ලබාදීම සඳහා නිකුත් කළ ලිපිය “ එහෙම කථිකාචාර්ය තනතුරු ලබාදුන්නම රටට යන කල මොකක්ද? සම්මුඛ පරික්ෂණයට ගිහින් පාස් වුණොත් තමයි ඒ වගේ තනතුරු ගන්න පුවළුන්. (නි)
අනේ මෙහෙමත් කතා හැබෑට! (නි)
රොෂාන්, සෙනරත්, ඔයවගේ මිනිසුන්ට දෙන්න ඕනෑ විදිහට දීලා තිබෙන්නේ. තව පුළුවන් නම් එ්කටත් මම කැමතියි. (නි)
විජේ,රොෂාන් ඔහෙලා හරි වැදගත් අය. කවුරුහරි කාට හෝ නරක විදිහට කතා කරනකොට හිත රිදෙනවා. (නි)
පැරදුන අයට පසුව ඇමතිකම් දුන්නටත් කමක් නැද්ද? (නි)
අනේ මෙහෙමත් දේශපාලකයෝ? (නි)
මෙතුමාට අධ්‍යාපන ඇමතිකමනේ දෙන්න තිබුණේ (නි)
ලියුම් දීමේ කිසිම වරදක් නැහැ. හැබැයි, මොන වගේ ලියුමක්ද දෙන්නේ කියන එකයි ප්‍රශ්නය. වරායෙන් කුඩු කන්ටේනර් නිදහස් කිරීමට, තම හිතවතුන්ට රැකියා ලබා දෙන ලෙස රජයේ ආයතන වලට බලපෑම් කිරීමට, තම හිතවතුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට වැනිදේට ලියුම් දීම වැරදියි. (නි)
රොෂාන්, සෙනරත් එයාගේ සමාජ තරාතිරමේ හැටියට අදහස් පළකළා. (නි)
මේ මහත්තයා ගැන මොණරාගල ඉන්න අපි නොදන්නවායැ. ලැජ්ජයි. (නි)
අනේ රොෂාන් දැක්කේ නැද්ද කිරිඇල්ල ඇමති මාධයවේදියාට කතා කරපු හැටි? අගමැති පාර්ලිමේන්තුවේ කතා කරපු හැටි? අනේ මන්ද (කෞ)
දෙන්නෙක්ම ලියල තියෙන්නේ කතා කරන්න ඉගෙන ගන්න කියල එක කියන්න ඕනේ ලොක්කටයි ගෝලයෝ සෙට් එකටයි දියවන්නාවේ ඉන්න, ඉස්සෙල්ලාම. ඒගොල්ලෝ හරහට යනකොට මහජනයා කොහොමද කෙලින් යන්නේ. (කෞ)
ඕනෙම ගොනෙකුට කඩේ යන්න පුළුවන්...(බ)
විජේ,රොෂාන්, වැදගත් කමක් නැති අයට කතා කළ යුත්තේ සෙනරත් කියන විදියට තමයි.හරකට හරකා නොකියා හරක් මහත්තය කියනවද? (බ)
ලියුම් දීම වරදක් නෑ කියමු. එත් ඔබතුමාලා යූඑන්පී එකට කඩේ යාම නම් කැතයි හොඳේ ?(කෞ)
අද රටේ ජනතාව නොයෙකුත් ආයතනවල සිද්දවෙන දේවල් ගැන දන්නේ ඉතාම අඩුවෙන්. පැපරාසි සේවයක් තියෙනවනම් හොදයි කියල මට හිතෙන්නේ ආණ්ඩුවෙන් පඩි ලබන මිනිස්සු බොහෝ දෙනෙක් කරන දේ අහම්බෙන් දකින නිසා. (ම)
සෙනරත්ගේ භාෂාව හරි. මේ වගේ අය අමතන්න ඕනෑ මෙහෙම තමයි (නි)
ලංකාව ආර්ථික , සමාජීය වශයෙන් දිගටම පිරිහෙමින් පවතින්නේ මෙවැනි දේශපාලකයන් සහ ඔවුන්ගේ අදහස් නිසාය , කණගාටුවට කාරණය පසුගිය ආණ්ඩුවේ සිටි මෙවැනි දේශපාලකයන් යහපාලන ආණ්ඩුවටද ගොඩවී ඔවුන්ගේ වැරදි සාධාරණිය කරමින් දිගින් දිගටම පරණ ක්‍රමයටම ඉදිරියට යන එකය , මේවා දකින තරුණයන් ඔරුවක කොල්ලෑවක හෝ එල්ලී ඔස්ට්‍රේලියාවට හෝ වෙනයම් රටකට පැනයාම් ඉදිරියේදී සුලභ වියහැක , ජනාධිපති තුමනි ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මොවුන් ආණ්ඩුවට ගැනීම ඔබවිසින් කරන ලද විශාල වරදකි (බ)
බලන්නකෝ එයාලා ගිය උඩ (නි)
එහෙනම් ඔය රජයේ තනතුරු වලට පවත්වන විභාග, සම්මුඛ සාකච්ඡා ඔක්කොම නවත්වලා ඒ රැකියාවල් සඳහා ඇමතිතුමාගෙන් ලියුමක් අරන් ආවහම ඇති කියන ක්‍රමය අපි ගෙනෙමු. එතකොට ඔය පත්වෙන 225 දෙනාට තවත් ඉහළින් මේ රටේ සෙල්ලම් කරන්න පුළුවන් (නි)
අමර, ඔයා හරි. වෙන විදියක් නැහැ මෙයාලට කතාකරන්න (නි)
අප්පච්චි මැරුණා වුණාට මල්ශාලාවේ කට්ටිය එම්බාම් එක දීලා තියෙන්නේ මෙතුමාටනේ (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මෙහෙම දේශපාලනය කරන අය සිටිනතාක් රටට අබ සරණයි! (නි)
අනේ යන්න රොෂාන් වැදී බණ කියන්නේ නැතුව. ඔය වගේ අයට ඔහොම නැතුව කොහොමද කතාකරන්නේ? (නි)
මූ දැන් පුළුවන් තරම් රෙදි හෝදන එක කරන්නේ.. මුගේ සංහතියම ලැජ්ජාවක් නැති අය .අපි දන්නවනේ සහෝදරයෝ ටික ඉන්නේ අපේ අවිස්සවෙල්ලෙනේ.මම කිවේ මේ 'අප්පච්චි මලෝ' ගැන.(අ)
ඇමතිවරු ටිකක් හොරකම් කරාටත් කමක් නැහැ, ඒකත් සමාජ යථාර්තයක්. (අ)
මෝඩ කමට බේත් නැනේ (අ)
අප්පොච්චියේ.......ස්තුතියි කිරිඇල්ල ඇමති වෙනුවෙන් කතා කළාට. (අ)
ඇත්තටම මොහු කතා කරන්නේ කටින්ද කියලත් හිතෙනවා. පාට බේදයක් නැතුව කියන්නේ, හැරෙන හැරෙන පැත්තට කතා කරන විදිය දැක්කහම හරිම පිළිකුලක් දැනෙන්නේ. (නි)
ඕනෑම අයෙක්ට ඕනෑම අයෙක්ව සාධාරණීය කරන්න පුළුවන් බව කිරිඇල්ල කිව්වේ නැත්ද.(කෞ)
මට පෙනෙන්නේ සෙනරත් මහත්තයත් තවත් කාගේදෝ රෙදි හෝදන්න පටන් අරගෙන වගේ, භාෂාව ටිකක් සංවර උනානම් හොඳයි(කෞ)