එබෝලා පැතිරිමෙන් තිබෙන ලයිබීරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉක්මණින් යළි ගෙන්වාගැනීමට සැළසුම් කැර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
දැනට ලාංකියන් 200ක පමණ පිරිසක් ලයිබිරියාවේ සේවය කරන බවත් ඉදිරියේ දී මෙරට වැසියන් ලයිබීරියාවට රැකියා සඳහා යාම වළක්වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔවුන් ගෙන්වාගන්නේ මෙරට සිටින ඥාතීන්ගේ මාර්ගයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව හොදින් පරික්ෂා කරන්න ගුවන් තොටේදීම මේ සඳහා කඩි නම් ක්‍රියා මාර්ග ගන්න අපේ අසල්වැසි ඉන්දියාව ඒ සදහා දැනටම විදි විදාන යොදා ඇත.(නදී)
ලයිබීරියා කියන්නේ අප්‍රිකාවේ තියෙන ඉතාම දුප්පත් රාජ්‍යයක් නේද? අපේ අය මොන එහෙකට ඔවැනි රටවලට යනවද මන්දා..... (නි)
කාටවත් කරදරයක් නම් වෙන්න එපා (නි)
පිටරට සිටින සියලු දෙනාටම කියන්න ටිඑන්නේ අනවශ්‍ය වියදම් නොකර අනාගතය වෙනුවෙන් යමක් ඉතිරිකරගන්න කියලයි. ඔබ සැමට බුදු සරණයි! (නි)
දැනට කොහෙහරි වැඩිදුර පරික්ෂාවට රඳවා තබා පසුව නිවෙස් වලට ගමුද? අපිට දැන් අඩුවෙලා තියෙන්නේ මෙහෙම ලෙඩක් විතරයි. (නි)
ඔවුන් ගෙන්වන්නේ රජයේ වියදමින් නොවේද? (නි)
මේ රෝගය ගැන මින්පෙර මම අසා නොතිබුණෙමි (නි)
දුක් මහන්සියෙන් රට රටවලට ගිහින් එහෙදිත් කරුම වලට මුහුණ පානවා. (නදී)
ඒ අයව ගෙන්න ගන්න එක නම් හොඳයි.නමුත් ප්‍රශ්නය ඔවුන් තුල එම වෛරසය තිබුනොත්?..(අ)
ඒ රටේ ඉදන් එන කෙනෙක් ලග මේ ලෙඩේ තිබුනොත් මොකද කරන්නේ ? (නදී)
ඔය විදේශ සේවා නියුක්ති කාර්යඅංශය රට යන්ට කලින් රු 11,000 ක් ගන්නේ ඇයි? (නදී)
ඔවුන්ව කෙලින්ම ලංකාවට ගෙනෙන්න එපා.මාසයකට ඉන්දියාවේ තියලා ලංකාවට ගෙනෙන්න.ඒ අයට වෛරස් තිබුනොත් ඉන්දියාව සමග බෙදා හදා ගනිමු.(අ)
ආ... මේ විදේශ රැකියා කාර්යාංශයෙන් ගෙන්නවා ගන්නවා කිව්වට අන්තිම කෑල්ල කියවපුවහමනේ තේරුනේ. මෙරට සිටින ඥාතීන් තමයි සල්ලි වියදම් කරලා එයාලගේ නෑයන්ව ගෙන්නගන්නේ. කර්යංශයෙන් කරන්නේ රැකියා සඳහා යාම වලක්වන එකයි. (අ)
ආපසු මේ රටට පැමිණීමේදී මේගොල්ලන්ව විදිමත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන වද? මට මතකයි වරක් ඉන්දියාවේ බෝවෙන සෙම් රෝගයක් තිබියදී වන්දනාවේ ගොස් ආපසු පැමිණි අපේ කණ්ඩායමට කිසිවක් විමසා නොබලා යන්න දීපු හැටි. (නදී)