එබෝලා පැතිරිමෙන් තිබෙන ලයිබීරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉක්මණින් යළි ගෙන්වාගැනීමට සැළසුම් කැර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
දැනට ලාංකියන් 200ක පමණ පිරිසක් ලයිබිරියාවේ සේවය කරන බවත් ඉදිරියේ දී මෙරට වැසියන් ලයිබීරියාවට රැකියා සඳහා යාම වළක්වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔවුන් ගෙන්වාගන්නේ මෙරට සිටින ඥාතීන්ගේ මාර්ගයෙනි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලයිබීරියා ගමන නවතයි
ලක්මාල් Sunday, 10 August 2014 06:45 AM
මේ අයව හොදින් පරික්ෂා කරන්න ගුවන් තොටේදීම මේ සඳහා කඩි නම් ක්‍රියා මාර්ග ගන්න අපේ අසල්වැසි ඉන්දියාව ඒ සදහා දැනටම විදි විදාන යොදා ඇත.(නදී)
විමලා Saturday, 09 August 2014 08:19 PM
ලයිබීරියා කියන්නේ අප්‍රිකාවේ තියෙන ඉතාම දුප්පත් රාජ්‍යයක් නේද? අපේ අය මොන එහෙකට ඔවැනි රටවලට යනවද මන්දා..... (නි)
හෂාන් Saturday, 09 August 2014 10:48 PM
කාටවත් කරදරයක් නම් වෙන්න එපා (නි)
ප්‍රියකුමාර Saturday, 09 August 2014 10:47 PM
පිටරට සිටින සියලු දෙනාටම කියන්න ටිඑන්නේ අනවශ්‍ය වියදම් නොකර අනාගතය වෙනුවෙන් යමක් ඉතිරිකරගන්න කියලයි. ඔබ සැමට බුදු සරණයි! (නි)
ජෙහාන් Saturday, 09 August 2014 11:01 PM
දැනට කොහෙහරි වැඩිදුර පරික්ෂාවට රඳවා තබා පසුව නිවෙස් වලට ගමුද? අපිට දැන් අඩුවෙලා තියෙන්නේ මෙහෙම ලෙඩක් විතරයි. (නි)
කොස්වත්ත Saturday, 09 August 2014 11:39 PM
ඔවුන් ගෙන්වන්නේ රජයේ වියදමින් නොවේද? (නි)
දයාල් Sunday, 10 August 2014 08:13 PM
මේ රෝගය ගැන මින්පෙර මම අසා නොතිබුණෙමි (නි)
ඉසුරන්දි Sunday, 10 August 2014 04:14 AM
දුක් මහන්සියෙන් රට රටවලට ගිහින් එහෙදිත් කරුම වලට මුහුණ පානවා. (නදී)
රේණුක Saturday, 09 August 2014 03:35 PM
ඒ අයව ගෙන්න ගන්න එක නම් හොඳයි.නමුත් ප්‍රශ්නය ඔවුන් තුල එම වෛරසය තිබුනොත්?..(අ)
දිල්ෂාන් කොමසාරු Sunday, 10 August 2014 04:38 AM
ඒ රටේ ඉදන් එන කෙනෙක් ලග මේ ලෙඩේ තිබුනොත් මොකද කරන්නේ ? (නදී)
ගුනේ Sunday, 10 August 2014 04:38 AM
ඔය විදේශ සේවා නියුක්ති කාර්යඅංශය රට යන්ට කලින් රු 11,000 ක් ගන්නේ ඇයි? (නදී)
රන්ජිත් Saturday, 09 August 2014 04:11 PM
ඔවුන්ව කෙලින්ම ලංකාවට ගෙනෙන්න එපා.මාසයකට ඉන්දියාවේ තියලා ලංකාවට ගෙනෙන්න.ඒ අයට වෛරස් තිබුනොත් ඉන්දියාව සමග බෙදා හදා ගනිමු.(අ)
ලලිත් Saturday, 09 August 2014 04:17 PM
ආ... මේ විදේශ රැකියා කාර්යාංශයෙන් ගෙන්නවා ගන්නවා කිව්වට අන්තිම කෑල්ල කියවපුවහමනේ තේරුනේ. මෙරට සිටින ඥාතීන් තමයි සල්ලි වියදම් කරලා එයාලගේ නෑයන්ව ගෙන්නගන්නේ. කර්යංශයෙන් කරන්නේ රැකියා සඳහා යාම වලක්වන එකයි. (අ)
නිමල් ලලිතා Sunday, 10 August 2014 04:47 AM
ආපසු මේ රටට පැමිණීමේදී මේගොල්ලන්ව විදිමත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන වද? මට මතකයි වරක් ඉන්දියාවේ බෝවෙන සෙම් රෝගයක් තිබියදී වන්දනාවේ ගොස් ආපසු පැමිණි අපේ කණ්ඩායමට කිසිවක් විමසා නොබලා යන්න දීපු හැටි. (නදී)