
(තිලකරත්න දිසානායක)
විදුලිය කැපීමේ අදහසක් නැහැ. මැයි මාසය වන තෙක් ඉන්ධන තොග පවතිනවා. අනවශ්‍ය අයුරින් තෙල් තොග රැස් කිරීමේ අවශ්‍යතාවයක් ද නැතැයි බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළ අතර තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
"ඉන්ධන පරිභෝජනය පාලනය කිරීමට රජය කටයුතු කරනවා. ඇතැමුන් ඉන්ධන රැස් කිරීමේ තත්ත්වයක් පවතින බැවින් එසේ නොකරන ලෙසට ඉල්ලීමක් කරනවා. ඇතැමුන් ගෙන යන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. සැවොම වගකීමෙන් කටයුතු කරමු යැයි ඉල්ලීමක් කර සිටිනව.
මහා පරිමාණ කර්මාන්ත සදහා අවශ්‍ය ඉන්ධන ලබාදීම කර්මාන්ත අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ලබන අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ධීවර ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයීම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd