බුද්ධගයා මහාවිහාර පරිශ්‍රයට එල්ලවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු ලුම්බිණි පුදබිමට අතිරේක රැකවල් යෙදීමට නේපාල රජය පියවර ගෙන ඇතිබවට වාර්තා වෙයි.
සිදුහත් බෝසතානන් උත්පත්තියලද ලුම්බිණිය දිනපතා ලෝකවාසී බෞද්ධසැදැහැවතුන් දහස් ගණනින් වැඳ පුදා ගන්නා උත්තම පුණ්‍ය භූමියකි. කලින් මෙම පුජස්ථානයට යන එන අය ආරක්ෂක අංශ මඟින් පරීක්ෂාවට ළක්කෙරුනේ නැත. එසේවුවද දැනට එම තත්වයේ සුළු වෙනසක් සිදුකිරීමට සිදුවේ ඇතිබව ලුම්බිණී බළධාරීන් පවසති.
ලුම්බිණි සංවර්ධන පදනම විසින් බුද්ධගයාවේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධව සවිස්තර තොරතුරු ලබාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුව මතුයම් දවසක එවන් අවදානමක් ලුම්බිණි පුදබිමටද ඇතිවීමට ඉඩ ඇතිබවට නිගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලදබව ප්‍රකාශ කර ඇත. මෙම ආරක්ෂා වැඩපිළිවෙල දින නියමයක් නොමැතිව කෙඉයාත්මක කෙරෙන බවත් මින් ඉදිරියට ලුම්බිණී පුඋදබිමට ඇතුල්වන සියලුම දෙනා සහ ඔවුන් රැගෙන එන බඩු බාහිරාදිය දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවද ලුම්බිණී සංවර්ධන පදනම නිකුත්කර ඇති නිවේදනයෙහි දැක්වෙයි.
බෞද්ධයන් විසින් දැක බලා වඳ පුදා ගතයුතු වැදගත්ම ස්ථානයක් ලෙස බුදුන්වහන්සේ පවා දෙසා වදාළ ලුම්බිණිය ලෝක උරුම භූමියක් ලෙසින් යුනෙස්කෝව ප්‍රකාශයට පත්කර ඇත.
සන්නාහ සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවා රාත්‍රියේ ලුම්බිණී පුදබිම රැකවල් ලාම සඳහා දැනට යොදවා ඇත.
නේපාල දේශයට අයත් කපිලවස්තු සහ වෙනත් බෞද්ධ සිද්ධස්ථාන සියල්ල සඳහාද මෙවැනිම උපරිම ආරක්ෂා වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක බව නේපාල රජය පවසයි.
වන්දනා කරුවන්ගේ මෙන්ම මෙම ඇති උත්තම පුදබිම් වල අරාක්ෂාව සඳහා විශේෂ ආරක්ෂා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවත් ලුම්බිණී පුජා භුමිය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහවතුන්හට ඒ මඟින් කිසිදු අනවශ්‍ය අවහිරතාවයකට මුහුණපෑමට සිදුනොවන බවද නේපාල රජය අවධාරණය කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් නේපාලය ඉන්දියාවට වැඩිය හොදයි. (නි)
ඉන්දියාව අපිට යටින් ගින්න පත්තු කරන බව දැන දැනත් අපේ පාලකයන් තවත් අපේ ව්‍යාපෘති ඉන්දියාවටම දෙන එකයි මට තියෙන පුරස්නේ? (නි)
එහෙනම් බුදුහාමුදුරුවෝ උපන්නේ කපිලවස්තුවේ නෙමෙයිද?මා නම් ඉස්කොලේදී ඉගෙනගත්තේ කපිලවස්තුවේ කියලා. මොකද දැන් උපන් ස්ථානයත් මාරු කරලාද?හරියට ජේසුස්ගේ උපත වගෙයි,බෙත්ලෙහෙම්ද,ජෙරුසලේම්ද?මොකක්ද මේකේ තේරුම?මම නම් දන්නේ ලුම්බිණිය පමණි (නි)
ඉන්දියාවත් , නේපාලයත් සිදුහත් කුමරුගේ උත්පත්තියේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා සියලූම සිද්ධස්ථාන වලට දැඩි ආරක්ෂාව අනිවාර්යයෙන්ම සැපයිය යුතුයි. විදේශ සංචාරකයින් වැල නොකැඩී දිනපතා ඇදෙනකොට ලැබෙන විදේශ විනිමය.රටේ නිෂ්පාදන මොනතරම් ඒ අය මිලට ගන්නවාද?සංචාරක කර්මාන්තය අඩාල වීම දෙරටටම බලවත් පාඩුවක් ! (නි)
බුදුන් වහන්සේගේ මේ සිද්ධස්ථාන වල හමුදාව ඉන්නකොට ඒවගේ තියෙන ශාන්ත බවට හානියක්. එහෙම කියලා නිකන් ඉන්නත් බැහැ. සමහර වෙලාවට බුදුන් වහන්සේ ඒ කාලේ මේවා දිවසින් දකින්න ඇති... (නි)
නරකද බුද්දඝයාවයි, ලුම්බිනියයි ලංකාව අයිති කරගත්තොත්. කෝ මේ සේනාව මේ වගේ දේකට උත්සහ කරන්නකෝ.(නදී)
නේපාලය ඉතා හොඳින් ආරක්ෂාව දේවි අනෙක් අයට බැරි උනාට.(නදී)
ඉන්දියාව අසල්වැසි ලොකු අයියා කියමින් ඔවුන් පස්සේ ගියොත් අපිට කවදාවත් ගැලවීමක් නැහැ.එන්න එන්නම ඉන්දියාවේ උගුල්වලට අපි වැඩි වැඩියෙන් අහුවෙනවා.එමනිසා මේ පාරවත් අපි කෙලින් මුහුණදිය යුතුය.පක්ෂ බේදයෙන් තොරව මේ වෙනුවෙන් එකතු විය යුතුය.මින්මතු ඉන්දියාව සමග කිසිම ගිවිසුමකට නොයා යුතුය.ඉන්දියාවේ තරවටු වලට යටත් නොවී මේක අනාගත පරපුරටත් ඉතිරි නොකර ඕනෑම තත්වයකට සුදනම් වෙමු.නිවටයන් නොවෙමු. (නි)
මුලින්ම අපි අපේ පුදබිම් මුස්ලිම් අයගෙන් ආරක්ෂා කරගන්න ඕනෑ.දැක්කනේ ඉන්දියාවේ වෙච්ච දේ.මෙහෙ දැනටමත් මුස්ලිම් අය කුරගල,දෙවනගල,දීගවාපිය,මගුල් මහා විහාරය,පොතුවිල් මුහුදු මහා විහාරය විනාශ කරලා ඉවරයි.තාමත් බලදාරින් තද නින්දේ. (නි)
නිකම් ඉන්න හාල් පාරුවන් මේ ලෝකෙන් තුරන් කල යුතයි. මොන ආගමක උනත් පුජනිය ස්ථානයකට පහර දෙනවා කියන එක හරිම නපුන්සක් ක්‍රියාවක්. මෙවැනි ක්‍රියාවලට සහබාගි වෙන්නේ නුගත්, ජිවිතයේ වටිනාකමක් නැති කොන්ද පණනැති, බියසුලු පහත පෙලෙන් පැවැත එන තිරිසන්නුය.(නදී)
මම හිතන්නේ නැහැ මෙතනට කිසිම ප්‍රශ්නයක් වෙයි කියලා. (නි)