ඉන්දියා මහාබෝධි සමාගමේ ලුම්බිණි විහාරස්ථානයේ කඨිණ පිංකම නොවැම්බර මස 14 සහ 15 දෙදිනේ විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට නියමිතය.

ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ එම මහත්මිය ද, රුහුණ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය ඩැනී අතපත්තු මහතා සහ එම මහත්මිය ද මෙරව කඨින පිංකමේ දායකත්වය දරති.