පාරිභෝජනයට නුසුදුසු පානීය ජලබෝතල් 37000 ක් සහ ජලය පිරවීමට රැගෙනවිත් තිබු හිස් බෝතල් ලක්ෂ පහක් කැළණිය ,දළුගම ප්‍රධාන පෙළේ පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයක තිබී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
මෙම ජලයට භූමි තෙල් මිශ්‍ර වී ඇති බවට තහවුරු කැරගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරිය කියයි.
මේ වතුර පානය කළ තිදෙනකු රෝගාතුර වී ඇති බවද එම සමාගමට එරෙහිව නඩු පවරන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම ප්‍රධාන පෙලේ නම් නිතර තත්ත්ව පරික්ෂා කරන්නේ නැතිව ඇති. දැන් මේ අහු වුනේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලපු වෙලේ කරපු පරීක්ෂාවකින් වෙන්න ඕනා. ඒකට මොකද සුළු පරිමාන ව්‍යාපාර නම් නිතර අහුවෙනවා. බත් කඩේ පරික්ෂාවට යන ගමන් මෙහෙම තැන් වලටත් ඉඳ හිට හෝ කඩා පනින එක ලොකු දෙයක්. (නදී)
අපි නම් දන්නවා ආයතනය මොකක්ද කියලා (නි)
මින් ගතහැකි අාදර්ශය නම්, එස්.එල්.එස්. තිබුණත් නැතත් බෝතල් කළ ජලය පානය නොකරන්න යනුයි. (නි)
අයියෝ අපි මේ වතුර බෝතල් කෙච්චර බීල තියෙනවාද (අ)
ප්ලාස්ටික් දිය වෙනවා වතුරට.ඒකත් නරකයි. තෙලුත් දාලා නම්? අපිව ඉවර කරන්නම තමා මේ හදන්නේ.මේ පාර වැඩි වෙන්න ඇති. ඒකයි අහුවුණේ. බොන්න එපා එක බ්‍රෑන්ඩ් එකක්වත් පැනට ආදරේ නම්.ඒත් ඉතින් බිම වතුරෙත් වහ. පයිප්ප වල ආසනික්. පාලකයෝ මොකද කරන්නේ? සැප වාහන වල යමින් ගහ ගන්නවා. තරුණ මිනිස්සු දේශපාලනේට ඇවිල්ලාවත් අපිව බේරාගන්න. (නි)
මේවාට රජ කාලේ දඬුවම් දෙන්න. අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කරනවාට (අ)
බත්තරමුල්ල කඩේකින් මාත් අරන් බිව්වා. ස්ටිකර් එක දැක්කම කියන්න පුලුවන් මේ ජාතිය තමා. කටට ගද්දිම තෙල් ගතියක් වගේ දැනුණා. එහෙම්ම අයින් කරා. (ස)
බෝතලේ රසායනික ද්‍රව තිබිලා වෙන්නත් පුළුවන් (නි)
මම දන්නා තරමට මේ කොම්පැනි එකට අලුත් ස්ල්ස් තත්ත්ව සහතිකය නිකුත් කරලා නැහැ. (ස)
මේකේ හිමිකරු දේශපාලඥයෙක්ද? නැත්නම් සාමාන්‍ය කෙනෙකුට මේක මෙච්චර ලොකුවට කරන්න අමාරුයි (නි)
ඡායාරූප ටික නම් ගොඩක් හොඳයි (නි)
එන්න එපා පංචිකාවත්තට වතුර අරගෙන, ගහල පන්නනවා. (ස)
මෙම කර්මන්ත ශාලාවට මේ සදහා බලපත්‍ර තිබේද? වෙළදපලට දැනට යවා ඇති ජලය ජනතාව බීමෙන් වලකා ගැනීමට වහාම මෙම වෙළද නාමය පළකරන්න. එය පාරිබෝගික අදිකාරියේ වගකීමකි.(නදී)
අපි නම් දන්නවා නම (නි)
මේ අර අහවල් සමාගමට අයත් වතුර බෝතල් බ්‍රෑන්ඩ් එක නේද...? (නි)
පාරිභෝගිකයා ගැන සිතන අධිකාරියේ නිලධාරීන්ට හා ඇමතිතුමාට ස්තුතියි! (නි)
මිනිසුන්ට වහ දෙනවාට දැඩි දඬුවම් දෙන්න. ආයතනය තහනම් කරන්න (අ)
ඔන්න කොම්පැණි (අ)
කුණු කණුවේ වතුර වෙන්න ඇති. (අ)
භුමිතෙල් කළවම් කළේ ඇයි ?.ඔය වතුරට ඇල්කොහොල් ටිකක් කලවම් කලානම් යස අගේට බිස්නස් එක කරගෙන යන්න තිබුනා .අයි එස් ඕ ප්‍රමිතියත් අනිවාර්යයෙන්ම ඇති .අනේ මගේ රටට ගිය කලක් .(අ)
ඇත්තටම ලංකාවේ බෝතල් වතුර බොන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? ගෙදරින් පිටවෙන කොට පොඩි බෝතලයකට වතුර ටිකක් අරන් ගියාම මුදලුත් ඉතුරුනේ. මේවා පාවිච්චි කරන බහුතරයක් සෝබනේට මිසක් අවශ්‍යතාවයට බෝතල් වතුර බොන්නේ නැහැ. (ස)
මමත් බිව්වා භුමිතෙල් රසයි කවුරුත් මේවා බොන්න එපා (ස)
අලෙවියට ඇති බොහෝ වතුර බෝතල් පරිභෝජනයට සුදුසු දැයි සැක මතුවේ. (ස)
පාරිබෝගිකයන්ට දැන ගැනීම සදහා එම වෙළද නාමයත් පලකරන්න (අ)
අපේ අය ගෙදරින් වතුර බෝතලයක් ගෙනියනවනම් මේ කිසි දෙයක් නෑනෙ. (ස)
මොනවා වුණත් වතුර බෝතල් බොන්න එපා(දිල්)
මවුන්ට් ස්ප්‍රින්ග් .(නදී)
මේ අය වෙනමකින් වෙළඳපොළට ඒවි.(නදී)
ලාම්පුතෙල් පුරවලා තිබිච්ච හිස් බැරල් වලට, කොහේ හරි පයිප්පෙකින් වතුර පුරවාගෙන එන්න ඇති බෝතල් වලට පුරවන්න.(නදී)