වසර හතළිහකකට එපිට සිට කරත්තයෙන් අගනුවර පුරා යමින් භූමිතෙල් බෙදන ඒ . චන්දනම්ගේ වයස අවුරුදු 62 කි. ගොනාගේ වයස අවුරුදු 6 කි
මරදානේ පදිංචි ඔහු දිනපතාම මුළු කොළඹ පුරාම තෙල් බෙදයි.
සුදු ගොනකු බැඳි කරත්තයේ නැඟ උදේ හතට කටයුතු ආරම්භ කරන චන්දනම් සතියේ දින බෙදා වෙන් කරගෙන කොළඹ සෑම මාර්ගයක්ම ආවරණය කරයි
දිනකට තෙල් ලීටර 250ක් අළෙවි කිරන බව ඔහු පවසයි.
ලාම්පුතෙල් උඳුන් භාවිතා කරන කඩවලට සහ ගෙවල්ලවලට චන්දනම් තෙල් විකුණයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දනම් පුංචි කාලේ යාපනේ සිට කොළඹ ආපු කෙනෙක් . (දී)
සතා මියයන තැරු රැක හන්න.මස් කඩයට දෙන්න ඒපා.(අ)
අහිංසක මිනිසෙක් (දිල්)
මේ කරත්තේ දැක්කහම අපේ ළමා කාලේ මතක් වෙනවා.මොන තරම් පොල් තෙල් ,භූමිතෙල් කරත්තද පාරේ, ඒ දවස්වල.(දිල්)
මොහොමඩ්ට දුක ඇත්තේ හරකව මරාගෙන කන්න නැති එක ගැන.(නදී)
නන්දන සමග මාත් ඉන්නවා. ගොනාව හොදින් බලාගන්න. ඔබට ජයම වේවා (අ)
ඉස්සර කලේ මතක් වෙනවා.(නදී)
මේ දෙන්නව මම ඔෆිස් එද්දී දකිනවා. කොම්ම්පන්ඥ විදියේ පල්ලිය ගාව ඉන්නවා. මේ මහත්තයට තවත් ගොන් හාමි කෙනෙක් ඉන්නවා. එයා ටිකක් වයසයි. එයාව වැඩියේ කරත්තෙට බදින්නේ නැ මේ මහත්තයා.(නදී)
අතීතයේ මිනිසුන්ගේ සරල ජීවන රටාව කොතරම් ලස්සනද වර්තමානයේ මිනිසුන් නොමිනිසුන් වෙලා.(නදී)
බූමිතෙල් කරත්තේ කතාව මතක්වුනා.(නදී)
මේ තෙල් කරත්තේ වෙළදාම කරන්නේ චන්දනම්. මට මතකයි අපිට තෙල් බෙදුවේ සුන්දරම්. සතියේ හැම ඉරිදාකම අපේ සිල්ලර කඩේටත් සුන්දරම් තෙල් දානවා. ගැලුමේ කෑන් දෙකෙන් එකක් අරගෙන මමත් කරත්තෙන් කරාමේ ඇරලා ගැලුමට තෙල් පුරවල කඩේ ටැංකියට දානවා. දෙන්නගෙන් වැඩි ගැලුම් ගාන ටැංකියට වක්කරන්නේ මම. (දිල්)
අනේ මටත් අපේ පුංචි කල මතක් වුණා අම්ම අපිටත් කියනව භුමිතෙල් කරත්තෙන් ගෙන්න කියලා , අවරුදු 30 ට කලින් මහෙම තමා තෙල් බෙදුවේ , (දිල්)
අපේ ගමෙත් ඉස්සර මේ භූමිතෙල් කරත්ත තිබුණා. දැන් ළමයි නම් මේවා දන්නේ නැහැ. හුගක් ළමයි බුමිතෙල් දන්නෙත් නැහැ. නුඹට වැඩියෙන් අදායම් ලබේවා! ඊටත් වඩා සිතේ සතුට වැඩි වේවා !(දිල්)
දෙදෙනාටම යහපතක් ම වේවා! (දිල්)
තව තවත් දිරිය ලැබේවා.!!!(දිල්)
කරත්තෙට බැඳලා ඉන්න ගොනා ගැන දුක නැද්ද ?????????? (දී)
මහොමඩ් වගේ තමයි ඉන්න ඕනේ (දී)
දකින්නත් ආසයි, පරිසරයටත් හොඳයි නමුත් පාරවල් අවහිර වෙන එකයි ප්‍රශ්නය. (අ)
මොහොමඩ් ගොනා ගැන දුක් වෙන්නේ ගොනාව වෙනත් ප්‍රයෝජනයකට ගන්න හිත ගෙනද (අ)