IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොම් හැළුණු බල්ලෙක් රෝහලේ ඇඳක් යට

අයාලේ යන බල්ලන්ගෙන් හොරණ නගරයේ පාසල් පන්සල් ආදියට පමණක් නොව රෝහලට ද ප්‍රශ්නයක් වී ඇත. හොරණ රෝහලේ කොරිඩෝවේ ඇඳක් යට ලෝම හැළුණු බල්ලෙක් සිටි. මේ බල්ලා එම ස්ථානය සිය වාසස්ථානය කරගෙන ඇති බව එහි යන එන අය කියති. අක්කර 15ක් පමණ ප්‍රදේශයක විහිදී ඇති රෝහල වටේටම තාප්ප වැනි ආරක්ෂක වැටක් නොමැතිවීම නිසා අයාලේ යන සතුන්ගේ ආක්‍රමණය වළක්වා ගැනීම අපහසු වී ඇත.



අදහස් (0)

ලොම් හැළුණු බල්ලෙක් රෝහලේ ඇඳක් යට

චන්දන Tuesday, 25 March 2014 07:55 AM

බල්ලෙක් රෝහලක කොරිඩෝවේ අැදක් යට හිටියට සමහර අයට කමක් නැත. අසරණ සතෙකුට අනුකම්පා කිරි්‍ම යැයි කියා ඔවුහු ඇග බේරාගනිති. වසංගත රෝග පැතිරීම වැලැක්වීම,ආරක්ෂාව සම්බන්දව සෞඛය සේවයේ යෙදෙන නිලදාරීන්ගේ නොසැලකිලිමත්කම,මහජන සෞක්‍ය ආරක්ෂාව නොසැලකීම යන කරුණු එක්ක බලනකොට මිනිස් ජීවිතය, ඇදයට රිංගලා ඉන්න එක්කෙනා තරම් නොවටිනා බව නම් පැහැදිලියි. (නදී)

:       0       0

මධූ, ප්‍රංශය Tuesday, 25 March 2014 05:42 PM

චාමර, ඔබ හරියටම හරි. ඔබට ජය වේවා! (නි)

:       0       0

පිටිගල Tuesday, 25 March 2014 05:46 PM

ඒත් කරදරකාරී බල්ලන්ව මරන්න කියනකොට සමහරු කෑගහනවානේ. (නි)

:       0       0

සහාන් Monday, 24 March 2014 06:05 PM

තම රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන (අ)

:       0       0

සිරිපාල Tuesday, 25 March 2014 08:57 AM

මේකට අපි කියුබාවෙන් විසදුමක් හොයාගන්න ඕනේ.(නදී)

:       0       0

රංගිකා Monday, 24 March 2014 07:30 PM

මේ අර රත්නසිරි මහත්තයාගේ බල්ලනේ.(නධී)

:       0       0

මනෝජ් Monday, 24 March 2014 07:54 PM

බල්ලෙක් උනත් සතෙක්නෙ කෑම ටිකක් දීල වෙන තැනක ඉන්න හදලා ල දුන්නනම් ඉවරනේ. (නධී)

:       0       0

පසිදු Tuesday, 25 March 2014 09:52 AM

මටත් ඔය කතාව පිළිගන්න පුළුවන්. මාත් හොරණ නිසා. හොරණ අයාලේ යන බල්ලෝ වැඩියි.(නදී)

:       0       0

මාලා Tuesday, 25 March 2014 09:56 AM

බල්ලෝ නිසා හරියට කරදර විදිනවා. සතියකට අනුන්ගේ බල්ලන්ගේ ජරාව 4 ක් 5 ක් උදැල්ලට අරන් විසි කරනවා. පාරේ යන්ඩ බෑ. බල්ලොයි බල්ලන්ගේ ජරාවයි පාර මැද්දේ. රෝන් සයිඩ් දාල ඒවා බේරලා වාහනේ එලවන්න ඕනේ. මුනට වෙන වාහනයක් අවොත් හැප්පෙනවා.(නදී)

:       0       0

කාංචන දිසානායක Monday, 24 March 2014 08:10 PM

බල්ලා ඇවිත් තියෙන්නේ බෙහෙත් ගන්න.(නධී)

:       0       0

සුජානි Monday, 24 March 2014 08:10 PM

අපේ රටේ කොහොමත් ඔහොම තමා. ඒවාට පිලියමක් ගන්නේ නෑ. කොහොමත් රජයේ රෝහල් කිසිම පිළිවෙලක් නෑ. (නදී)

:       0       0

දිලූ Tuesday, 25 March 2014 10:04 AM

ලෙඩ්ඩු වැඩි දවසට මිනිස්සුත් ඔය බල්ලා නිදියන බිමම නේද නිදා ගන්නේ? (ස)

:       0       0

ලලිත් Monday, 24 March 2014 08:23 PM

මනෝජ් බල්ලව ඔයා ගෙදර අරන් යන්න.(නදී)

:       0       0

සුදත් ශ්‍රී Monday, 24 March 2014 08:34 PM

අතිශයින් වැදගත් ලිපියක්. ජනාධිපතිතුමණි, මේ ඔබේ අවධානය පිණිසයි!(නදී)

:       0       0

පිටිගල Tuesday, 25 March 2014 10:34 AM

බලු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයගෙන් මේවට විසඳුම් ලබා ගත යුතුයි. අයාලේ යන බල්ලන් මරා දැමිය යුතුයි. මිනිසුන්ට ජීවත් විය හැකි පරිසරයක් තිබිය යුතුයි. කලින් ක්‍රියාත්මක උන බල්ලන් මරා දැමීම නැවතත් ආරම්භ කර ජන ජීවිත ආරක්ෂා කල යුතුයි. (ස)

:       0       0

පියල් Monday, 24 March 2014 09:03 PM

අහිංසක බල්ලෙක් ඒ බල්ලා ආරක්ෂාකර යම් රෝගයක් ඇතිනම් වෙදකම් කරන්න (පශුවෛද්‍ය වරු ලවා ) (දී)

:       0       0

චාමර Tuesday, 25 March 2014 10:50 AM

බල්ලෙකුට තව බල්ලෙක් පේන්න බෑ. ඉතින් මෙතැන බල්ලෝ කවුද මිනිස්සු කව්ද කියල ලියල තියෙන කොමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. අහිංසක සතෙකුට අනුකම්පාව දක්වන්න බැරි තිරිසන් ගති තියෙන්නේ මිනුස්සුන්ට විතරයි. (නදී)

:       0       0

ශාන් Monday, 24 March 2014 09:25 PM

ලොම් එන්න බෙහෙත් ගන්න ඇවිත් ඇති ..... (දී)

:       0       0

ගුණවර්ධන Monday, 24 March 2014 10:13 PM

පව් මේ සතා දැන් ඉතින් ලොම් ටිකත් හැලිලා ඉතින් ඉන්න හොඳම තැන තමයි ඔය සොයාගෙන තිබෙන්නේ දැන් ඉතින් ඉපදීමත් මරණය ගැනත් සිතනවා ඇති .(අ)

:       0       0

රත්න Monday, 24 March 2014 10:45 PM

රෝහලට විෂබීජ එන්නේ කොහොමද කියලා පසුගිය දවසක පුවත් පතක මම දැක්කා ලොකු ලිපියක් තියෙනවා, මේ තියෙන්නේ ක්‍රම (දී)

:       0       0

චන්දි Tuesday, 25 March 2014 12:07 PM

ඔය බල්ලව එලවල දාන්න කෙනෙක් නැද්ද? පොඩි ළමයෙක්වත් හැපුවොත් මොකද කරන්නේ. අනෙක විසබීජ නේද...? (ස)

:       0       0

පිටිගල Monday, 24 March 2014 11:03 PM

ඒ කියන්නේ මේ බල්ලා පිළිබඳව ක්‍රියා කරන්නත් ජනාධිපතිට කියන්න වෙලා, ඊට පහලින් ඉන්න කිසි කෙනෙක් මේ ගැන බලන්නේ නැති තරමටම අපේ රට පිරිහිලා ඒ.? රජයේ රෝහල් වල පරිපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ තමයි. ඔය බල්ලා කාව හරි හපා කැවා නම් කව්ද ඒ ගැන වග කියන්නේ? ඇහුවොත් කියයි බල්ලෝ එලවන එක මගේ රාජකාරිය නෙවෙයි කියලා. එකත් හරි. වැරැද්ද කොතනද කියලා අහන්න තියෙන්නේ ජනාධිපති ගෙන්ම තමයි.(අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Monday, 24 March 2014 11:08 PM

තිරිසනා වුනත් අවසන් ගමන යන්න ඕන තැන දනගෙන ඇවිත් මොහුටත් සත්ව කරුනාව දක්වන්න (අ)

:       0       0

හිෂාන් Tuesday, 25 March 2014 01:35 PM

බල්ලා එන්නේ බෙහෙත් ගන්නද කොහෙද? (ස)

:       0       0

නිලු Thursday, 27 March 2014 09:22 AM

අහිංසක සතෙකුටවත් අනුකම්පාව දක්වන්න බැරි ජරා ගති තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. (ස)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 25 March 2014 03:10 PM

කාට කියන්නද මොහුගේ දුක. (ස)

:       0       0

සෝමා Tuesday, 25 March 2014 02:50 AM

බල්ලො එන්නෙ බල්ලො ගාවට. (නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 25 March 2014 04:43 PM

චාමර ගේ කතාව හරියට හරි මමත් හිතන්නේ ඒකම තමයි. මනුෂයන්ට වැඩිය ගුණය තිබෙන බල්ලා වැනි සතෙක් මරන්න කියන අය සමග මොන කතාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site