අයාලේ යන බල්ලන්ගෙන් හොරණ නගරයේ පාසල් පන්සල් ආදියට පමණක් නොව රෝහලට ද ප්‍රශ්නයක් වී ඇත. හොරණ රෝහලේ කොරිඩෝවේ ඇඳක් යට ලෝම හැළුණු බල්ලෙක් සිටි. මේ බල්ලා එම ස්ථානය සිය වාසස්ථානය කරගෙන ඇති බව එහි යන එන අය කියති. අක්කර 15ක් පමණ ප්‍රදේශයක විහිදී ඇති රෝහල වටේටම තාප්ප වැනි ආරක්ෂක වැටක් නොමැතිවීම නිසා අයාලේ යන සතුන්ගේ ආක්‍රමණය වළක්වා ගැනීම අපහසු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෙක් රෝහලක කොරිඩෝවේ අැදක් යට හිටියට සමහර අයට කමක් නැත. අසරණ සතෙකුට අනුකම්පා කිරි්‍ම යැයි කියා ඔවුහු ඇග බේරාගනිති. වසංගත රෝග පැතිරීම වැලැක්වීම,ආරක්ෂාව සම්බන්දව සෞඛය සේවයේ යෙදෙන නිලදාරීන්ගේ නොසැලකිලිමත්කම,මහජන සෞක්‍ය ආරක්ෂාව නොසැලකීම යන කරුණු එක්ක බලනකොට මිනිස් ජීවිතය, ඇදයට රිංගලා ඉන්න එක්කෙනා තරම් නොවටිනා බව නම් පැහැදිලියි. (නදී)
චාමර, ඔබ හරියටම හරි. ඔබට ජය වේවා! (නි)
ඒත් කරදරකාරී බල්ලන්ව මරන්න කියනකොට සමහරු කෑගහනවානේ. (නි)
තම රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන (අ)
මේකට අපි කියුබාවෙන් විසදුමක් හොයාගන්න ඕනේ.(නදී)
මේ අර රත්නසිරි මහත්තයාගේ බල්ලනේ.(නධී)
බල්ලෙක් උනත් සතෙක්නෙ කෑම ටිකක් දීල වෙන තැනක ඉන්න හදලා ල දුන්නනම් ඉවරනේ. (නධී)
මටත් ඔය කතාව පිළිගන්න පුළුවන්. මාත් හොරණ නිසා. හොරණ අයාලේ යන බල්ලෝ වැඩියි.(නදී)
බල්ලෝ නිසා හරියට කරදර විදිනවා. සතියකට අනුන්ගේ බල්ලන්ගේ ජරාව 4 ක් 5 ක් උදැල්ලට අරන් විසි කරනවා. පාරේ යන්ඩ බෑ. බල්ලොයි බල්ලන්ගේ ජරාවයි පාර මැද්දේ. රෝන් සයිඩ් දාල ඒවා බේරලා වාහනේ එලවන්න ඕනේ. මුනට වෙන වාහනයක් අවොත් හැප්පෙනවා.(නදී)
බල්ලා ඇවිත් තියෙන්නේ බෙහෙත් ගන්න.(නධී)
අපේ රටේ කොහොමත් ඔහොම තමා. ඒවාට පිලියමක් ගන්නේ නෑ. කොහොමත් රජයේ රෝහල් කිසිම පිළිවෙලක් නෑ. (නදී)
ලෙඩ්ඩු වැඩි දවසට මිනිස්සුත් ඔය බල්ලා නිදියන බිමම නේද නිදා ගන්නේ? (ස)
මනෝජ් බල්ලව ඔයා ගෙදර අරන් යන්න.(නදී)
අතිශයින් වැදගත් ලිපියක්. ජනාධිපතිතුමණි, මේ ඔබේ අවධානය පිණිසයි!(නදී)
බලු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයගෙන් මේවට විසඳුම් ලබා ගත යුතුයි. අයාලේ යන බල්ලන් මරා දැමිය යුතුයි. මිනිසුන්ට ජීවත් විය හැකි පරිසරයක් තිබිය යුතුයි. කලින් ක්‍රියාත්මක උන බල්ලන් මරා දැමීම නැවතත් ආරම්භ කර ජන ජීවිත ආරක්ෂා කල යුතුයි. (ස)
අහිංසක බල්ලෙක් ඒ බල්ලා ආරක්ෂාකර යම් රෝගයක් ඇතිනම් වෙදකම් කරන්න (පශුවෛද්‍ය වරු ලවා ) (දී)
බල්ලෙකුට තව බල්ලෙක් පේන්න බෑ. ඉතින් මෙතැන බල්ලෝ කවුද මිනිස්සු කව්ද කියල ලියල තියෙන කොමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. අහිංසක සතෙකුට අනුකම්පාව දක්වන්න බැරි තිරිසන් ගති තියෙන්නේ මිනුස්සුන්ට විතරයි. (නදී)
ලොම් එන්න බෙහෙත් ගන්න ඇවිත් ඇති ..... (දී)
පව් මේ සතා දැන් ඉතින් ලොම් ටිකත් හැලිලා ඉතින් ඉන්න හොඳම තැන තමයි ඔය සොයාගෙන තිබෙන්නේ දැන් ඉතින් ඉපදීමත් මරණය ගැනත් සිතනවා ඇති .(අ)
රෝහලට විෂබීජ එන්නේ කොහොමද කියලා පසුගිය දවසක පුවත් පතක මම දැක්කා ලොකු ලිපියක් තියෙනවා, මේ තියෙන්නේ ක්‍රම (දී)
ඔය බල්ලව එලවල දාන්න කෙනෙක් නැද්ද? පොඩි ළමයෙක්වත් හැපුවොත් මොකද කරන්නේ. අනෙක විසබීජ නේද...? (ස)
ඒ කියන්නේ මේ බල්ලා පිළිබඳව ක්‍රියා කරන්නත් ජනාධිපතිට කියන්න වෙලා, ඊට පහලින් ඉන්න කිසි කෙනෙක් මේ ගැන බලන්නේ නැති තරමටම අපේ රට පිරිහිලා ඒ.? රජයේ රෝහල් වල පරිපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ තමයි. ඔය බල්ලා කාව හරි හපා කැවා නම් කව්ද ඒ ගැන වග කියන්නේ? ඇහුවොත් කියයි බල්ලෝ එලවන එක මගේ රාජකාරිය නෙවෙයි කියලා. එකත් හරි. වැරැද්ද කොතනද කියලා අහන්න තියෙන්නේ ජනාධිපති ගෙන්ම තමයි.(අ)
තිරිසනා වුනත් අවසන් ගමන යන්න ඕන තැන දනගෙන ඇවිත් මොහුටත් සත්ව කරුනාව දක්වන්න (අ)
බල්ලා එන්නේ බෙහෙත් ගන්නද කොහෙද? (ස)
අහිංසක සතෙකුටවත් අනුකම්පාව දක්වන්න බැරි ජරා ගති තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. (ස)
කාට කියන්නද මොහුගේ දුක. (ස)
බල්ලො එන්නෙ බල්ලො ගාවට. (නදී)
චාමර ගේ කතාව හරියට හරි මමත් හිතන්නේ ඒකම තමයි. මනුෂයන්ට වැඩිය ගුණය තිබෙන බල්ලා වැනි සතෙක් මරන්න කියන අය සමග මොන කතාද ? (නදී)