(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණයට එළඹ ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.
21 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමටත් නියමිතය. ඉන්පසු ප.ව 5.00 ට පමණ මේවන විට පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදය පවත්වා අවසන් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
22 වැනි බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය සහ (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතව ඇත.
ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට පැවැත්වීමට නියමිතය.
23 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන “මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන” පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.
24 වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර ඇත.
මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, හීන්මහත්මයා ලියනගේ, ඩික්සන් ජේ. පෙරේරා, ආචාර්ය මර්වින් ඩී. ද සිල්වා, වයි.ජී. පද්මසිරි, ආර්. එම්. ආර්. චූල බණ්ඩාර සහ මාණිකාවාසගර් කනගසභාපති එලවෙන්තන් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන හැටි