IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලබන ආත්මයේ සැප විඳින්න මර්වින් පිං කරයි

මං මේ ආත්මයේ සැප විඳින්නේ ගිය ආත්මයේ පිං කළ නිසායි. මේ ආත්මයේ පිං කරන්නේ ලබන ආත්මයේ සැප විඳින්න‘‘ යැයි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය රජමහා විහාරයේ පැවැති පිංකමකදී අද (30) පැවැසීය. කැලණියේ මියගිය හිටපු අමාත්‍ය සිරිල් මැතිව් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජිනදාස නන්දසේන, ශ්‍රීපති සූරියආරච්චි ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මියගිය ඥාතීනට පින් අනුමෝදන් කිරීම සඳහා පෞද්ගලික ධනයෙන් භීක්ෂූන් වහන්සේ 50 නමක් විෂයෙහි සාංඝීක දානයක් පිරිනැමීය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.

339 336

338 337



අදහස් (0)

ලබන ආත්මයේ සැප විඳින්න මර්වින් පිං කරයි

ඉසුරන්දි Saturday, 30 August 2014 12:43 PM

මම නම් පිනක් දහමක් කරන්නේ මතු භවයකදී නැවත නොඉපදෙවායි කියලයි. (අ)

:       0       0

ධම්ම Saturday, 30 August 2014 12:48 PM

ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ... සැපයක් යැයි කකුළුව දිය කෙළියේ..(අ)

:       0       0

සුරංගි Saturday, 30 August 2014 01:00 PM

ඔබ තුමා පින් දෙන්ඩ ඕනා මහින්ද මහත්තයට , ඔබ තුමාව ආරක්ෂා කරලා ඇමති කමකුත් දීල සැපත් දීල තියා ගෙන ඉන්නවට. ඔබ තුමාට කවුරු බැන්නත් කැලණියේ අපි නම් කැමතියි..(අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 30 August 2014 01:09 PM

පෞද්ගලික ධනයෙන් වියදම් කරලා කරන පිං කොහොමටත් වටිනවනේ ,(අ)

:       0       0

පියුමි Saturday, 30 August 2014 01:15 PM

මේවා මොන සල්ලිද කියල අපි දන්නවා. (ස)

:       0       0

සේන Saturday, 30 August 2014 01:18 PM

මෙතුමා කරලා තියෙන පින් වල හැටියට මේ ආත්මේම උනත් නිවන් යන්න පුළුවන්. (ස)

:       0       0

අමල් Monday, 01 September 2014 08:08 AM

පින් කරන්නේ නම් කළයුත්තේ යහපත් කර්මාන්තයකින් හරිහම්බ කළ මුදල් වලින්ය (නි)

:       0       1

සනත් Saturday, 30 August 2014 01:43 PM

ඒ මොනව උනත් යම රජ්ජුරුවො දේව දූතයො ගැන අහද්දි නම් උත්තර නැතුව යන එක ඇත්ත තමා මහත්තයො....(ස)

:       0       0

ජොනතන් Saturday, 30 August 2014 01:45 PM

අන්න ඔබ තුමාට වැරදුන තැන. එතකොට මේ ආත්මේ ඔබතුමා කල පවු ගෙවන්නේ කැළණි පොලිසියද?. කතාවේ ලස්සනම කොටස, බුදුන් වැඩි කැලණියේම ඉඳන් මේවා කියන එකනේ අම්මපා. (අ)

:       0       0

ජනිත් Saturday, 30 August 2014 02:03 PM

හොයාගත් ඒවායින් දානය දෙන එක හොඳ වැඩක්. (නි)

:       0       0

මංජුල Saturday, 30 August 2014 02:07 PM

ඔබතුමා බොහෝ පින් කරන නියම සිංහල පින්වතෙක් (නි)

:       0       0

පෙරේරා -කැලණිය Saturday, 30 August 2014 02:18 PM

මමත් කැමතියි පින් කරන්න. මේ ආත්මයේ දුක් වින්දට ලබන ආත්මේවත් සැප ලබන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

මහේෂ්‍ Saturday, 30 August 2014 02:52 PM

ඊළඟ ආත්මය ගැන අපිට දැන්ම මොකුත් කියන්න බැහැ (නි)

:       0       0

රූපවතී Saturday, 30 August 2014 02:51 PM

පින් කරන එක හොඳයි. මියගිය වැඩිහිටියන්ටත් පින් පමුණුවන එක ඉතාමත් හොඳයි. ඒත් එදා ටව්ල කන්න , ඉන්න හිටින්න නැති අසරණ පවුල් 5 ක් හොයලා හිසට සෙවණක් හදලා දීලා එක වේලක් කුසගිනි නිව්වා නම් ඒ පින ඇති නිවන් දකින්න (නි)

:       0       0

මිනිපෙ Saturday, 30 August 2014 03:05 PM

කොපමණ ලොකු ගෙයක් තිබුනත් සැපවිඳීම යනු එය නොවේ (නි)

:       0       0

කමල් Saturday, 30 August 2014 03:13 PM

කළ කළ දේ පල පල දේ (නි)

:       0       0

සදුනි Saturday, 30 August 2014 03:32 PM

සඟසතු දන් දීම මහා පිනක්.ඉතා හොඳ දෙයක් (නි)

:       0       0

කැළුම් Saturday, 30 August 2014 03:40 PM

මගේ පැතුමත් එසේම වේවා යනුයි (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 30 August 2014 04:18 PM

ඔබතුමා බයවෙන්න එපා. කරලා තිබෙන පින් වලට ඇතිවෙන්න එලොවදී සැප ලැබෙයි. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 30 August 2014 04:36 PM

මුලික වී ඇත්තේ මතු සැප සම්පත්ද? (නි)

:       0       0

කුමාර් Saturday, 30 August 2014 04:49 PM

ලබන ආත්මයේ මොන නව ජීවිතයක්ද? මනුස්සයෙකුට තියෙන්නේ එක ජීවිතයක් පමණයි කියායි මම නම් අසා තිබෙන්නේ. පින් කරලා පව් ඉවර කරන්න, ගෙවන්න පුලුවන්ද? (නි)

:       0       0

කුමාර් Saturday, 30 August 2014 04:54 PM

මේ පින්කරන අයගේ ඇතුළාන්තය කෙසේ ඇද්ද? (නි)

:       0       0

සෑම් Saturday, 30 August 2014 05:20 PM

මේ ආත්මයේ පව් කර ඇත්නම් ඒවා සෝදන්න තව ආත්ම ගනනාවක් යනවා (නි)

:       0       0

රජින්ද්‍ර Saturday, 30 August 2014 05:42 PM

හදවත අවංක නම් කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සමන් Saturday, 30 August 2014 05:43 PM

ලබන ආත්මයේ ඔබතුමාට ඒකාන්තයෙන්ම කුමක් ලැබේවිද? (නි)

:       0       0

චමත් ඉතාලිය Saturday, 30 August 2014 05:52 PM

ගොඩාක් දේවල් කියන්න හිතට එනවා. ඒත් ඕනෑ නැහැ. පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

සරසි Monday, 01 September 2014 09:41 AM

ඔබතුමාලා මේ ආත්මේ ඉපදිලා තියෙන්නේ අපි ගිය ආත්මේ පව් කරපු නිසා. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 30 August 2014 08:58 PM

ලබන ආත්මයේ කොහේ ඉපදෙයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

චමින්ද Saturday, 30 August 2014 09:24 PM

කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා.එක්කෝ, මොකුත් නොකියාම ඉන්නවා. (නි)

:       0       0

සෑම් Saturday, 30 August 2014 10:04 PM

පින් කළයුත්තේ ඒක හොඳ දෙයක් නිසා මිස ඒකෙන් ලබන ආත්මයේ සැප ලබාගන්න නොවේ. බිස්නස් වලදී ආයෝජනයට ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා වගේ පින් කරලා වැඩක් නැහැ. පිනට මුල්විය යුත්තේ "සිත" යි (නි)

:       0       0

අර්ජුන Sunday, 31 August 2014 11:16 AM

කළකම් පළදෙයි ... (නි)

:       0       0

සේරම් Monday, 01 September 2014 02:56 AM

ඔබතුමා පින් ටික ගන්න, ඉතිරි ටික භාරගන්න අපි ඉන්නවා (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 30 August 2014 11:39 PM

සාධු සාධු සාධු!! මේ කරන ලද පුණ්‍ය කර්මයෙන් ඔබතුමා යෙහෙන් වැජඹේවා !! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 30 August 2014 11:39 PM

මහත්තයෝ, පින් වගේම තමයි කළ පවුත් අපි පස්සෙන්ම එනවා. බුදු ,පසේ බුදු, මහා රහතන් වහන්සේලාටත් පවු පල දුන් අවස්ථා ගැන අපි බුදු බණින් අහලා තියෙනවා (නි)

:       0       0

රකිත් Monday, 01 September 2014 03:19 AM

මේ පින් බල මහිමයෙන් ලබන ආත්මයේදී හොඳට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වේවා යැයි පතමි. (නි)

:       0       0

නන්ද Saturday, 30 August 2014 11:41 PM

පින්කම් වලට හොඳ ආනිසංස ලැබෙනවා වගේම නරක දේවල් වලටත් නරක ආනිසංස ලැබෙනවා නේද?කුඩු උවදුර ඔබතුමාටවත් නවත්වන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි (නි)

:       0       0

නික් Sunday, 31 August 2014 12:08 AM

දානයක් මහත්ඵල මහානිසංස වෙන්න නම් තමනුත් සිල්වත් වෙලා තමන් ධාර්මිකව උපයා සපයාගත් දෙයකින් දානය දෙන්න ඕනෑ. මට හොඳටම විශ්වාසයි මේ ඇමැතිතුමාත් මේ දානය දෙන්නේ එහෙමයි කියලා (නි)

:       0       0

චමින්ද Sunday, 31 August 2014 02:27 AM

මේ ආත්මයේ ඉඳලා ගිහිල්ලා නවතින තැන අනුව තමයි ලබන ආත්මයේ සැප ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 01 September 2014 03:47 AM

ලබන ආත්මයේ, කැලණියේ ඡන්දදායකයෙක් නොවී ඉපදේවායි මම ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

නන්ද Sunday, 31 August 2014 03:04 AM

අවංකව තමන්ගේ රස්සාව කරනවා නම් ඒක තමයි ලොකුම පින. ඒකට නොපෙනෙන ලබන ආත්මයක් ගැන සිහින මවන්නට ඕනෑ නැහැ. (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 31 August 2014 04:19 AM

ගිය ආත්මයේ පවු කරපු ඡන්ද දායකයෝ මේ ආත්මේ විඳවනවා..මේ වගේ දාන මාන කරලා පින් කරන්න ඒ අයට අවස්ථාවක් නැහැනේ...(ස)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 31 August 2014 04:41 AM

ගිය ආත්මේ ගොඩක් පින් කලත් පවුත් කරලා තියෙනවද ? ඔබතුමාට සැරින් සැරේ විවිධ කරදර එන්නේ. (ස)

:       0       0

පහන්දී Sunday, 31 August 2014 05:05 AM

ඒක නම් සම්පුර්ණ ඇත්ත ඉන්දු මෙල්බර්න්...! (ස)

:       0       0

නිරාන් Sunday, 31 August 2014 05:12 AM

යහපත්ව උපයාගත් ධනයෙන් කරන පින්කම් මහත් ඵල පින්කම් ලෙස බුදුන්වහසේ දෙශනා කර ඇත. (ස)

:       0       0

සුමේධ Sunday, 31 August 2014 05:17 AM

බුද්ධියක් නැතිව කතා කරන්න ගිහිල්ල සමාජයේ විහිලුවට ලක්වෙලා ඉවරයි මනුස්සයා. (ස)

:       0       0

උපාලි රණවන Thursday, 04 September 2014 07:59 AM

මම ආස ඔබතුමා පුළුවන් තරම් ඉක්මනට ඊලග ආත්මයට යනවනම්, ඔය පිනෙන් සැප විදින්න. (ස)

:       0       0

මාර්ස් Monday, 01 September 2014 05:44 AM

අනේ සුරංගි මොලේ කොහෙද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site