මං මේ ආත්මයේ සැප විඳින්නේ ගිය ආත්මයේ පිං කළ නිසායි. මේ ආත්මයේ පිං කරන්නේ ලබන ආත්මයේ සැප විඳින්න‘‘ යැයි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය රජමහා විහාරයේ පැවැති පිංකමකදී අද (30) පැවැසීය. කැලණියේ මියගිය හිටපු අමාත්‍ය සිරිල් මැතිව් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජිනදාස නන්දසේන, ශ්‍රීපති සූරියආරච්චි ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මියගිය ඥාතීනට පින් අනුමෝදන් කිරීම සඳහා පෞද්ගලික ධනයෙන් භීක්ෂූන් වහන්සේ 50 නමක් විෂයෙහි සාංඝීක දානයක් පිරිනැමීය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් පිනක් දහමක් කරන්නේ මතු භවයකදී නැවත නොඉපදෙවායි කියලයි. (අ)
ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ... සැපයක් යැයි කකුළුව දිය කෙළියේ..(අ)
ඔබ තුමා පින් දෙන්ඩ ඕනා මහින්ද මහත්තයට , ඔබ තුමාව ආරක්ෂා කරලා ඇමති කමකුත් දීල සැපත් දීල තියා ගෙන ඉන්නවට. ඔබ තුමාට කවුරු බැන්නත් කැලණියේ අපි නම් කැමතියි..(අ)
පෞද්ගලික ධනයෙන් වියදම් කරලා කරන පිං කොහොමටත් වටිනවනේ ,(අ)
මේවා මොන සල්ලිද කියල අපි දන්නවා. (ස)
මෙතුමා කරලා තියෙන පින් වල හැටියට මේ ආත්මේම උනත් නිවන් යන්න පුළුවන්. (ස)
පින් කරන්නේ නම් කළයුත්තේ යහපත් කර්මාන්තයකින් හරිහම්බ කළ මුදල් වලින්ය (නි)
ඒ මොනව උනත් යම රජ්ජුරුවො දේව දූතයො ගැන අහද්දි නම් උත්තර නැතුව යන එක ඇත්ත තමා මහත්තයො....(ස)
අන්න ඔබ තුමාට වැරදුන තැන. එතකොට මේ ආත්මේ ඔබතුමා කල පවු ගෙවන්නේ කැළණි පොලිසියද?. කතාවේ ලස්සනම කොටස, බුදුන් වැඩි කැලණියේම ඉඳන් මේවා කියන එකනේ අම්මපා. (අ)
හොයාගත් ඒවායින් දානය දෙන එක හොඳ වැඩක්. (නි)
ඔබතුමා බොහෝ පින් කරන නියම සිංහල පින්වතෙක් (නි)
මමත් කැමතියි පින් කරන්න. මේ ආත්මයේ දුක් වින්දට ලබන ආත්මේවත් සැප ලබන්න පුළුවන් වෙයි. (නි)
ඊළඟ ආත්මය ගැන අපිට දැන්ම මොකුත් කියන්න බැහැ (නි)
පින් කරන එක හොඳයි. මියගිය වැඩිහිටියන්ටත් පින් පමුණුවන එක ඉතාමත් හොඳයි. ඒත් එදා ටව්ල කන්න , ඉන්න හිටින්න නැති අසරණ පවුල් 5 ක් හොයලා හිසට සෙවණක් හදලා දීලා එක වේලක් කුසගිනි නිව්වා නම් ඒ පින ඇති නිවන් දකින්න (නි)
කොපමණ ලොකු ගෙයක් තිබුනත් සැපවිඳීම යනු එය නොවේ (නි)
කළ කළ දේ පල පල දේ (නි)
සඟසතු දන් දීම මහා පිනක්.ඉතා හොඳ දෙයක් (නි)
මගේ පැතුමත් එසේම වේවා යනුයි (නි)
ඔබතුමා බයවෙන්න එපා. කරලා තිබෙන පින් වලට ඇතිවෙන්න එලොවදී සැප ලැබෙයි. (නි)
මුලික වී ඇත්තේ මතු සැප සම්පත්ද? (නි)
ලබන ආත්මයේ මොන නව ජීවිතයක්ද? මනුස්සයෙකුට තියෙන්නේ එක ජීවිතයක් පමණයි කියායි මම නම් අසා තිබෙන්නේ. පින් කරලා පව් ඉවර කරන්න, ගෙවන්න පුලුවන්ද? (නි)
මේ පින්කරන අයගේ ඇතුළාන්තය කෙසේ ඇද්ද? (නි)
මේ ආත්මයේ පව් කර ඇත්නම් ඒවා සෝදන්න තව ආත්ම ගනනාවක් යනවා (නි)
හදවත අවංක නම් කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ (නි)
ලබන ආත්මයේ ඔබතුමාට ඒකාන්තයෙන්ම කුමක් ලැබේවිද? (නි)
ගොඩාක් දේවල් කියන්න හිතට එනවා. ඒත් ඕනෑ නැහැ. පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
ඔබතුමාලා මේ ආත්මේ ඉපදිලා තියෙන්නේ අපි ගිය ආත්මේ පව් කරපු නිසා. (ස)
ලබන ආත්මයේ කොහේ ඉපදෙයිද දන්නෙ නැහැ නේද? (නි)
කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා.එක්කෝ, මොකුත් නොකියාම ඉන්නවා. (නි)
පින් කළයුත්තේ ඒක හොඳ දෙයක් නිසා මිස ඒකෙන් ලබන ආත්මයේ සැප ලබාගන්න නොවේ. බිස්නස් වලදී ආයෝජනයට ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා වගේ පින් කරලා වැඩක් නැහැ. පිනට මුල්විය යුත්තේ "සිත" යි (නි)
කළකම් පළදෙයි ... (නි)
ඔබතුමා පින් ටික ගන්න, ඉතිරි ටික භාරගන්න අපි ඉන්නවා (නි)
සාධු සාධු සාධු!! මේ කරන ලද පුණ්‍ය කර්මයෙන් ඔබතුමා යෙහෙන් වැජඹේවා !! (නි)
මහත්තයෝ, පින් වගේම තමයි කළ පවුත් අපි පස්සෙන්ම එනවා. බුදු ,පසේ බුදු, මහා රහතන් වහන්සේලාටත් පවු පල දුන් අවස්ථා ගැන අපි බුදු බණින් අහලා තියෙනවා (නි)
මේ පින් බල මහිමයෙන් ලබන ආත්මයේදී හොඳට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වේවා යැයි පතමි. (නි)
පින්කම් වලට හොඳ ආනිසංස ලැබෙනවා වගේම නරක දේවල් වලටත් නරක ආනිසංස ලැබෙනවා නේද?කුඩු උවදුර ඔබතුමාටවත් නවත්වන්න පුළුවන් නම් ලොකු පිනක් වෙයි (නි)
දානයක් මහත්ඵල මහානිසංස වෙන්න නම් තමනුත් සිල්වත් වෙලා තමන් ධාර්මිකව උපයා සපයාගත් දෙයකින් දානය දෙන්න ඕනෑ. මට හොඳටම විශ්වාසයි මේ ඇමැතිතුමාත් මේ දානය දෙන්නේ එහෙමයි කියලා (නි)
මේ ආත්මයේ ඉඳලා ගිහිල්ලා නවතින තැන අනුව තමයි ලබන ආත්මයේ සැප ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. (නි)
ලබන ආත්මයේ, කැලණියේ ඡන්දදායකයෙක් නොවී ඉපදේවායි මම ප්‍රාර්ථනා කරමි! (නි)
අවංකව තමන්ගේ රස්සාව කරනවා නම් ඒක තමයි ලොකුම පින. ඒකට නොපෙනෙන ලබන ආත්මයක් ගැන සිහින මවන්නට ඕනෑ නැහැ. (නි)
ගිය ආත්මයේ පවු කරපු ඡන්ද දායකයෝ මේ ආත්මේ විඳවනවා..මේ වගේ දාන මාන කරලා පින් කරන්න ඒ අයට අවස්ථාවක් නැහැනේ...(ස)
ගිය ආත්මේ ගොඩක් පින් කලත් පවුත් කරලා තියෙනවද ? ඔබතුමාට සැරින් සැරේ විවිධ කරදර එන්නේ. (ස)
ඒක නම් සම්පුර්ණ ඇත්ත ඉන්දු මෙල්බර්න්...! (ස)
යහපත්ව උපයාගත් ධනයෙන් කරන පින්කම් මහත් ඵල පින්කම් ලෙස බුදුන්වහසේ දෙශනා කර ඇත. (ස)
බුද්ධියක් නැතිව කතා කරන්න ගිහිල්ල සමාජයේ විහිලුවට ලක්වෙලා ඉවරයි මනුස්සයා. (ස)
මම ආස ඔබතුමා පුළුවන් තරම් ඉක්මනට ඊලග ආත්මයට යනවනම්, ඔය පිනෙන් සැප විදින්න. (ස)
අනේ සුරංගි මොලේ කොහෙද ? (නදී)