IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ලබන අවුරුද්දට පෙළ පොත් ගහන්න කොන්ත්‍රාත්තුව දෙයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් පෙළ පොත්/ මොඩියුල වර්ග මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නොමිලයේ බෙදා හැරීම පිණිස මුද්‍රණය කිරීමට නියමිත සමස්ත පෙළපොත්/ මොඩියුල පිටපත් ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ඍජු ප්‍රසම්පාදනයක් වශයෙන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ප්‍රදානය කිරීම සඳහා 2025 -06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

පෙළපොත්/ මොඩියුල මුද්‍රණය සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ තෝරාගනු ලබන ලංසු කරුගේ අගයන ලද අවම මිල මත පදනම්ව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට මුද්‍රණය සඳහා ලබා දෙන පෙළපොත් / මොඩියුලවල මිල තීරණය කළ යුතුව ඇත. 

ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය මඟින් තෝරා ගන්නා ලද ලංසු කරුවන් වෙත අදාළ පෙළ පොත්/ මොඩියුල මුද්‍රණය සඳහා වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා ඇත. ඒ අනුව අවම ලංසුකරුවන් විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන් මත පදනම්ව පෙළපොත් / මොඩියුල වර්ග 78කින් පිටපත් මිලියන 6.04 ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 761.29 ක (වැට් රහිත) මුදලකට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලබන අවුරුද්දට පෙළ පොත් ගහන්න කොන්ත්‍රාත්තුව දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site