(අංජුල මහික වීරරත්න)
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විකාශන කටයුතු වැඩිදියුණු කර පවත්වා ගෙන යාමට ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතු සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.
කෙසේ වුවද, වසර ගණනාවක් පැරණි පරිගණක උපාංග හා යල්පැන ගිය මෘදුකාංග භාවිත කරමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සිදු වීම හේතුවෙන් ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කරමින් ගුණාත්මක බවින් ඉහළ, ආකර්ෂණීය වැඩසටහන් විකාශය කිරීම ගැටලු සහගත වී තිබේ.
එබැවින්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට සහ විකාශන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සපයා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමුඛතා පදනම මත 2026 අයවැය මඟින් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලබන අයවැයෙන් ස්වාධීන රූපවාහිනියට සැලකිල්ලක්
ගුණරත්න Wednesday, 11 June 2025 05:06 PM
එතකොට දැන්වීම් ආදායමක් නැතිද? පෞද්ගලික මාධ්‍ය සමාගම් රජයේ ආධාර නැතිව යසට වැඩ කරන්නේ කොහොමද?...
හසක Wednesday, 11 June 2025 06:39 PM
සමහර අය කුඩු, තවත් අය කොටස් වෙළඳපොළ ජිල්මාට් සහ ඇන්ටිජන් වගේ තව ජිල්මාට්... එහෙමයි ලාබ ලබන්නේ...