අතුරුදන් වූ එම්.එච්. 370 මැලේසියා ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූවා යැයි සැලකූ ධ්වනි සංඥා හතර එම කළු පෙට්ටියන් නිකුත් වූ ඒවා නොවේ යැයි ඇමරිකානු නාවික හමුදාවේ සාගර ඉංජිනේරු විද්‍යාව පිලිබඳ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මයිකල් ඩීන් පවසා ඇත.
මෙම සංඥා වලට හේතුව මිනිසා විසින් නිපදවූ වෙනත් උපකරණයක් බව ඩීන් පවසයි. විදෙස් මාධ්‍යයට ඔහු ප්‍රකාශ කර ඇත්තේ නෞකාවක් හෝ යානය සෙවීමට යෙදවූ වෙනත් උපකරණයක් මගින් මේ සංඥා නිකුත් වන්නට ඇති බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ මෙම ධ්වනි සංඥා අතුරුදන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වුවා නම් මෙම යානය සෙවිමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එය සොයා ගැනීමට හැකියාව තිබූ බවත් එම සිද්ධාන්තය අනෙක් රටවලටද ස්ථිර කිරීමට හැකිව තිබූ බවත්ය. මෙම අතුරුදන් යානය සෙවීමේ කටයුතු වල යෙදී සිටි ඕස්ට්‍රේලියානු බලධාරින් මෙම සංඥා විශ්ලේෂණයෙන් පසු එහි සෙවිමේ කටයුතු පටු තීරයකට එනම් ඔස්ට්‍රේලියාවේ වයඹ දෙසට කිලෝ මීටර 1600 කට සීමා කළේය.
ඇමෙරිකාවේ මේ නව අදහස සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරින් අදහස් ප්‍රකාශ කර නැත.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලැබුණේ කළු පෙට්ටියේ සංඥා නොවේ
චන්දන මල්ලවාරච්චි Thursday, 29 May 2014 07:48 PM
ඒකට මොකද උනේ.. (අ)
රාජුන් Friday, 30 May 2014 08:35 AM
දැන් ද දැනගෙන තියෙන්න? (ස)
ශ්‍රී දේවි Friday, 30 May 2014 12:59 PM
මේ යානය පසුපස යනවා කියන්නේ මරිගුව පස හඹා යෑමක් (අ)