(රෝෂන් තුෂාර)
තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(11) නියෝග කළාය.
සැකකරුට රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.
2019 වසරේ දී ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මස්කඩ කාමරයක් වැඩි ලන්න්සුවකට ලබා නොදී,අත්තනෝමතිකව අඩු ලංකුවකට ලබා දී රුපියල් 2380000.00 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොටතිබිණි.
ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනාගාර නිලධාරී මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිට ඇප
සමන් - ඕමානය Wednesday, 11 June 2025 02:58 PM
හා, දැක්කාද අපේ වැඩ කිඩ? කොහොමද මාලිමාවේ ප්‍රතිපත්තිය? නියමයි නේද අපේ උපාය මාර්ග? ඉන්න හාල් මැස්සෝ ටික අල්ලනවා. ඔය අපි කිව්ව තෝරු, මෝරු තල්මස්සු ටික අල්ලන්න පස්සේ බැරියෑ...
රුවන් Thursday, 12 June 2025 02:35 PM
සමන්ට අනුව රනිල් වික්‍රමසිංහ හිරේ ගියොත් දේශපාලන කුමන්ත්‍රණ ලු.