ලුනාව ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන අංශය හා එහි කාර්ය මණ්ඩලය එකතුව සංවිධානය කළ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
රෝහල් වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති කැරොල් ප්‍රසංගය සඳහා මොරටුමුල්ල මෙතෝදිස්ත පල්ලිය ඇතුළු අවට කැරොල් ගී කණ්ඩායම් සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.
රෝහල් කාර්ය මණ්ඩලය හා ලුනාව ආයුර්වේද රෝහලේ ප්‍රවර්ධන අංශයේ නිලධාරිහුද කැරොල් ගී ගායනා අංග ඉදිරිපත් කළහ. කැරොල් ගායනා වෙනුවෙන් තෑගි බෙදා දීමක්ද සිදුකැරිණි.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ද විශේෂ තිළිණ පිරිනැමීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබිණි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd