පසුගිය දිනෙක ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රීමණ්ඩල සභා ශාලාවේදී ශ්‍රී ලාංකික මුස්ලිම් සහ බෞද්ධ පිරිස් අතරේ සුහදතාවය රැකගැනීම පිලිබඳ කරුණු සාකච්ඡා විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ මුස්ලිම් සභාව විසින් කැඳවනු ලැබූ එම සාකච්ඡාව සඳහා සිංහල, දෙමළ,මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින්ද සැලකියයුතු පිරිසක් ආරාධනා ලැබ සහභාගිවුහ.
රැස්වීමේ මුලසුන හෙබවූයේ කොන්සර්වේටිව් මුස්ලිම් කමිටුවේ සභාපති ශෙඉක් සාමිවරයාය.
පැමිණ සිටි පිරිස පිළිගනිමින් එම රැස්වීම කැඳවීමේ පරමාර්ථය පහදිලිකළ එම කමිටු සාමාජිකාවක වන අජන්තා තෙන්නකෝන් පැවසුවේ " කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බෞද්යින් සහ ඉස්ලාම් ආගමිකයින් අතර අන්‍යෙන එකමුතුකමක් සහ සුහදත්වයක් පැවති බවයි. දෙපිරිසම ඔවුනොවුන්ගේ ආගම් පිලිබඳව ඉහළම ගෞරවය දැක් වු බවද ඕ කීවාය.
කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති තමන් හට "ශ්‍රී ලංකාවේ ජිවත්වන ජන කොටස් අතර සාමය සහ සමඟිය පලුදු වන අන්දමේ ක්‍රියාදාමයන් සිදුවන බව ඇසීමට ලැබීම කනගාටුවට හේතුවන කරුණක්" බව ශෙඉක් සාමිවරයා පැවැසිය.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් "දීර්ඝ කාලයක් තිස්සේ පැවති අවාසනාවන්ත යුදමය වාතාවරණය අවසන් වීමෙන් පසු රටේ සිදුවන කඩිනම් සංවර්ධනයෙන් සියලුම ජන කොට්ඨාසවලට ලොකු ප්‍රතිලාබයක් උදාවන බවත් " පැවසිය. ආසියාවේ අලුතෙන් දියුණුවන රටක් ලෙසට නැගීසිටීමේ හැකියාවක් ඇති ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සමඟිය රැකගැනීමේ වැදගත්කම ද ඔහු පැහැදිලි කර දුන්නේය.
බ්‍රිතාන්‍ය බෞද්ධ සමිතියේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් බුදුදහමේ අන්තර්ගත අහිංසාව මඟින් ලෝකයේ සියලුම දෙනාට සමදානාත්මකව ජීවත්වීමේ පදනම පැහැදිලි වශයෙන්ම කියාදෙන බව පැවසිය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් සංසදයේ සභාපති අහමඩ් ශිවර්ඩීන්, ආචාර්ය සුනිල් කාරියකරවන,අමල් අභය වර්ධන සහ ස්හින් මොහොමඩ් මහත්වරු අදහස් පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සාකච්ඡාවට සහභාගී වූ කාටවත් මේ ප්‍රශ්ණය ගැන පැහැදිලි අවබෝධයක් නොතිබුණු බව දැන ගන්න ලැබුණා. දෙපාර්ශවයෙන්ම ඇවිල්ල හිටියේ නිවැරදි නියෝජනයක් නොවේලු. කරන්නම් වාලේ වැඩ කරලා හරි යන්නේ නැහැ. වැරදි ප්‍රතිරූපයක් ඇතිවෙන්න පුළුවන් (දී)
ඉතා වටිනා ක්‍රියාවක් අගය කරනවා (දී)
මේක ආගම් සටනක් නෙමේ. (දී)
එකමුතුවෙන් ඉන්න පුළුවන් නම් කොයි තරම් හොදද (දී)
මිනිස්සු මිනිස්සුන්ව තේරුම් ගන්නේ නැති නිසයි මේ ඔක්කොම (දී)
ඔය සාකච්චා ඕනේ නැහැ ඉස්සර වගේ ඉන්නවානම් මිනිස්සු (දී)
මොනවා කියන්නද වෙන දෙයක් බලාගෙන ඉන්නවා (දී)
සිංහල මිනිස්සු කවදාවත් වෙන්වෙන්න බැලුවේ නැහැ (නි)
ප්‍රසන්න. මුදිත.ඔයාලට ධනාත්මකව හිතන්න බැරිද. ඉතා වටිනා ක්‍රියාවක් අගය කරනවා මිසක්.(අ)
ප්‍රශ්න ඇති නොවෙන විදිහට වැඩ කරන්න (දී)
ජාතින් එකමුතුව වැඩ කරන කාලයක් උදාවේවා (දී)
දැන් ප්‍රස්නේ ඉවර වෙයි එහෙනම් (දී)
ජාතික සමගිය අගය කරනවා (දී)
ඉතා වටිනා ක්‍රියාවක් අගය කරනවා (දිල්)
ලෝකෙම මිනිස්සු එකට ජිවත් වෙලා ඉන්න පුළුවන් නම් කොයි තරම් හොදද (දී)