යකඩ පොලු හා බැට් රැගත් විස්සක පමණ මැර කණ්ඩායමක් එන්ගලන්තයේ කවුන්ට්‍රි ප්‍රදේශයේ යාල් කැෆේ නම් අවන්හලට ඉරිදා රත්‍රියේ කඩා වැදී වීදුරු දොර ජනෙල් ආදීයට ගසා පවුම් 2000 (රුපියල් 428000) ක පමණ අලාභයක් සිදු කළැයි අවන්හල හිමි ශිරන්ත ප්‍රනාන්දු මහතා (47) කවුන්ට්‍රි පොලීසියට පැමිණිලි කැර ඇත.
කෑම පිගන් හා වීදුරු ගුවනේ පාවෙන තත්ත්වයට පත් කළ මැරයන්ගෙන් බේරීම සදහා එහි ආහාර ගනිමින් සිටි සියලු දෙනාද සේවකයන් ද රක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බව ප්‍රනාන්දු කියයි.
ප්‍රහාරය ආරම්භ කරන්නට ඇත්තේ කෑම කමින් සිටි කෙනකු හෝ වෙනත් කණ්ඩායමක් විය හැකියැයිද තම අවන්හළේ දෙමළ කෑම අලෙවි නොකරන ලෙස මීට කලින් තමාට අනතුරු අඟවා ඇතැයි ද ඔහු කියයි.
එම ප්‍රදේශයේ ඇති එකම ශ්‍රී ලංකා අවන්හල මෙයයි
ශ්‍රී ලංකාවෙන් ගිය වෙනත් ජනවාර්ගික කොටසකින් තමාට විරෝධයක් මතුව තිබු බවත් ඔහු පවසයි.පොලීසිය පැවසුයේ එක් අයකුගේ ඇසක් ළග සුළු තුවාලයක් සිදු වු බවයි.අලුත් වැඩියාව සදහා අවන් හල දෙදිනකට වැසු බවත් යළිත් පහර දෙතියි බියත් ඇති බවත් ප්‍රනාන්දු කියයි.
මේ අපරාධය ගැන තොරතුරක් දන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව 101 හෝ 0800 555111 දන්වන ලෙස කවුන්ට්‍රි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ කැඩෙන්නේ මොන හිමිකම් ද දන්නේ නැහැ නේද ? තමන්ගේ රටේ කඩේකට ගිහින් කෑම ටිකක් කන්න බැරි නම් ..... එංගලන්ත අගමැති තුමා දැන් මොකද කියන්නේ. (ස)
මෙහෙමත් වෛරයක්....? ප්‍රනාන්දු සොයුර, පසුබට වෙන්න එපා. නැවත දෙමල කෑම පමණක් නොවේ සිංහල මුස්ලිම් බර්ගර් හැම ජාතියක්ම අළෙවි කරන්න ධෛර්ය ගන්න. (නි)
අතකොලුවකු වන ලංකාවේ තංගල්ලේ ප්‍රාදේශීය සභා කාරය කුරම් මරල ඔහුගේ පෙම්වතිය දුෂණය කරලා යහතින් ඉන්න සිද්දියෙන් පස්සේ ලංකාවේ අයට මොනවා උනත් දැන් එංගලන්තේ පොලිසිය මුකුත් කරන්නේ නැහැ. (නදී)
කවුද කියන්නේ එංගලන්තේ මහත්වරු කියලා. එන්ගලන්තේ ඉන්නෙම හොරු. (නි)
තරහකරුවන්ගේ කල වැඩෙන් ශිරන්ත සහෝදරයා ඔයාගේ වෙළද සැල තවත් ලාංකිකයන් අතර ප්‍රෙසිද්ධ තමයි උනේ..සැලෙන්නෙපා.. වෙනදට වඩා හෝදින් වැඩ කරන් යන්න ඔබට ජය...(නදී)
බලාගෙන ගියහම අපේ රටේ වගේම ඒ රටෙත් ඉන්නවනේ ව්‍යාපාරවලට ඊර්ෂ්‍යා, කඩාකප්පල් කරන අය (නි)
එහෙ යමක් හම්බ කරන්න ගිහිල්ලත් සිංහල දෙමල හා මුස්ලිම් කියල වෙන් වෙන කොට කොහෙද ශ්‍රී ලාංකික හැගීමක් එන්නේ. රට ගියත් හිත ඇතුලේ තියෙන්නේ වෛරය හා ක්රෝධය ඉතින් කොහමද මේ අය ලංකාවේ එකට ඉන්නේ. මිලියන 20 ක් ජීවත්වෙන මේ පුංචි රටේ ඉන්න මිනිස්සුන් අතර මෙච්චර ක්රෝදයක් තියෙනවනම් රටක් කිසිවිටක ඉදිරියට යන්නේ නැහැ. යන්නත් බැහැ. තම තමන්ගේ ජාතීන් අතර ප්‍රශ්න වුනා නම් ඒවා යන්නේ වෙන ආකාරයට. නමුත් එකම රටේ ඉපදිලා තමුන්ගේ ජීවිතය හැඩ ගසා ගන්න බොහෝම අමාරුවෙන් විදේශ ගත වෙලත් මේ අය එකිනෙකා රුස්සන්නේ නැත්නම් මොනවා කියල ආමන්ත්‍රණය කරන්නද? දේශපාලකයෝ ඔවුන්ගේ දේශපාලනය මාවත සලසා ගැනීම සඳහා ජාතීන් අතර ඝට්ටන ඇති කරමින් යනවා නිදහස ලැබුණු දා පටන් අද වෙනකල් තව ස්වාමින් වහන්සේලා කියා ගෙන වෙස් වෙලාගත් තව කට්ටියක් හොඳට සුර සැප විඳිමින් ආගම් බේදය වපුරනවා. මේවා තේරුම් ගන්න බැරි අපි මෝඩයෝ වෙලා උන්ගේ බහූබූත කතාවලට රැවටිලා ඇන කොටා ගන්නවා එකිනෙකට වෛර කරමින් මැරෙනකම් ලෙඩ වෙලා තමයි ඉන්න වෙන්නේ. උතුරේ මහා ඇමති මාධ්‍ය වලට කියපු දේවල් මතක ඇති නේද ඔක්කොටම? මොන ආගම ඇදෙහෙව්වත් පලක් නැහේ තමුන් ගිව අමනුෂ්ෂකම සැරී සරනවානම්. අනුන්ට දොස් කියන්න පෙර තමුන් කව්ද කියල දැන ගත්තොත් ඔක්කොටම වඩා සුදුසුයි.(නදී)
සැලෙන්න එපා සහෝදරයා. සීසීටීවී කැමරා සවි කරන්න. නැවත නැගීසිටින්නට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. ඔන්න කැමරන්ගේ ප්‍රජතන්ත්‍රවාදය! මුළු ඇග පුරාම බේරෙනවා. (නි)
ශ්‍රී ලංකාවේදී කැමරුන් කළ ප්‍රකාශයේ රැස් තමා මේ පිටවෙන්නේ. සිංහලයෙකුට ලන්ඩනයේ සිංහල කඩයක් දාන්න බැරිද.කෝ කැමරුන්ගේ මානව හිමිකම ලන්ඩනයේ තියෙනවද. (නි)
කව්රු කලත් මහා අපරාදයක්.මුළුමනින්ම හෙලා දකිමු.(නදී)
ඉදිරියට යන්න ගන්න ගන්න එපා සහෝදරයා.(නදී)
සීසීටීවී සවිකරන්න. හරිම පහත් වැඩ මේ මිනිස්සු කරන්නේ. (නි)
අනේ සහෝදරයා ඔයාගේ අවන්හල කැඩුවට ඔයාගේ අතපය කැඩුවේ නැහැ නේද? බය වෙන්න එපා එඩිතරව මුහුණු දෙන්න. අපිත් සහයට එන්නම්.(නදී)
රයිඩර් මහත්තයෝ මමත් ඉන්නෙ පිට රටක තමයි, හැබැයි අපිටනම් අපේ ආගම අදහන්නවත් තහනම්,මහත්තය කොහේ ඉන්නවද දන්නෙ නැහැ, සබන් ඉවර ඇති නේද?(ස)
අර සීසීටීවි කියලා ජාතියක් තියෙන්නේ ඔය වගේ වෙලාවට ගන්න තමා (නි)
චැනල් 4 ට කෝල් කරල කියන්න. මෙන්න චෝගම් ප්‍රතිපලයක් කියල..(නදී)
අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න එපා. අපිටත් මෙහෙ ඉන්න ටැමිල් උන්ට ගහන්න ඉඩ තියන්න එපා. (ස)
කැමරන්ලත් මෙම ප්‍රවෘත්ති බලන්න ඕනෑ (නි)
මේකත් චෝගම් ප්‍රතිපලයක්ද? (නි)
මටත් ඔය වගේ කට්ටිය කියනවා, මම වාහන පුරුදු කරන ගණන වැඩිලු. යන්න එපා මා ගාවට කියනවා. නමුත් සිංහල සියල්ලෝම මා ළගට එනවා. බය වෙන්න එපා. ඉදිරියට යන්න. පළිගන්න එපා. එයාලට කාලි අම්මා පටිසන් දෙයි (නි)
බ්‍රිතාන්‍ය අගමැතිතුමා තේරුම් ගත යුතුයි, ලංකාවේ යුද්ධයක් තිබිලත් දෙමල ජනතාවගේ කඩ සාප්පු කොළඹ සහ සිංහල වැසියන් වැඩිපුර ඉන්න පළාත්වල තිබිලත් කිසිම පහරදීමකට ලක් නොවුණ බව. (83 කළු ජූලිය පිටුපස සත්‍ය කථාව වෙනමම සළකන්න). යුද්ධයක් නොතිබෙන බ්‍රිතාන්‍යයේ දී හැසිරීම මෙහෙම නම් කවර කතාද? මේවා බීබීසී එකට හෝ අනිත් අයට විශාල ප්‍රවෘත්ති වන්නේ මෙතැන සිංහල නොවන ජාතිකයකුට හානි වූවා නම් පමණි (නි)
පව් මේ මනුස්සයා,දෙමළ කඩ දස දහස් ගානකට සිංහල කඩ 4ක් 5ක් වගේ තමා එංගලන්තේ තියෙන්නේ. ඒකත් එයාලටම ඕනෑවෙලා වෙන්න ඇති. (නි)
කැමරන් නිදි ද? (නි)
මේවා මෙහෙම වෙනකොට අර කැමරන්ගේ කැමරාව වෙන පැත්තකට හැරවෙනවා අැති නේද? (නි)
මේක ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක් වෙන්න බැරිද? (නි)
[කැමරන් නිදි ද?] ඔව් (නි)
තමන්ගේ අනන්‍යතාවය තියාගන්න තරම් සිංහලයා එකමුතු නැහැ. හරිම ආත්මාර්ථකාමීයි. (නි)
මුලින්ම මෙම ප්‍රාහාරය ගැන කනගාටුවෙනවා. ඉතා ඉක්මනින් අලුත්වැඩියා කරලා ඔබ පෙරටත් වඩා ලාභ ලබන අවන්හලක් උරුම කාරයෙක් වෙන්න කියා හදවතින්ම පතනවා. මේ ප්‍රහාරය එල්ල කලේ කවුද කියා නොදනිමි. කවුරුකලත් ඉතා පහත හා නින්දිත ක්‍රියාවකි. සුද්ද මේ වගේ කරන්නේ නැහැ මොකද ඔවුන් සුද්දන් නිසා. අපේ ජාති වාදී හැගීම් තුරන් කරන්න විදේශ ගතව සිටින අයට ලැබෙන්න ඉතාමත් අගනා අවස්තාවක්. ඒ වගේම ලාංකික සහෝදරයන්ගේ වටිනාකම විදේශ ගතව සිටින අපිට තේරෙන විදිහට ලංකාවේ ජීවත් වන අයට නොතේරේ. (දිල්)
අපේ ජනාධිපතිතුමාගේ වීදුරු ගෙවල් කතාව බ්‍රිතාන්‍ය අගමැතිතුමාට තේරුනේ නැද්ද දන්නේ නැහැ. කොහොම වුණත් මානව හිමිකම් ලොකු නෝනටත් කියලා තියන්න සිංහල අපිට බ්‍රිතාන්‍යයේ කඩයක්වත් නිදහසේ කරන්න දෙන්නේ නැහැ කියලා (නි)
අපේ මානව හිමිකම් හොයන එංගලන්තයේ කෙනෙක්ට නිදහසේ කන්නවත් හිමිකමක් නැද්ද? මෙතුමාට ඉදිරියටම යන්න ධෛර්යය ලැබේවා! (නි)
කෑම වල ජාතිකත්වයක් නැත. මේක " ආනන්ද බවන් " සින්දුවේ වගේ, කාලා බනිනවා. (නි)
මම හිතන්නේ පුද්ගලික හේතුවක් මේකට මුල වෙන්නත් පුළුවන් කියල (මම දන්නේ නැහැ). ලංකාවේ එංගලන්තේ කියලා නැහැ මෙවැනි දේවල් කොහෙත් වෙනවා. පහුගිය දවස් වල සමහර මුස්ලිම් කඩ වලට ලංකාවේ ප්‍රශ්න තිබුනු බව මතකයි. (නි)
ඔබ අධෛර්යමත් වෙන්න එපා.තවත් හොදට කරන්න. ඉදිරියටම යන්න ඔබට පුළුවන්. (නි)
මෙන්න එක්සත් රාජධානියෙන් මානව හිමිකම් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට හොඳම අවස්ථාවක්. මීට ඉහත අපේ ජනපතිතුමාට පිළියෙළ කරගත් කතාවක් පවා කරන්න ඉඩ දුන්නේ නැහැ. සිංහල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මරා දැම්ම. මේ ඔක්කොම එකතු කරලා වහාම ඔවුන්ගේ රටේ මානව අයිතිවාසිකම උල්ලංඝනය කරන අයුරු පෙන්නා දෙන්න. වහාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට කරුණු දැක්විය යුතුය. විදුරු ගෙවල් වල සිට ගල් ගසන අය කවදා හෝ තමන්ගේත් වැරදී එළිවෙන බව ඒ අය විතරක් නොවේ, ඔවුන්ට කත අදින රටට ද්‍රෝහී අනිත් අයත් දැන ගන්නවා නම් හොඳයි. (නි)
ලෝකේ තියෙන වසංගත ඔක්කොම දේශපාලන රැකවරණ නාමෙන් තමන්ගේ භූමියේ පුරවා ගැනීමේ ආනිසංස තව වසර 15ක් 20ක් යනකොට සමහරවිට ඊටත් කලින් කට්ටියට ලැබේවි.අපේ රටවල් වල තියෙනවට වඩා ප්‍රශ්න ඉදිරියේදී මේ රටවල් වල ඇති කරාවි.ජාතිවාදී ප්‍රශ්න සුදු කළු බේද වගේ ප්‍රශ්න ඔඩු දුවලා ලේ වැගිරීම් දක්වා වර්ධනය වේවි.සුදු තරුණයින් ආයුධ අතට ගනීවි.අපේ කළු සුද්දෝ ඔක්කොටම ඊට පස්සේ දේශපාලන හා ජීවිත රැකවරණ පතා අපේ රටටම අායෙත් එන්න වේවි අනාථයෝ වගේ. (නි)
ඔය කරන වැඩෙන් වන්දි ගෙවන්නේ ලංකාවේ ජීවත්වන ඔබගේ සහෝදර සහෝදරියන් බව අමතක කරන්න එපා (නි)
ඕකට ගැහුවේ කවුද කියලා හිතාගන්න පුළුවන් (නි)
මේ පිළිබඳ ලංකා රජයෙන් සොයා බැලිය යුතුයි. මේක එංගලන්තේ සිංහල මිනිහෙක්ගේ මානව හිමිකම් කඩවීමක්. (නි)
මේවා අපිත් එක්ක තියෙන ඉරිසියාවට කරන වැඩ (දී)
කැනඩාවේ නම් කවදාවත් ඔහොම වෙන්නේ නැහැ. පොලිස් සේවය කාටත් සාධාරණයි. සිංහල - දෙමල ප්‍රශ්න පොලිසියට අවශ්‍ය නැහැ.නීතිය අකුරටම තියෙනවා. අපි සමගියෙන් ඉන්නවා.එංගලන්තේ ඉන්න දෙමල සහෝදරයන් සිංහල අපිට මේවා නොකළ යුතුයි.ලංකාව ඉක්මනටම දියුණු වන උතුම් රටක් වෙන නිසා ..... (නි)
ඕකට තමයි කියන්නේ එංගලන්තේ සුද්දගේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා (නි)
මේකද එංග්ලන්ඩ් වල ප්‍රජාතන්ත්‍රවාදය... (ස)
ඉම්රාන්, කතා කරන්නේ හිතට එකඟව නම් බොහොම හොඳයි.නමුත් ඉම්රාන් ටිකක් නැවතිලා ලෝකය දිහා හොඳට ඇස් ඇරලා බලන්න. බොහොම රටවල් වල ප්‍රශ්න ඇති කරලා තිබෙන්නේ කවුද කියලා.ලෝකයාට බළු කියන්නේ නැතිව අනාගතය බාර ගන්න ඉන්න තමන්ගේ සොයුරු සොයුරියන්ව ඒ වලට වැටෙන්න නොදී බේරගන්න. මිතුරු ෆස්රුල් ගෆූර් ගේ ප්‍රතිචාරය බලපොරෝරොත්තු වෙමි. (ස)
මේක බොහොම සුළු දෙයක් අද ලංකාවේ ගිනි තියන හැටියට. මේකට කලබලවෙලා කපටි දෙසපලුවන්ට උදව් වෙන වැඩ කරන එපා (දී)
අපි හොඳටම දන්නවා ,මේක කලේ කුඩා කියල ,කුඩැල්ල කොහේ ගියත් ඒ වගේ, සහෝදරය ඔබට උන කරදරයට ,ශ්‍රී ලාංකිකයකු වශයෙන් කණගාටු වෙමි, මොන කරදර ආවත් අපේ කම රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ඔබට ලැබේවා!!! (අ)
ඔබට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා.හැබැයි පරිස්සම් වෙන්න. මොකද ඕකුන් වනේ ඉන්න වන සතුන්ටත් අන්තයි. කොයි රටට ගියත් මොන රක්ෂාවක් කලත් අහවල් ජාතීන් තාමත් වන සතුන් වගෙයි. මතකනේ මේ රටේ අමු අමුවේ මිනිස්සුන්ව මස් කල හැටි. පරිස්සම් වෙන්න ඔබ... (ස)
හලෝ බන්දුල ඔයා මොනවද දන්නේ? මමත් ඉන්නේ විදේශ රටක. ඔය ජාතිබේද නැතිව අපි සතුටින් ඉන්නේ ඔයා වගේ මෝඩ අය මෙහේ නැති නිසා. වැඩක් නැතිනම් නෝනට රෙදි ටික හෝදල දෙන්න පුළුන්නනම්.(නදී);
හැබැයි හැමදෙයම අපෙ අනිත් රට බලාගෙන ඉන්නෙ. ආයෙත් ජාති බේදයක් ගැන හිත්නවත් එපා. කවුරුත් සාමයෙන් ඉන්න බලන්න. (ස)
අපේ රටේ ජීවත්වන ඇතැම් මුස්ලිම් ජනතාවත් ද්‍රවිඩ ජනතාවත් ඉස්සර අයට වැඩිය හැම දෙයක්ම ඉතාමත් නුපුරු ඇසින් බලන්නේ. එය අපේ ලංකාවේ අනාගතයට හරි කණගාටුදායක කාලයක් වෙනවා. පිටරට වල ඉන්න එම ජාතිකයනුත් එවැනි අන්දමින් බලමින් ඝට්ටන ඇති කිරීමට පටන්ගෙන තිබීම හුගක් භයානකයි.මෙහෙ අය මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා කියන එක මට විශ්වාස කරන්න බැරි දෙයක්. මොකද මමත් මුස්ලිම් ද්‍රවිඩ මිත්‍රයින් ළගින් ආශ්‍රය කළ කෙනෙක් (නි)
කාලේ මාරු වුනාට කොටි පුල්ලි මැකෙන්නේ නැහැනේ. පුරුදු අතහරින්න බැහැ. අපේ තානාපති මඟින් මේ අපරාධය ගැන කැමරන් මහත්මයට දන්වල අහන්න මේකද එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. අමතක කරන්න එපා චැනල් 4 ලවාත් මෙය ප්‍රසිද්ධ කරවන්න බලන්න. එහෙම නොකලත් එයාලගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්නේ. (ස)
ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන දෙමල ඩයස්පෝරාවේ තවත් බියගුළු පහත ක්‍රියාවක් මේකත්, පහුගිය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවෙන් කොටි බලාපොරොත්තු සුන් උන දේට පලි ගනිමකටයි මේක කලේ අනුමානයක් නැහැ, ආරක්ෂාවට වැඩපිළිවෙලක් යොදාගන්න ප්‍රනාන්දු මහත්තයෝ, කැමරා ටිකක් හයිකරගන්න , ඒ වගේම නෝනිස් මහකොමසාරිස් තුමාගේත් ආරක්ෂාව වැඩි කරන්න, (නදී)
සීසීටීවී කැමරා නැද්ද එහේ? ලංකාවෙ නම් හැමතැනම. ෆෝන් එකකින් වත් බැරිඋනාද වීඩියො කරන්න?(නදී)
ගණන් ගන්න එපා කොල්ලෝ. තව කඩයක් අපි ළගදිම දාමු (නි)
දිරිය අරන් සොයුර තව ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. කැමරන් මෙතැනින්ම පටන් ගමු නේද.....?(නදී)
අපේ එක් කෙනෙක් මැරුණා.දැන් තව ප්‍රශ්නයක්.එකමුතු වී ඔලුවෙන් ගහමු. (ස)
ඉම්රාන්, කියන විදියට අපේ ස්වාමින් වහන්සේලා සුර සැප විද විද ආගම් බේද වපුරනවා ..ඉම්රාන් මහත්තයට වැරදිලා..සිංහල බෞද්ධයගේ කවදාවත් අනෙකුත් ආගමකට ගැරහීමක් පහත් කිරීමක් පාග ගැනීමකට උත්සහ කිරීමක් නැහැ..ඒක නිවටකමකට සලකල අනෙකුත් ජාතීන් සහ ආගම් සිංහල බෞද්ධයගේ ඔලුවට අත සේදීමට එන එකත් සිංහල බෞද්ධයා ඉවසන්නේ නැහැ..හුදකලා සිදුවීම් කීපයක් සිදු උනත් (ඒවා උනත් සුළු දේපල හානි පමණයි) මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව දන්නවා තමන් මේ රටේ විදින නිදහස..ප්‍රශ්න ඇති වෙන්නේ එම නිදහස අන්තවාදීන් විසින් අයුතු විදියට බාවිතා කිරීමට යාම..මොන දේ උනත් සිංහල බෞද්ධයා ආගමේ නාමෙන් කාගෙවත් බෙලි කපන්න යන්නේවත් තමන්ගේ ආගම පමණක් තිබිය යුතුයි කියල හිතන්නෙවත් නැහැ..සිංහල බෞද්ධයට මේ රටේ තියෙන බලය ඉම්රාන්ලට මේ රටේ තිබුනා නම් ඔයාල ඉන්න තැන සිංහල බෞද්ධයා හිටියා නම් අද ඔයාල විඳින නිදහස අපිට ලැබෙයි කියල ඔයා හිතනවාද..අපි ජාතිවාදී නැහැ ඉම්රාන් මහත්තයෝ..ඔයාලට තර්ජනය තියෙන්නේ අපෙන් නෙමෙයි..ඔයාලගේ ආගම අදහන එම ආගම ඇඟට බද්ධ කරගෙන ඒකෙන් සිහිය විකල් කරගත්තු ඔයාලගේම අන්තවාදීන්ගෙන්. ඔයා හොඳින් අදහස් දක්වනවා.ඒකට ස්තූති කල යුතුයි.. (ස)
සිංහලයට විරෝදිව ඉන්නේ ලෝකයේ එකම ජාතියයි. ඒක ඉතිහාසයේ ඉතා හොඳින් විස්තර කර ඇත. මේක ඉතින් තේරුම් ගන්න බැරි නම් සිංහලයෙක් ඔහු නොවේ.(නදී)
පසුබට වෙන්න එපා ඉදිරියට යන්න ඔබට ජය...(නදී)
"ප්‍රහාරය ආරම්භ කරන්නට ඇත්තේ කෑම කමින් සිටි කෙනකු හෝ වෙනත් කණ්ඩායමක් විය හැකියැයිද තම අවන්හළේ දෙමළ කෑම අලෙවි නොකරන ලෙස මීට කලින් තමාට අනතුරු අඟවා ඇතැයි ද ඔහු කියයි". මේ වාක්‍යය කියෙව්වාම තේරෙනවා කවුද මේ අපරාධය කලේ කියල. වගකිය යුත්තන් කොහොම හරි අල්ලගන්න පුළුවන් උනොත් උසාවි ගෙනි හිල්ල හොදට වාත කරන්න ඕනේ. (ස)
රෝහණ, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාව පමණක් නොවේ ඕනෑම ජාතියක, රටක ඉන්නවා නපුරු ඇසින් බලන. එය එක් කොටසකට පමණක් සිමා වෙන්නේ නැහැ. (නි)
සොයුර මෙයින් සැලෙන්න එපා....මීටත් වඩා හොදින් නැවතත් ඔබගේ අවන් හල කරගෙන යන්න...ඔබට ජය පතමි,(නදී)
මෙවැනි දේවල් ජීවිතයට අවශ්‍යම උද්යෝගය සපයනු ලැබේ. තවත් උත්සාහයෙන් සහ ධෛර්යයෙන් ඉදිරියටම යන්න වාසනා වේවා. (ස)
කනගාටු දායක පුවතක්, දියුණු සීසීටීවී කැමරා පද්ධතියක් සවිකර තිබුනේ නම් මෙම පිරිස හදුනාගැනීමට තිබුනා, මොවුන් බොහෝවිට තමිල්නාඩු දෙමල චිත්‍රපට ආදර්ශයට ගෙන මෙවැනි ක්‍රියා සිදුකරයි, රණවිරුවන් නන්දි කඩාල් වලින් ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන මොවුන් සිටින්නේ දැඩි කේන්තියකිනි, හේතුව, තවදුරටත් හොර රහසේ වෙනත් රටවලට ගොස් සරණාගතයින් ලෙස රැකවරන ලබාගත නොහැකි වීමය. (නදී)
ඒ කියන්නෙ කොටින්ගේ තවත් ජරා වැඩක්??? මුන්ට මොනා කරලා මදිද?? (ස)
වැටෙන්න එපා කොල්ලෝ..බල්ලෝ බුරද්දී අපි නැවතිලා උන්ට ගල් ගහන්න ගියොත් අපේ ඉලක්කෙට යන එකයි ප්‍රමාද වෙන්නේ.දෙවැනි පාර ආයේ නොවෙන්න සීසීටීවී වගේ කැමරා සවි කරන්න. (ස)
මේ වගේ පහත් වැඩ කරලා සිංහයන් වට්ටන්න බැහැ කියන එක ඔබතුමා ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න.සමහරවිට මෙයාලා අර හිටපු අයගේ අවතාර වෙන්න ඇති. (ස)
රයිඩර් මහත්තයා, වැඩක් නැති වෙලාවට නෝනට රෙදි හෝදනවා වගේ..හොඳයි හොඳයි..හැබයි බලාගෙන ..ඕක පුරුද්දකට ගනීවි නෝනා.. (ස)
අනේ නිකන් යනවා ලාරා යන්න පුසිද්ධ වෙන්න කරපු වැඩක්ද කියන ලස්සන විතරක් (නදී)
මෙතන ආහාර ගනිමින් සිටි එක අයෙක්වත් මේ මැරයන් හඳුනා නොගැනීම පුදුමයක්.බලමුකෝ එංගලන්ත පොලිසිය මොකද කරන්නේ කියලා.නැවත නැගිටින්න බලය ලැබේවා !!!! (ස)
ඔන්න ඩේවිඩ් කැමරාන්ලගේ ප්‍රජාතන්ත්‍රවාදය. (ස)
මේ ගහපු අය හිතෙන්න ඇති, ඩේවිඩ් කැමරනුත් එයාලගේ පැත්තේ කියලා. එයා මෙහේ හැසුරුන විදිහට. (ස)
ප්‍රජාතන්ත්‍රවාදය ආයුබෝවන්ඩ. කැමරුන් මහත්තයාගේ සාකච්ඡා වේදීත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ පුසුඹ ඉහ වහා ගියා.මම වැඩිය ලියන්නේ නැහැ.මොකද ලේ රත් කර ගන්නේ. (ස)
චැනල් 4ට බැරිවුන පළිය, කැමරන්ලගෙ දෙසපාලනය තමා මේ පෙන්නලා දුන්නෙ. (ස)
පසුබට වෙන්න එපා. අපේ ආශීර්වාදය ඔබ සමඟ. නැවත කරගෙන යන්න. අපව එසේ නවත්වන්න බැරි බව පෙන්වන්න. (ස)
මේකේ ලොකු ප්‍රතිචාර දමන එංගලන්තයේ සිංහලයන්ට බැරිද මේවාට ප්‍රතිචාර දෙන්න . ඇවිත් ලංකාවට බැනලා ආණ්ඩුවට බැනලා රජය විවේචනය කරලා . එංගලන්තයේ සර්ව සාදාරන නීති ගේන්න කියන අය කෝ කට්ටියම හැංගිලාද මේකට ගැහුවම . සමාවන්න මෙහෙම ලිව්වට . මොකද ඉතාලිය ලංකාව තුට්ටු දෙකට දාන කට්ටියක් ඉන්නේ එංගලන්තයේ (නදී)
ඔන්න ඩේවිඩ් කැමරාන්ලගේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්න සුගත්ලා වගේ අයට කට පණ තිබුනට තංගල්ලේ ජාති භ්‍රෂ්ටයන් කළ මහා පාපතර ක්‍රියාව හා රටේ ලොකු ලොක්කන් අතර ඇති සම්බන්ධය ගැන කියන්න කොන්දක් නැද්ද?ඒ වගේ සිද්ධියකදී සුද්දෙක් ඇහුවොත් "මේකද අහවලාගේ ප්‍රජාතන්ත්‍රවාදය" කියලා සුගත්ලාට කියන්න ඇත්තේ කුමක් ද? වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්නේ කවුද කියලා දැන් පේනවා නේද ? (නි)
අධෙර්‍යය වෙන්න එපා (නදී)
ප්‍රනාන්දු සොයුරාට වඩාත් හොඳින් නැගී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා! අනේ දවසක කැනඩාවේ කොටසක් ඉල්ලා කොටි යුද්ද කරන දිනයක් වූදා වේවා කියල මම පතනවා. මේකේ අරුමේ තේරෙන්න. (ස)
සිංහල කොටිත් ඔය වැඩ කරනවා.මොකටත් ඉදිරියේදි ආරක්‍ෂිත කැමරා වල සයෝගය නොකඩවා ගන්න. (ස)
හලෝ කැමරන් සුද්දා. ඔන්න ඔයාට මානව හිමිකම් සොයන්න හොඳ ජොබ් එකක්. කට වරද්දා ගත්තා. ස්වභාව ධර්මය ටික ටික උත්තර දෙයි. (ස)
ඔව් අයියේ, ලංකාවෙත් ඉන්නවා මේ වගේ බිස්නස් වලට පහර ගහන උදවිය ?? (ස)