බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලන්ඩන් මෙට්‍රෝ පොලිටන් පොලිසිය විසින් ලන්ඩන් නුවරදි තවත් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු හෙන්රි පොල් අජන්තන් නැමති අයෙකි. මෙම පුද්ගලයා පැහැර ගැනීමට ලක් වු දෙමළ ජාතික නවරාජ් යටතේ ඔහුගේ ලන්ඩන් වෙළෙද ව්‍යාපාරයක සේවය කරන්නෙකි.
දෙමළ ජාතික නවරාජ් ශ්‍රී ලංකාවට පැමිණිමත් පසුව ඉන්දියාවට පැමිණෙන දිනය වේලාව ආදී සියලු තොරතුරු කප්පම් කරුවන්ට ලබා දී ඇත්තේ ඔහු විසින් යැයි ලන්ඩන් පොලීසිය සැක කරයි.
මෙම පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව චෙන්නායි ගුවන්තොටුපළ මුළුමනින්ම ආවරණය වන පරිදි එහි ඇතුළු වීමේ හා පිටවීමේ පර්යන්ත වලින් ඉන් පිටතටත් රූපවාහිනි කැමරා සවි කිරීමට තමිල්නාඩු ගුවන්තොටුපළ බලධාරීන් තීරණය කළ බව තමිල්නාඩු පොලිස් කොමසාරිස් එස් ජෝර්ජ් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෙන්නායි නොගිහින් ලංකාවට ආවා නම් මෙහෙම වෙන්නේ නෑ නේ.(නදී)
මෙහේ වෙළද ව්‍යාපාර කරන හැමෝම දෙමළ අය. මහන්සියන් දියුණු වෙලා,අහිංසක අයට උදව් කරනවා. නමුත් හැම දෙමළ කෙනක්ම එක වගේ නැහැ. (නි)
අහුවුනොත් ශ්‍රී ලාංකික. නැත්නම් දෙමල ඊලාම්. (නි)
ගිය තැන ගම කනවානේ. (නි)
ඔක්කොම එකම ජාතියක මිනිස්සුන්ගේ වැඩක්. වැරදි කරලා අල්ලපුහම අපි ලාංකිකයෝ නැතිනම අපි ද්‍රවිඩයෝ.(නදී)
මුන්ට දැන් ක්‍රෙඩිට් කාඩ් සෙල්ලම කරන්න බැරි නිසා අලුත් සෙල්ලමක් පටන් අරන් වගේ. (නදී)