IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලන්ඩන් ශාඛාව රනිල් හමුවේ

එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ සභාපති හර්ෂ සිරිවර්ධන සහ එජාප තරුණ ශාඛාවේ සංවිධායක චතුර මල්ලව පසුගියදා සිරිකොතෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් මුණගැහුණහ.

මෙම හමුවීම සඳහා එජාපයේ ලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ එජාප ජාතික තරුණ සභාවේ සභාපති රුවන් විජයවර්ධන මහත්වරුද වුහ.

පක්ෂයේ ජනප්‍රියත්වය තවදුරටත් රඳවා තබාගැනීමටත් අලුතින් පක්ෂය සඳහා සාමාජිකයින් සහ හිතවතුන් සමීප කරවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධනය සඳහාත් පසුගිය වසරේ එක්සත් රාජධානි ශාඛාව මඟින් ක්‍රියාත්මක කරන ලද වැඩ කටයුතු පිලිබඳ සවිස්තර වාර්තාවක් මෙහිදී පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත් කර ඇත.එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර ඇති විවිධ වැඩ සටහන් පිළිබඳවද මෙහිදී පක්ෂ නායකත්වය දැනුවත් කර ඇත. 

විශේෂයෙන් පක්ෂ මුලස්ථානයේ වැඩ කටයුතු සඳහා ආධාර මුදල් රැස්කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද එම අවස්ථාවේ සාකච්ඡා කර ඇත.එජාපයේ එක්සත් රාජධානි ශාඛාවේ සාමාජික ලැයිස්තුව අනුමත කරවා ගෙන ඇති අතර පක්ෂ ශාඛාව සඳහා ගෙවිය යුතු සාමාජික මුදලද එදින ගෙවන ලද බව සභාපති විසින් නිකුත්කර ඇති පුවත්පත් නිවේදනයෙහි දැක්වෙයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත රැගෙන යාම සඳහා ශාඛා සමිති ගෙනයන උත්සාහය අගය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය  පිළිබඳව කතා කළේය. එක්සත් රාජධානි ශාඛාවේ වැඩකටයුතු ඉදිරියටත් දැඩි උනන්දුවකින් සහ උත්සාහයකින් ගෙනයන ලෙසටද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

එජාප මහා ලේකම් තිස්ස අත්තනායක මහතා එජාපයේ එක්සත්රාජධානි ශාඛාවේ වැඩකටයුතු නොබියව දිගටම කරගෙන යන       ලෙසට ඉල්ලා සිටිබවද හර්ෂ සිරිවර්ධන මහතා පවසයි. එජාප ජාතික තරුණ සභාවේ සභාපති රුවන් විජයවර්ධන,  ලන්ඩන් ශාඛාවේ වැඩකටයුතු පිළිබඳව ඉතාමත් සතුටු විය හැකි බව පැවැසීය. 

ලන්ඩන් එජාප තරුණ ශාඛාවේ සංවිධායක චතුර මල්ලව මෙමාසයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට සුදානම්කර ඇති ආධුනික ක්‍රිකට් තරඟය ඇතුළු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර ඇති වැඩකටයුතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළේය. 

 



අදහස් (0)

ලන්ඩන් ශාඛාව රනිල් හමුවේ

සරත අතාවුද Monday, 08 July 2013 01:43 PM

කතා කරකර ඉදල හරියන්නේ නැහැ වැඩකරන අය‍ට වැඩ කරන්න දෙන්න.(නදී)

:       0       0

සුසීමා Monday, 08 July 2013 10:19 AM

ආධාර ආධාර .මොකද මේ (අ)

:       0       0

කපිල- ලන්ඩන් Monday, 08 July 2013 04:50 AM

තිස්ස අත්තනායකගේ තවත් සුපිරි වැඩක්. පක්ෂේ කනවට අමතරව විදේශීය ශාකා අතරත් භේද ආරවුල් ඇතිකරලා යුන්පි එක නන්නත්තාර කරනවා. මේක හැමෝම නොමග යවන වැරදි වැඩක්. තිස්ස ලන්ඩන් වල මහා සභා රැස්වීම තියනවා කිව්වේ 2011 දෙසැම්බර්වල. තවමත් නැහැ. බොරු පොරොන්දු විතරයි. එහෙනම් කොහොමද සභාපති කෙනෙක් ඉන්නේ.(නදී)

:       0       0

අමිළ Monday, 08 July 2013 03:54 PM

දැන් රට ගොඩනගන්න රනිල් මහතයට අවස්ථාව තියනවා. මොකද මේ ආණ්ඩුවට ආර්ථිකය ගොඩගන්න බැහැ. හොරකම විතරයි වෙන්නේ මේක හොර තක්කඩියන්ගෙන් පිරිච්ච ච වංචා ආණ්ඩුවක් ජනතාව කබලෙන් ලිපට වැටිලා දැන්. ගාමන්ට් වැහිලා කිසිම මිල පාලනයක් නැහැ. රට විකෘති වෙලා හොරු රජ වෙලා.(නදී)

:       0       0

ලසන්ත Monday, 08 July 2013 03:58 PM

මහින්ද චින්තනයෙන් හොදයි එයාලගේ පවුලේ අයටයි වටේ ඉන්න හොරුන්ටයි. මෙයත් හරියට ගඩාපි වගේ තමයි.(නදී)

:       0       0

ගයනි Monday, 08 July 2013 04:02 PM

රනිල් මහත්තයා අවංක නායකයෙක් දැන් රටට ඔහුගේ දැනුම අවශ්‍යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site