ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ බුදුමැදුර අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව බෝධි පුජා පින්කමක් පවත්වා විවෘත කරනු ලැබීය.
මහමෙව්නා අසපුව පිහිටා ඇත්තේ කලබල කාරී ලන්ඩන් නුවරින් බැහැර නිසංසල ග්‍රාමීය පරිසරයක් ඇති බැසිල්ඩන් ග්‍රාමයේය.
ලන්ඩන් නුවර අසපුව ආරම්භකර ඉතා කෙටි කාලයකින් එහි පැවැත්වෙන පිංකම් සඳහා සහභාගීවන බැතිමතුන්ගේ සංඛ්‍යාව ශීග්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් සති අන්තයන්හි එම පිංකම් සදහා බැසිල්ඩන් අසපු මුලස්ථානයට අමතරව වෙනත් නගර කිහිපයකදීද පැවැත්වීමට පියවර ගැනීමට සිදුවිය.
මේ අතර මුලස්ථානයේ අවශ්‍ය ඉඩ පහසුකම් ඇති ධර්මශාලාවක් සහ ස්වාමීන්වහන්සේලාගේ භාවනා කටයුතු සඳහාත් නවාතැන් පහසුකම් සඳහාත් ප්‍රයෝජනයට ගත හැකි කුටි සංකීර්ණයක් ඉදි කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.
මෙම වැඩපිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් අසපු මුලස්ථානයේ බුදුමැදුර අලුත්වැඩියා කරනු ලැබීය.
ලන්ඩන් මහමෙව්නා අසපුවේ සැදැහැවතුන්ගේ සහයෝගයෙන් ඉතා කෙටි කාලයකින් මෙම වැඩකටයුතු සම්පුර්ණ කිරීමට හැකිවිය.
නව බුදුමැදුර විවෘත කිරීම වෙනුවෙන් මහමෙව්නා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා විසින් පැවැත්වුණු බෝධි පුජාවට මහ පිරිසක් එක් වුහ.
2025 දෙසැම්බර් මස 18
532
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් මහමෙව්නාවේ බුදුමැදුර පිළිසකර කරයි
මහේෂ් Wednesday, 19 March 2014 11:03 PM
අපි ලබපු අත්දැකීම් අනුව සමහර ක්‍රියාකාරකම් අපිට කුතුහලයක්.(නදී)
ඉරන්ත ගමගේ Wednesday, 19 March 2014 11:38 PM
දකින්නට ලැබීමත් සතුටක් (දිල්)
රුවන් ද සිල්වා Thursday, 20 March 2014 02:13 AM
නමෝ බුද්ධාය. බුදු සසුන බැබලේවා ! (නදී)
දොන් රොෂාන් ද සොයිසා Thursday, 20 March 2014 03:07 AM
තෙරුවන් සරනයි ලොවේ සැමට.(නදී)
මහින්ද Wednesday, 19 March 2014 06:30 PM
සාදු..සාදු ..සාදු පින බලා සතුටු වන්න පින අනුමෝදන් කරගන්න (දී)
ශානක Thursday, 20 March 2014 09:44 AM
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි.........නමෝ බුද්ධාය......(දී)
සෝමපුර සිරි සුධම්ම හිමි Thursday, 20 March 2014 11:22 AM
බුදු දහම ලොව පතිරේවා සාදු සාදු සාදු ! (නදී)