ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ මහා සංඝරත්නය මෙහෙයවූ සත්බුදු වන්දනාව සහ භාවනා වැඩ සටහනක් 2013 වසරේ අවසන් රාත්‍රිය මුළුල්ලේ වොට්ෆර්ඩ් නගරයේදී පැවැත්විණි.
ලන්ඩන් මහමෙව්නා අසපුවේ දැනට හිමිවරු හතර නමක් වැඩසිටිති.
පසුගිය වසරේ අවසන් රාත්‍රිය පහන් වනතුරු පැවැත්වුන බුද්ධ පුජා, සත්බුදු වන්දනා, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් දේශන පැවැත්විණී.
බැතිමතුන් සංඛාවක් සහභාගීවුහ.
සත්බුදු වන්දනාව මඟින් මෙම භද්‍ර කල්පයේ ලොව පහළවී වදාළ කාශ්‍යප, කෝණාගමන, කකුසඳ,වෙස්සභු,සිඛී, විපස්සී සහ ගෞතම යන බුදුරජානන් වහන්සේලාගේ ගුණ සමුදාය මෙනෙහිකරමින් වන්දනා කැරිණි.
දෙසැම්බර් 31 වෙනිදින සවස 6.30 ට ආරම්භවු පිංකම අවසන් වුයේ ජනවාරි පළමුවැනිදා උදේ 7.30 ටය.
පිංකමට සහභාගීවූ සියලුම සැදැහැවතුන් වෙත රාත්‍රී භෝජනය ඇතුළු අවශ්‍ය ආහාර පානාදිය සපයනු ලැබිය.
සියලුම දෙනාහට පිරිත් පැන් සහ පිරිත් නුල් ලබාදී නවවසරට තෙරුවන ආශීර්වාදය ප්‍රාර්ථනා කරනු ලැබිය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි
පියල් ලන්ඩන් Friday, 03 January 2014 09:20 PM
කිසිම රටක තියෙන මහමේව්නා පංසල්වල පිංකම් සදහා වෙනත් පංසල්වල භික්ෂූන් වහන්සේට ආරාධනා නොකරන්නේ මන්දැයි කියනු මැනවි.(නදී)
කෙනත් Friday, 03 January 2014 09:43 PM
පුක්කුස සහ පියල් , ඔය වගේ නොවැදගත් දේවල් අසමින් කාලය නාස්ති කිරීම නොවෙයි වටින්නේ, සැදැහැවත් සිංහල බෞද්ධයන් වශයෙන් මේ වගේ උතුම් පින්කම් දැක සිත පහදවාගෙන පිනක් රැස්කරගැනීමට අප දක්ෂ විය යුතුයි.(නදී)
පුක්කුස වීරේ ලන්ඩන් Friday, 03 January 2014 11:20 PM
අනේ පියල්, මේ කියපු දෙයට ඔබට නිරෝගී සුවයම මතුවට ලැබේවා. (නදී)
ඝනදාස Saturday, 04 January 2014 02:24 AM
සිංහ තෙල් දමන්න රත්තරන් බඳුනක් තමයි ඕනෑ වෙන්නේ. ඉතින් තවත් කතා මොකටෙයි.(නදී)
පුක්කුස වීරේ ලන්ඩන් Friday, 03 January 2014 04:14 PM
පන්සල් රාශියක් ඇති එංගලන්තයේ තිබෙන කිසිම පන්සලක් ස්වකීය ආගමික උත්සව වලදී මහමෙවුනා අසපුවේ වැඩසිටින හිමිවරුන්ට පමණක් ආරාධනා නොකරන්නේ ඇයි? මෙය මට නොතේරේ. (දී)
සංදී Friday, 03 January 2014 07:56 PM
උඩඟුකම, ලොකුකම සහ අහංකාරකම පිටරටට ගියත් සමහරු ලග තියෙන බව දන්නේ නැද්ද වීරේ.(නදී)