ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුවේ මහා සංඝරත්නය මෙහෙයවූ සත්බුදු වන්දනාව සහ භාවනා වැඩ සටහනක් 2013 වසරේ අවසන් රාත්‍රිය මුළුල්ලේ වොට්ෆර්ඩ් නගරයේදී පැවැත්විණි.
ලන්ඩන් මහමෙව්නා අසපුවේ දැනට හිමිවරු හතර නමක් වැඩසිටිති.
පසුගිය වසරේ අවසන් රාත්‍රිය පහන් වනතුරු පැවැත්වුන බුද්ධ පුජා, සත්බුදු වන්දනා, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ පිරිත් දේශන පැවැත්විණී.
බැතිමතුන් සංඛාවක් සහභාගීවුහ.
සත්බුදු වන්දනාව මඟින් මෙම භද්‍ර කල්පයේ ලොව පහළවී වදාළ කාශ්‍යප, කෝණාගමන, කකුසඳ,වෙස්සභු,සිඛී, විපස්සී සහ ගෞතම යන බුදුරජානන් වහන්සේලාගේ ගුණ සමුදාය මෙනෙහිකරමින් වන්දනා කැරිණි.
දෙසැම්බර් 31 වෙනිදින සවස 6.30 ට ආරම්භවු පිංකම අවසන් වුයේ ජනවාරි පළමුවැනිදා උදේ 7.30 ටය.
පිංකමට සහභාගීවූ සියලුම සැදැහැවතුන් වෙත රාත්‍රී භෝජනය ඇතුළු අවශ්‍ය ආහාර පානාදිය සපයනු ලැබිය.
සියලුම දෙනාහට පිරිත් පැන් සහ පිරිත් නුල් ලබාදී නවවසරට තෙරුවන ආශීර්වාදය ප්‍රාර්ථනා කරනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම රටක තියෙන මහමේව්නා පංසල්වල පිංකම් සදහා වෙනත් පංසල්වල භික්ෂූන් වහන්සේට ආරාධනා නොකරන්නේ මන්දැයි කියනු මැනවි.(නදී)
පුක්කුස සහ පියල් , ඔය වගේ නොවැදගත් දේවල් අසමින් කාලය නාස්ති කිරීම නොවෙයි වටින්නේ, සැදැහැවත් සිංහල බෞද්ධයන් වශයෙන් මේ වගේ උතුම් පින්කම් දැක සිත පහදවාගෙන පිනක් රැස්කරගැනීමට අප දක්ෂ විය යුතුයි.(නදී)
අනේ පියල්, මේ කියපු දෙයට ඔබට නිරෝගී සුවයම මතුවට ලැබේවා. (නදී)
සිංහ තෙල් දමන්න රත්තරන් බඳුනක් තමයි ඕනෑ වෙන්නේ. ඉතින් තවත් කතා මොකටෙයි.(නදී)
පන්සල් රාශියක් ඇති එංගලන්තයේ තිබෙන කිසිම පන්සලක් ස්වකීය ආගමික උත්සව වලදී මහමෙවුනා අසපුවේ වැඩසිටින හිමිවරුන්ට පමණක් ආරාධනා නොකරන්නේ ඇයි? මෙය මට නොතේරේ. (දී)
උඩඟුකම, ලොකුකම සහ අහංකාරකම පිටරටට ගියත් සමහරු ලග තියෙන බව දන්නේ නැද්ද වීරේ.(නදී)