ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර භාවනා අසපුවේ වෙසක් පිංකම ලබන 10 වැනි සෙනසුරාදා දවස පුරාවටම ශීල, භාවනා සහ සිරි ගෞතම බෝධි වන්දනාමය වැඩසටහනක් සමග පැවැත්වීමට යයි. 

එදින උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා බැසිල්ඩන්හි වට් ටෛලර් මධස්ථානය මෙම පිංකම සංවිධානය කැර ඇත.

උදැසන 8 සිට දහවල් 3 දක්වා දරු දරුවන් සඳහා විශේෂිත වෙසක් වැඩ සටහනකි.

ලන්ඩන් මහමෙව්නා අසපුවේ සියලුම ස්වාමීන් වහන්සේලා මෙම වැඩසටහනේදී ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා, දාන ශීල සහ භාවනා වැඩසටහන් මෙහෙයවති.

සවස 5 ට පැවැත්වෙන සිරි ගෞතම බෝධි වන්දනාව අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටද කටයුතු යොදා ඇත.

අසිරිමත් වෙසක් මංගල්‍යය සඳහා සහභාගීවන පින්වතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසට ඉල්ලීමක් ද කෙරේ.