වසර හතර හමාරකට පමණ පෙර ලන්ඩනයෙන් සොයා ගත් විශාලතම නිධානයේ රඹහ මැණික් ශ්‍රී ලංකාවෙන් විය හැකි යැයි අනුමාන කෙරේ.
හත් වැනි සහ අට වැනි සියවසේ මර්සියා රාජධානියට අයත් බව සැලකෙන පවුම් තිස් තුන් ලක්ෂයක් (රුපියල් ලක්ෂ 7194) වටිනා මහාර්ඝ නිධානයක් එංගලන්තයේ ස්ටැෆඩ් ෂයර් ලිච්ෆීල්ඩ් ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.
2009 ජූලි පස් වැනි දා ලැබුණු මෙම නිධානයේ වැඩිපුරම ඇත්තේ එදා යුද්ධයට සම්බන්ධ ආයිත්තම් රැසකි.
කිලෝ පහක් බර රන් ද, කිලෝ එකහමාරකට ආසන්න රිදී ද, තඹ ද, රබහ (රතු මැණික් වර්ගයකි) ගල් 3500ක් ද මෙම නිධානයට ඇතුළත් වෙයි. එම මැණික් ගල් ශ්‍රී ලංකාවෙන් විය හැකි යැයි කියති.
යුද්ධයේ දී ප්‍රධානය කැරුණු කඩුවල මිටි, රනින් සෑදූ සත්ත්ව රූප, කුරුස හෙල්මට් ආදිය එහි ඇත.
මෙම වස්තු සෙබළුන් විසින් හෝ සොරුන් විසින් වළ දමන්නට ඇතැයි සැක කෙරේ.
1939 දී සට්න් හු රාජකීය නැවෙන් සොයා ගත් රන් මෙන් තුන් ගුණරයක් එම නිධානයෙන් සොයා ගත් බව ටෙරී හර්බට් නම් ලෝහ පිරික්සුම් විශේෂඥයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් කවුද එංගලන්තේ ගියේ. (ස)
ඇත්තටම ප‍්‍රතිචාර කියෙව්වහම හිතෙනවා මෙයාලට වඩා සුද්දා හොඳයි කියාලා. මොකද සුද්දා මේ රට කැවේ පිටින් ඇවිල්ලා. ඒක නිසා උන්ට රට ජාතිය ගැන කැක්කුමක් නෑ. හැබැයි මේ අපේ මිනිස්සු රටට මඩ ගහලා විනාශ කරන්නේ මේ රටේම ජීවත් වෙන ගමන්. මේ අය හිතනවා ඇති හරි ලොකු වැඩක් කර කියලා... (ස)
මේ නිධානය හත්වෙනි, අට වෙනි සියවසට අයත් එකක්. ඒ කාලේදි කොහෙද සුද්දෝ ?ආරියසේන වගේ අය පාසල් ගිහිල්ල නැද්ද බුද්ධියෙන් මිස හැඟීම් වලින් කතා කරන්න එපා. (ස)
ලංකාවේ අන්තිම රජු නරේන්ද්‍රසිංහ මිසක් රාජසිංහ නොවේ. ඉංග්‍රීසින් අල්ලගන ගියේ රාජසිංහ. රාජසිංහ කියන්නේ ඉන්දියානු ව්‍යප්තවාදේ මෙහාට කඩාවැටිච්ච ඉන්දියන් කාරයෙක්. එහෙම කාන්තා දොලපිදේනි හරහා ලංකාවේ රජකම අල්ලගත්තු අල්ලපු රටේ කෙනෙක්ට රාජ්යත්වයකින් අමන්ත්‍රණේ කිරීමෙන් වන්නේ තවත් සංකීර්ණ වීම විතරයි. (අ)
කන්ගැට්ටගෙනුයි ඉංග්‍රීසි කාරයගෙනුයි වඩාත් හොඳ කවුද කියලා ඇහුවොත් මම නම් කියන්නේ ඉංග්‍රීසිකාරයා කියලා.මොකෝ අපෙන් ගෙනගිය දේ කෞතුකාගාර වල දමලා ලංකාවෙන් ගෙනාවයි කියලා ප්‍රසිද්ධියේ පෙන්වනවා.අපේ අනන්‍යතාවය ලෝකෙටම කියනවා.ඉතින් කවුද වැඩිපුර නරක? (නි)
තවත් දෙයක් තමා සුද්දෝ පුරාණ දේවල් අගය කරනවා. අපේ අයියලා මේවට කරන දේ පේනවනේ. ශරීරවල නොයෙක් කොටස් වල සගවාගෙන යන්න ගිහින් කරදර වලට පැටලෙනවා (නි)
ජෝයි මලේ, මමත් ඕක අහලා තියනවා අපේ නායක හාමුදුරුකෙනෙකුගෙන් . උන්නාන්සේ කිවුවා අපේ රටේ දේවල් එංගලන්තයේ ලෝන්දොන් නුවර වීදුරු පෙට්ටි වල දාලා , විදුලි පහන් දාලා මුරකාරයෝ තියලා පරිස්සම් කරනවා කියලා. අනේ අපට වාසනාව නැහැනේ ඒවා බලලා එන්න. හාමුදුරුවෝ ඉතින් පින් කරපු කෙනෙක්නෙ. (නි)
හොදින් කියවන්න. මේ නිදානය හත් වෙනි , අට වෙනි සියවසට අයත් එකක්. ඒ කාලේදිද කොහෙද සුද්දෝ ලංකාව සුරා කෑවා. සමහරවිට ලංකාවෙන් සල්ලිවලට මිලදී ගන්න ඇති ඔය මැණික්. (නදී)
සිරා, ඔයාගෙ කතාව සිරාම සිරා. මේකෙ කියන්නේ හත්වැනි අටවැනි සියවස් ගැන. සුද්දො අපිව යටත් කර ගත්තේ 18 වැනි සියවසෙන් පස්සෙ. අනේ මන්දා අපේ අය බුද්ධිමත්ව නිව්ස් එකක්වත් බලන්නෙ නෑ. මේවා අපෙන් පැහැර ගත්තා ඒවා වෙන්න බෑ. කවුරු හරි රජෙක් නිකම් දීලා. නැත්නම් විකුණලා. එතකොට ඒවා අපට කොහොමත් අයිති නෑ. (ස)
අපේ රට බලෙන් අල්ලා ගත්තා විතරක් නොවෙයි ඉංග්‍රිසීන් අපේ රජු ඇතුළු එහි සිංහල නායකයන් 100 පමණ සිරකරුවන් ලෙස ඔවුන්ගේ යටත් විජිතවල සිරකර තැබුවා. ඔවුන්ගේ දේපල කොල්ලකෑවා විතරක් නොවෙයි මේවා එළිපිටම පැහැරගෙන ගිහිල්ලා ඔවුන්ගේ කෞතුකාගාර වල ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. මා කළ පර්යේෂණයන් අනුව තවමත් තරා දෙව්දුව පිළිමය, අපේ රටට සාමය,සෞභාග්‍ය ගෙනා කොනේශ්වරම් දේවාලයේ තිබු පිළිමයක් එරට දෙවැනි ආණ්ඩුකාරයා පැහැර ගෙනගොස් තිබෙන බව තොරතුරු මා එදා පෙන්වා දුන්නා. තවත් භාණ්ඩ රැසක්ම මෙහි ප්‍රදර්ශනය කරමින් තිබෙනවා.මෙහි වෙසෙන ඇතැම් අය කියන්නේ ශ්‍රී ලංකාවට වඩා මෙහි ආරක්ෂා සහිතව ඒවා තිබිම වගේම ලොව බොහෝ දෙනෙකුට මේවා දැක බලා ගන්නට හැකි නිසා අපේ රටට වඩා මෙරට එය තිබිම වඩා ආරක්‍ෂිත බවයි.අපේ රට පිළිබදව මෙරට ඇත්තන් තවම හිතාගෙන තියෙන්නේ අපි තවමත් ඔවුන් කියන පරිදි "මාස්ටර් සර්," පරිදි කටයුතු කළ යුතුය යන හැගිමෙන් යැයි මට සිතුන වාර අනන්තයි. (නි)
ලෝකප්‍රකට ටුටන්කාමන්ගේ වගේම ඊජිප්තු මමී ඇතුළු ලෝකේ ගොඩාක් පුරාවස්තු බටහිර රටවල කෞතුකාගාර වල ඇත. තර්කයක් ලෙස බැලුවහම මේ දේවල් නැවත මවු රටවලට ලැබිය යුතු වුණත්, මේ කිසිම රටකට තියන දේවත් දැකගැනීමට හැකියාවක් නැහැ. ඉන්දියාවේ තත්ත්වෙත් එකමයි. ගිහින් බලන්න වාසනාවක් නොමැති වුණත් නිධන් හොරුන්ගේ,කන්ගැට්ටන්ගේ සහ මේවා පිටිපස්සේ ඉන්න දේශපාලුවන්ගේ ගෙවල් වල මේවා තියනවට වඩා එංගලන්තේ කෞතුකගාරවල තියෙනවටයි මං නම් කැමතියි. (නි)
මේවා එහේම තියෙන එක හොදයි. ලංකාවේ තිබුනා නම් කන් ගැට්ටගෙන් හෝ දේශපාලුවන්ගෙන් බේරාගන්න අපහසුවෙන නිසා (නි)
රානි, ඔයා කියන එකේ ලොකු ඇත්තක් තියනවා (නි)
කවුද අනේ මේ කන්ගැට්ට කියන්නේ, නිදන් හාරන සතෙක්ද? (ස)
අතීතයේ පොඩි පොඩි රටවල් බලෙන් අල්ල ගෙන මිනිස්සු මරල රැස් කරපු දේපල තමා ඔය..දැන් මානව හිමිකම් කතා කරනවා ... (ස)
නංගිගේ අදහසේ අන්තිම කොටස මම අගය කරනවා. (නදී)
අපේ දේවල් සූරන් කන විදේශිකයෝ. (ත)
අපිට මානව හිමිකම් පාඩම් කියාදෙන සුද්දන්ගේ පැටිකිරිය ඕක තමයි. කෝ එක දේශප්‍රේමියෙක් හිටියද කැමරන්ට අභියෝග කරන්න. (ස)
ඔය මෙහෙන් ගෙනිච්ච කිසි දෙයක් ආය අපට එපා... මෙහෙ තියන නිදන් ටික කෟතුක වස්තු ටික ඔක්කොම මහදවාලේ හොරකන් කරනවා. මේ කිසි දෙකට විරුද්දව නගිනොහිටින කුසිත ජනතාව ඉදල හිටලා ඔයවගේ ප්‍රවෘතියක් ඇහුන විතරයි වීරයෝ වගේ කමෙන්ට් දමනවා. ඕව ඔහේ තිබුනොත් ඉතිරිවෙලා තියෙයි.පුළුවන් නම් ඉතිරි ටිකත් ගෙනියන්ට...(ස).
සුද්දෝ අපේ රජු හිරකාරයෙක් ලෙස අල්ලගන ගියා කීම විහිළුවක්. අපේ රජු අපට නැති උනේ ඉන්දියාවෙන් ගෑනු අනයනේ කරන්ට ගත්තු දා පටන්. අනික අපේ රජාගේ බඩුටික රටේ අගනුවර තියන කෟතුකාගරෙන් හොරකන් කරන ගියා හොරකම මෙහෙය වාපු තක්කඩි දෙසපාලුවන්ට අදටත් චන්දෙ දෙමින්,වන්දිබට්ටකන් කරමින්, සුද්දන්ට පමණක් බැනවැදීම විහිළුවක්.(ස)
ඔය මැණික කොහොමත් රත්නදීපයට තමයි අයිති. (ස)
ඒවා අපිට නැවත ලබාදෙන ලෙස කැමරන්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි. (නි)
හපොයි! සල්ලි නේද? ප්‍රවේශමෙන් (නි)
චිනේ වගේ අපිත් ඉල්ලමු අපේ පුරා වස්තු. ලෝකේ ලොකුම මංකොල්ලකාරයෝ කව්ද කියලා ලෝකෙටම පෙන්නමු. (නි)
මම හිතන්නේ ඒවා එහේම තියෙන්න ඇරියොත් හොඳයි.මොකද මෙහේ තියෙන ඒවාවත් පරිස්සම් කරගන්න බැරි අපි ඒවා ගෙනත් කොහොම පරිස්සම් කරන්නද? (ස)
නීලා, ඉතිහාසය විවිධ ලෙසට අර්ථ නිරූපනය කරන්න පුළුවන්.ඔයා විහිළු කියන්නේ මොනවටද තවම දන්නේ නැහැ. ශාන්ත පැහැදිලිවම කියා තිබෙනවා කියන්න තිබෙන දේ.ඒ වගේ අය කියන දේවල් සැහැල්ලු ලෙස තුට්ටු දෙකට දාලා අනම් මනන් ලියන්නේ අර්ථයක් ධර්මයක් නොදන්නා ඔයා වගේ අයයි. (නි)
ඕක මොන පොඩි නිධානයක්ද අපේ අය නව පිටින් නිදන් ගිල්ලේ (අ)
තුන්වන ලෝකයේ රටවල් වලින් බලහත්කාරයෙන් සුරා කෑ ,මංකොල්ල කෑ නිධන් වස්තු වලින් තමා මේ රටවල් පොහොසත් වෙලා තියෙන්නේ. (නි)