ජනපති 69 වැන ජන්මදිනය සමරමින් ජනපතිට හා ශ්‍රී ලංකා වාසීන්ට සෙත් පැතීම සඳහා දානයක් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාර්ස් කාර්යාලයයේ වාර්ෂික මෙම පිංකම මෙවර පැවැත්විණි.
ඒ සඳහා මහකොමසාරිස් කාර්යාලයේ අලංකාර පිරිත් මණ්ඩපයක් ඉදිකර තිබුන අතර ගොඩනැඟිල්ලද බෞද්ධ කොඩි සහ ගොක් කොළයෙන් සරසා තිබිණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා විහාරස්ථාන සියල්ලම නියෝජනය කරමින් මහා සංඝ රත්නය 25 නමක් මෙවර පිංකම සඳහා වැඩමකර සිටියහ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සිට කරඬුව වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහෙවා හා සේපාල රත්නායක මහත්වරු හේවිසි ශබ්ද පුජා මැද වැඩම කර වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය චානක වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරියෙක්. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. රට වෙනුවෙන් අවංක, හොඳ සේවයක් කරාවියෙයි බලාපොරොත්තු වෙනවා. (ර)