එක්සත් රාජධානියේ පදිංචිව වෘතියෙන් ඉංජිනේරු ශිල්පියෙකුවන විමල් අලහකෝන් විසින් නිෂ්පාදනයකොට ප්‍රධාන චරිත රඟපෑ සිංහල චිත්‍රපට දෙකක මංගල දර්ශන පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.
"අනන්තය" හා "කීරකොටුවේ ගෙදර" එම චිත්‍රපට දෙකයි.
කීරකොටුවේ ගෙදර සිනමා නිලි ශ්‍රියානි අමරසේනගේ අධ්‍යක්ෂනයකි. සුනාමි ව්‍යසනයෙන් මියගිය අයකුගේ පුනර්භවය පිලිබඳව කියවෙන කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වූ "අනන්තය" කතාව අධ්‍යක්ෂණය කර ඇත්තේ ලංකාදීප පත්‍රයේ ප්‍රවීන මාධ්‍යවේදියෙකුවන රොඩ්නි විදානපතිරණයි.
විමල් මීට පෙරද ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණ කිහිපයකට නිෂ්පාදනයෙන් මෙන්ම රංගනයෙන්ද දායක විය.
මෙම සිනමා දර්ශනය සඳහා සහභාගිවූ ලන්ඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන හිමියන් චිත්‍රපටි කලාව පිලිබඳ කෙටි අදහස් දැක්වීමක් කළේය.
නිෂ්පාදකයකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස විමල් අලහකෝන් විසින් සිංහල සිනමා කර්මාන්තය වෙනුවෙන් දැක්වුණ දායකත්වය හා කැපවීම අගය කළ යුතු බව ඒ හිමියෝ කීහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් චමින්ද කුලරත්න සහ අසේල රත්නායක යන මහත්වරුද සහභාගි වූහ.
බ්‍රිතාන්‍යයේ රාජකාරි කටයුතු නිමකරමින් ආපසු ශ්‍රී ලංකාවවෙත නික්මගිය චමින්ද කුලරත්න මහතාගේ සේවය අගයමින් හන්ස්ලෝ ජනහඬ පදනම විසින් උපහාර පලකිරීමේ අවස්ථාවක්ද මෙහිදී සංවිධානය කොට තිබිනි.
මෙම කෙටි සිනමා උළෙලේදී කථනයෙන් ටෙරන්ස් ජේ ලෝව් සහ ගීතා ගොඩකන්ද දායකත්වය සැපයූ අතර සිනමා දර්ශනය සංවිධානය කොට තිබුනේ හන්ස්ලෝ ජනහඬ පදනම සමග ආසියානු මාධ්‍ය සංවිධානයයි. මෙම චිත්‍රපට තිරගත කිරීම භාරව කටයුතු කළේ ගාමිණී මුතුකුමරණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔය චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න නම් ලෙහෙසි වන එකක් නැහැ. වසර ගණන් බලාසිටීමට සිදුවිය හැක. ඔන්ලයින් ප්‍රදර්ශණයකින් ඉක්මනින් ප්‍රදර්ශනය කර මුදල් උපයාන්නත් පුළුවන්.(නදී)
ජංගම සේවාවකින් චිත්‍ර පටි දෙක පෙන්වන්න. සයිප්‍රසයටත් ගෙනෙන්න.(නදී)
දුමින්ද ලංකාවේ චිත්‍රපටි සංස්ථාව ගැන කියල වැඩක් නැත. සිනමා ශාලාවේ මාසයක් තිස්සේ පෙන්වන්නේ එකම චිත්‍රපටියකි. අලුතෙන් හැදු චිත්‍රපටි අවුරුදු ගණනාවක් පෝලිමේ සිටිය යුතුය. වෘතීය සිනමා නළුවන් අද දේශපාලනයේ ඉහල ස්ථාන වල සිටියද ඔවුන්ගෙන් සිනමාවට සැලකිය යුතු සේවයක් සිදුවී නැත. සිනමාව මගින් දේශපාලනයට ඇවිත් ඔවුන්ගේ ආර්ථිකය නම් දියුණුවී ඇත.(නදී)
මේ කලා කරුවන් දෙදෙනාම අප හඳුනන වා. ප්‍රතිභා පුර්නත්වයකින් හෙබි මාධ්‍ය ක්ෂේත්‍ර ය තුලද දක්ෂ කම් පෙන්වා ඇති මේ ශිල්පීන් දෙදෙනා කලා කරුවෙකු තුල තිබිය යුතු මිනිස්කම හා නිරහංකාර කමිනුත් පොහොසත් බව ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් දන්නවා. රොඩ්නි ලංකාවේ ජීවත් උනත් රටින් පිට වසන ශ්‍රී ලාංකිකයින්ගේ ආදරය ට ලක්වූ ප්‍රසිද්ධ මාධ්‍ය වේදියෙක්. අවස්තාවන් ලැබේනම් මේ දදෙනාටම ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමේ හැකියාව තියෙනවා. (නදී)