ලන්ඩන් නුවර දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍යවරියක ලෙස සේවයකරන දොස්තර කුසුම් සුබසිංහ ගායනාකල අලුත්ම ගීත ඇතුලත් " කෝකිල ගී " නම්වූ සංයුක්ත තැටිය එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පවත්වනු ලැබිය.
ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින්හට කලකින් රසවිඳින්නට ලැබුන එම සුමියුරු ගී සැඳෑව සඳහා ආරාධනා ලැබ සහභාගීවූ රසවතුන්ගෙන් ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණි.
එදින කුසුම් සුබසිංහ සිය නවතම ගී තැටියෙහි අඩංගු ගීත සමඟ ජනප්‍රිය දේශාභිමානී ගීත කිහිපයක්ද ගායනා කළාය.
ඒසඳහා ඇයගේ සැමියාවන දොස්තර ඥානිස් සුබසිංහ, ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන දොස්තර මනිල් සුබසිංහ සහ දොස්තර සුජිත් සුබසිංහ සමඟ ගාමිණී අබේවර්ධන,ඩෙන්සිල් ලාසරස් සහ ඇන්ඩෲ සියඹලාවත්ත සංගීතය සැපයීමෙන් සහාය වුහ.
බොහෝ කලක සිට ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම්පාසලේ වැඩකටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය සපයන සුබසිංහ යුවළ විහාරස්ථානයේ සියලුම වැඩකටයුතු සඳහාද නිරතුරුව උදව් උපකාර කරති. ඔවුන්ගේ දරුවන් දෙදෙනා දහම් පාසලේ දීප්තිමත් සිසුන් වුහ.
මේබව සිහිපත්කරමින් අනුසාශනාවක් පැවැත්වූ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ සුබසිංහ යුවලගේ පුර්ණ දායකත්වය සහ නොමසුරු සහයෝගය නොලද කිසිම වැඩකටයුත්තක් උන්වහන්සේ දන්නා කාලයක ලන්ඩන් විහාරයේ සිදුවී නොමැති බවයි.
මහා බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් නෙවිල් ද සිල්වා, දොස්තර නිහාල් ගුණසේකර, එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න, ලංකා විත්ති පුවත්පතේ කතෘ ප්‍රවීණ ලේඛක දයා ආනන්ද රණසිංහ සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම විශේෂ දේශනා පවත්වනු ලැබිය.
විස්තර කථනයෙන් සහායවුයේ නීතිඥ අනුර හගොඩ සමඟ ආසිරි බණ්ඩාරයන්ය. ශබ්ධ පරිපාලනය කළේ ගොඩ්ෆ්‍රී සහ ඩෙක්ස්ටර් සිල්වා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම් මැතිනියනි. (අ)
මෝහමඩ් මැතිදුනි, කොයිම රටක හෝ කුමන ජාතියක අයෙක් හොද දෙයක් කලොත් එය අගයන්න ඉගෙන ගන්න. අනික ඔබ ජීවත්වන රට ඉපදුන රටේ සිටිය අයෙක් මොන තත්වයේ හෝ වේවා කල දෙයක් අගය කරන්න එයට අනවශ්‍ය විවේචන කරලා පහත් කරන්න හිතන්න එපා. එය මොන ජාතියටත් ආගමටත් අනුකුල වෙන්නේ නැහැ.(නදී)
කවදත් ශ්‍රී ලාංකික අනන්‍යතාව හා සංස්කෘතිය එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සුරැකීමට කටයුතු කරන වෛද්‍ය කුසුම් සුබසිංහ මහත්මියට සම්බුදු සරණයි! (නි)
හැබැයි අද මුළු යුරෝපෙම නැඹුරුව තියෙන්නේ දෙමල සහ හින්දි ගායකයන්ට,සංගීත අධ්‍යක්ෂවරුන්ට. ඒ ගැනත් හිතන්න (නි)
මෙවන් දෙයක් කිරීමට පෙළඹීම ගැන සතුටුයි (නි)
සුභ පැතුම්! (නි)
හොද අය වගේම කුහකයයෝ හැම රටකම ඉන්නාව (නදී)
මොහොමඩ්ගේ කතාවෙත් අැත්තක් නැතුවාම නෙමෙයි. ලංකාවේ අද තත්වය බැලුවම තරුණ පරපුර අහන්නේ හින්දි සින්දු ,හින්දි විත්‍රපට මාධ්‍ය වලින් ඇහෙන්නේ හින්දි විතරයි. කෙල්ලෝ කොල්ලෝ අදින්නේ ඉන්දියන් සල්වාර් නැත්නම් ඉන්දියන්කාරයෝ අදින දිග කමිස. අපේ අනන්‍යතාවය නැත්තටම නැතිවෙලා.ඒ වගේ කාලෙක දොස්තර කුසුම් සූභසිංහ ( යුවල ) අපටත් අපේ රට කරවන දේශපාලන වාසියට පමණක් ජාතික ඇදුමට බහින එය ආභරණයක් කරගන්නා වූ අයට නම් ඉතා අගනා ආදර්ශයකි (නි)
කෝ ගීත තැටිය? (නි)
කුසුම්ට අපේ සුභ පැතුම්. ලස්සනට වැඩසටහන තිබුනා කියලා ආරංචියි. (නි)
සුපුරුදු විදියටම ආසිරි නම් අහගත්තා (නි).
අපේ ඉන්දු නංගී ගියේ නැද්ද ඕක බලන්න? (නි)
දොස්තර මහත්මියට මගෙන් සුබ පැතුම්! පවුලේ හතර දෙනෙක්ම දොස්තරවරු. බොහෝ වෙලාවට දෙමව්පියෝ වැදගත් විදියට හැදුනම, දරුවොත් වැදගත් විදියට හැදෙනවා. නැවතත් මුළු පවුලේ සියලු දෙනාටම මගෙන් සුබ පැතුම්. (නි)
අනේ, මේ වාගේ රටකට යන්න තිබුණා නමේ නියම බෞද්ධයෙක් ලෙස මගේ ජීවිතය ගතකරන්න තිබුණා. (නි)
වෛද්‍ය කුසුම්ට සුභ පැතුම්. ජනක අලහප්පෙරුමගේ කතාවත් වීඩියෝ පටයත් අවස්ථාවට කදිමට ගැලපුණා. කුසුම් ගැන නොදන්නා බොහෝ දේ ලස්සනට පෙළ ගස්වලා තිබුණා. බොහෝ වැඩිහිටියන්ට තරුණ ඔහු ආදර්ශයක්. සමහරුන්ගේ කතා එතනට කිසිසේත්ම සුදුසු වුණේ නැහැ. (නි)
මොහමඩ්,හෙට කියයි යුරෝපෙම ඔයාගේ ආගමටත් හොද නැඹුරුවක් තියනවා කියලා.අපි නොදන්නා නැඹුරුව... (නි)
වෛද්‍ය කුසුම් සුභසිංහගේ ලන්ඩනයේ පැවැත්වූ "කෝකිල ගී" ප්‍රසංගය ගැන කිහිපදෙනෙක්ම ප්‍රශංසාත්මක ව කතා කළා. ශ්‍රී ලංකාවේදී ජුලි මස 15 වෙනිදා පැවැත්වූ අපගේ සංයුක්ත තැටිය දොරට වැඩීමේ උත්සවයට පැමිණ ඒ අවස්ථාව ප්‍රීතිමත් කළ කුසුම් කලා ශිල්පිනියට ගෞරවපුර්වක ස්තුතිය පිරි නැමීමට අප සදාචාරාත්මකවද බැදී සිටිනවා. ගීත ලෝකයේ ඇය තවදුරටත් කෝකිලාවක් ලෙසින්ම දිගු කලක් වැජඹේවා කියා අසෝකාත් සමගින්ම ඉත සිතින් පතනවා. (නි)
මෙවන් දෙයක් කිරීමට පෙළඹීම ගැන සතුටුයි (නි)
ඔව් කුසුම් ලංකාවේ නොමිලේ ඉගෙන ගෙන ලංකාවේ මිනිසුන්ට සේවය නොකර සුද්දන්ට බෙහෙත් කර කර දැන් සින්දු කියලත් ගානක් හොයා ගන්න. (නදී)
කලාකරුවන්ට මම කොහොමත් කැමතියි. ජය වේවා (නි)
අපි දැනගෙන හිටියේ නැහැ. දන්නවා නම් එනවා කුසුම්ගේ ලස්සන සින්දු අහන්න. උත්සවය හරි සාර්ථකයි කියලා දැනගත්තා. ගිය අය හොඳ කිවුවා. (නි)
මෙ තරම් ලස්සනට කෙරුණ "මංගල්‍ය" උත්සවයේ මනාල නොවූ එහෙත් අනුන්ගේ පෝරුවලට නැගී තමා පිලිබඳ ප්‍රශස්ති ගායනා කර ගැනීමට වළි කෑ වීරයෝ දෙන්නෙකුගේ වැඩ කිඩ ද අපට එදා දැක ගන්නට ලැබුනා. ලංකාවේ අයියලා ඔහොම්මමයි කියල කවුද කියනවා ඇහුනා. (නදී)
මේ ගැන ආඩම්බරයි (නි)
ස්තූතියි ඔබගේ උත්සාහයට (නි)