මෙයට වසර 87 කට පෙර වර්ෂ 1926 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් පිවිතුරු ථෙරවාද බුදුදහමේ තිරශ්චිතිය උදෙසා ආරම්භ කරනලද ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇත.
ධර්මපාලතුමන්ගේ අභිමතාර්ථ යථාර්තයක් බවට පමුණුවාලමින් ලන්ඩන් බෞද්ධ විහාරය බුදුන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යය පිළිබඳව දැනගැනීමට උනන්දුවක් දක්වන යුරෝපියයන්හට එම ධර්මඥානය සපයන උත්තම ධර්මදුත සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
එපමණක් නොව බ්‍රිතාන්‍යයයේ අගනගරය වන ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රධාන අනෙකුත් බෞද්ධයනට අත්‍යාවශ්‍ය ආගමික සේවා නිසිපරිද්දෙන් සපුරාගනීමෙහිලා අනුපමේය සේවාවක්ද මෙම විහාරස්ථානය මඟින් සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයෙන් පාලනය කැරෙන ලන්ඩන් බෞද්ධ විහාරයේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝය.
උන්වහන්සේගේ අනුසාශකත්වයෙන් සහ විහාරස්ත දායක කාරකාදීන්ගේ සහ සියලුම හිත මිත්‍රාදීන්ගේ සංවිධායකත්වයෙන් අනගාරික ධර්මපාල තුමාට පින් පමුණුවාලීමේ වාර්ෂික ගුණසමරු පිංකම මෙවරත් මෙම සති අන්තයේදී පැවැත්වීමට යයි.
මෙම 14 වෙනි සෙනසුරාදා සවස 5 සිට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පැවැත්වෙන ගුණසමරු පිංකම ආරම්භ කෙරෙන්නේ " බටහිරට බුදුදහම පැමිණීම" යන මාර්තුකාවෙන් ලන්ඩන් නුවර බෞද්ධ සංගමයේ සභාපති දොස්තර ඩෙස්මන්ඩ් බිඩල්ෆ් පවත්වන ගුණ සමරු දේශනයෙනි.
ඉන් පසුව එදින මධ්‍යම රාත්‍රිය දක්වා පරිත්‍රාණ ධර්මදේශනයකි.
මහා සංඝ රත්නය උදෙසා පසුදින හීල් දානමය පින්කමක්ද පැවැත්වෙයි. පිරිත් පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය වැඩම කරනු ඇත.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් දම්පල් ගුණ සැමරුම ශනිදා
රෝහණ සල්ගාදු Friday, 13 September 2013 01:07 PM
බෝධි සත්වයානෙනි, ඔබය අපේ කාලයේ ඇසූ සැබෑ බෝධි සත්වයන් ඔබ නිසා බෞධයන්ට ලැබුණු ප්‍රතිලාබ අපමණය. බුදුවීමට පෙර නැවත එක්වරක් හෝ ශ්‍රී ලංන්කාද්වීපයේ අප අතර ඉපදී සම්බුද්ධ සාසනයේ පැවැත්ම සක්තිමත් කරන සේක. ඔබකළ සියලුම පාරමී බලයෙන් මතු බුදුවේවා! තෙරුවන් සරණි.(නදී)
සරත්- ක්‍රොයිදන් Friday, 13 September 2013 01:09 PM
රට, ජාතිය සහ බුදු දහම දිනෙන් දින විනාශ වෙනවා. මේ හැමෝම බලාගෙන ඉන්නවා. අද ධර්මපාල තුමා බලාපොරොත්තු වූ දෙය ඉටුවෙනවා දැයි සැකයි. හැමෝම සර්ව ආගමික පුට්ටු වල පැටලිලා. ආගම දහම විනාශ වෙනවා. අයියෝ සල්ලි.(නදී)
කුමාරි Friday, 13 September 2013 01:14 PM
අවංකවම ලංකාවේ ඉන්න බෞද්ධයන්ට වඩා පිටරටවල ඉන්න ලංකාවේ අය බුදු දහම සුරකින්න කටයුතු කරනවා. අපි වන්දනාමාන කළ යුතු උත්තමයෙක්. බුදු දහම පැවැතෙන තාක් නමත් බැබලේවි.(නදී)
පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Friday, 13 September 2013 02:57 PM
අද පිටරට වල පන්සල් වල උත්සව සහ සැණකෙළි වලට ප්‍රධානම තැන දෙනවා. ළඟදි ලන්ඩනයේ එක්තරා පන්සලක් එල්ලේ සැණකෙළිය නමින් ශුරතා තරඟාවලියක් පැවැත්වුවා. අසපු වලින් බෞද්ධ ප්‍රතිපත්ත්තිමය වැඩසටහන් පමණක් කරන බැවින් එම වැඩ සටහන් වලට බැතිමතුන් බොහෝ සහභාගි වෙනවා. නමුත් අසපු වලට යම් යම් පාර්ශව එල්ල කරන 'දෙහි කැපීම්' වල නම් කෙළවරක් නැත. (නි)
ලාල් කින්ස්බරි Friday, 13 September 2013 08:55 PM
අනේ.....පන්සල් වලින්ම කාලා, රෙදිත් ඇඳගෙනද මෙහෙම කතා කියන්නේ. අසපුවකටම ගන්න වටිනා පුද්ගලයා.(දී)
අජිත් බාකින්සයිඩ් Friday, 13 September 2013 10:49 PM
පුක්කුසයා අකුරු ඉගෙනගෙන හැමෝටම කරදරයක් වෙලා. (නි)