මෙයට වසර 87 කට පෙර වර්ෂ 1926 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් පිවිතුරු ථෙරවාද බුදුදහමේ තිරශ්චිතිය උදෙසා ආරම්භ කරනලද ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇත.
ධර්මපාලතුමන්ගේ අභිමතාර්ථ යථාර්තයක් බවට පමුණුවාලමින් ලන්ඩන් බෞද්ධ විහාරය බුදුන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යය පිළිබඳව දැනගැනීමට උනන්දුවක් දක්වන යුරෝපියයන්හට එම ධර්මඥානය සපයන උත්තම ධර්මදුත සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.
එපමණක් නොව බ්‍රිතාන්‍යයයේ අගනගරය වන ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රධාන අනෙකුත් බෞද්ධයනට අත්‍යාවශ්‍ය ආගමික සේවා නිසිපරිද්දෙන් සපුරාගනීමෙහිලා අනුපමේය සේවාවක්ද මෙම විහාරස්ථානය මඟින් සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයෙන් පාලනය කැරෙන ලන්ඩන් බෞද්ධ විහාරයේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝය.
උන්වහන්සේගේ අනුසාශකත්වයෙන් සහ විහාරස්ත දායක කාරකාදීන්ගේ සහ සියලුම හිත මිත්‍රාදීන්ගේ සංවිධායකත්වයෙන් අනගාරික ධර්මපාල තුමාට පින් පමුණුවාලීමේ වාර්ෂික ගුණසමරු පිංකම මෙවරත් මෙම සති අන්තයේදී පැවැත්වීමට යයි.
මෙම 14 වෙනි සෙනසුරාදා සවස 5 සිට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පැවැත්වෙන ගුණසමරු පිංකම ආරම්භ කෙරෙන්නේ " බටහිරට බුදුදහම පැමිණීම" යන මාර්තුකාවෙන් ලන්ඩන් නුවර බෞද්ධ සංගමයේ සභාපති දොස්තර ඩෙස්මන්ඩ් බිඩල්ෆ් පවත්වන ගුණ සමරු දේශනයෙනි.
ඉන් පසුව එදින මධ්‍යම රාත්‍රිය දක්වා පරිත්‍රාණ ධර්මදේශනයකි.
මහා සංඝ රත්නය උදෙසා පසුදින හීල් දානමය පින්කමක්ද පැවැත්වෙයි. පිරිත් පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය වැඩම කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝධි සත්වයානෙනි, ඔබය අපේ කාලයේ ඇසූ සැබෑ බෝධි සත්වයන් ඔබ නිසා බෞධයන්ට ලැබුණු ප්‍රතිලාබ අපමණය. බුදුවීමට පෙර නැවත එක්වරක් හෝ ශ්‍රී ලංන්කාද්වීපයේ අප අතර ඉපදී සම්බුද්ධ සාසනයේ පැවැත්ම සක්තිමත් කරන සේක. ඔබකළ සියලුම පාරමී බලයෙන් මතු බුදුවේවා! තෙරුවන් සරණි.(නදී)
රට, ජාතිය සහ බුදු දහම දිනෙන් දින විනාශ වෙනවා. මේ හැමෝම බලාගෙන ඉන්නවා. අද ධර්මපාල තුමා බලාපොරොත්තු වූ දෙය ඉටුවෙනවා දැයි සැකයි. හැමෝම සර්ව ආගමික පුට්ටු වල පැටලිලා. ආගම දහම විනාශ වෙනවා. අයියෝ සල්ලි.(නදී)
අවංකවම ලංකාවේ ඉන්න බෞද්ධයන්ට වඩා පිටරටවල ඉන්න ලංකාවේ අය බුදු දහම සුරකින්න කටයුතු කරනවා. අපි වන්දනාමාන කළ යුතු උත්තමයෙක්. බුදු දහම පැවැතෙන තාක් නමත් බැබලේවි.(නදී)
අද පිටරට වල පන්සල් වල උත්සව සහ සැණකෙළි වලට ප්‍රධානම තැන දෙනවා. ළඟදි ලන්ඩනයේ එක්තරා පන්සලක් එල්ලේ සැණකෙළිය නමින් ශුරතා තරඟාවලියක් පැවැත්වුවා. අසපු වලින් බෞද්ධ ප්‍රතිපත්ත්තිමය වැඩසටහන් පමණක් කරන බැවින් එම වැඩ සටහන් වලට බැතිමතුන් බොහෝ සහභාගි වෙනවා. නමුත් අසපු වලට යම් යම් පාර්ශව එල්ල කරන 'දෙහි කැපීම්' වල නම් කෙළවරක් නැත. (නි)
අනේ.....පන්සල් වලින්ම කාලා, රෙදිත් ඇඳගෙනද මෙහෙම කතා කියන්නේ. අසපුවකටම ගන්න වටිනා පුද්ගලයා.(දී)
පුක්කුසයා අකුරු ඉගෙනගෙන හැමෝටම කරදරයක් වෙලා. (නි)