IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලන්ඩන් එල්ලේ සැණකෙළිය ඉරිදා

ලන්ඩන් නුවර දෙවන වතාවට පැවැත්වෙන එල්ලේ සැණකෙළිය ඉරිදා  දහවල් ලිට්ල් හාර්ලින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව අතුල දස්සන බෞද්ධ ප්‍රජා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා තරුණකැළ කියයි.

ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනයාමේ මුලික අරමුණින් සංවිධානය කර ඇති මෙම සැණකෙළිය මඟින් ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එකමුතුවී විනෝදයෙන් , සතුටින් හා සමඟියෙන් ගතකිරීමට අවස්ථාව  ලැබෙන බව ඔවුහු කියති.

එදින   එල්ලේ තරඟ වලට අමතරව ශ්‍රී ලාංකික වෙළඳසල්, භෝජනාගාර සහ දරු දැරියනට විනෝදවීම සඳහා අවශ්‍ය පහසුකම්  ද සුදානම් කර ඇතැයි ද සංවිධායකයෝ පවසති.

පසුගිය වසරේ පැවැත්වුන ප්‍රථම ලන්ඩන් එල්ලේ තරඟය සංවිධානය කිරීමේදී බෞද්ධ විහාරස්ථානයකින් මෙවැනි ක්‍රීඩා සැණකෙළියක් සංවිධානය කිරීම සඳහා ඇති අවශ්‍යතාවය කුමක්දැයි බොහෝදෙනෙකු විමසා සිටි බව පවසන අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියෝ, එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්හට අපේකම අපගේ සංස්කෘතිය, අපගේ ජන ක්‍රීඩා සහ සිරිත්විරිත් සිහිපත් කර දීම මෙම උත්සාහයේ පරමාර්ථය බව පවසති.



අදහස් (0)

ලන්ඩන් එල්ලේ සැණකෙළිය ඉරිදා

මහේෂ් මෙන්ඩිස්. Sunday, 18 August 2013 10:01 AM

බොහොමයක් පන්සල්වල විනය මේ සේරටම වඩා වටිනවා. ඒවා බොහෝ තැන්වල පිරිහිලා ඒවා දියුණු කරනවානම් අපේ ජාතිය රකිනවා හා සමානය. (අ)

:       0       0

නීල් රණා Sunday, 18 August 2013 10:31 AM

ජන ක්‍රීඩා හා ජන සංස්කෘතිකාංග ඇතුලත්ව මෙවැන්නක් එංගලන්තයේදී සංවිධානය කිරීම, බෞද්ධායතනයක් මගින් සිදුවීම අගය කල යුතුයි. මෙහිදී භාෂාව ඉස්මතුකිරීම අත්‍යවශ්‍ය නැහැ. මන්ද බොහෝ යුරෝපීය භාෂාවන්ද සිංහල මෙන් ඉන්දු-යුරෝපීය භාෂා. ඉන්දු-යුරෝපීය භාෂා වහරන සියල්ලෝම විශ්ව ගම්මානය තුල එකම ජාතියක්. නමුත් රජු වෙනුවෙන් පවත්වන උත්සවාංග ආගමික කටයුතු සඳහා යොදා ගැනීම වරදක්. ඒ නිසා ආගම ඉක්මනින්ම පිරිහෙනවා. (අ)

:       0       0

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Saturday, 17 August 2013 02:26 PM

පත්තර වලට ෆොටෝ දාගන්න ඉන්න අය නම් දැනටම ලෑස්ති වෙලා ඇති.(නදී)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 02:59 PM

මේ වාගේම අපේ භාෂාව ගැනත් දරුවන් උනන්දු කරවන්න. ජාතිය යනු භාෂාවයි.(නදී)

:       0       0

ධම්ම Sunday, 18 August 2013 12:41 PM

නීල් රණා දන්නා වචන ඔක්කෝම ලියලා (නි)

:       0       0

සීවලී Saturday, 17 August 2013 05:00 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නුවන් Saturday, 17 August 2013 05:22 PM

ධම්ම ට පොඩ්ඩ ඇත්නම් ජාතිය මතක් වෙනවා.ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. දෙමල ටිකකුත්. ලෝකේ බලන්න පුළුවන්. (නි)

:       0       0

පහන් Saturday, 17 August 2013 07:48 PM

ඕකෙන් හොඳ කීප දෙනෙක්ව ක්‍රිකට් ටීම් එකට දාන්න. අර ගහන්නේ නැති අයව අයින් කරලා. (ස)

:       0       0

සීවලී Sunday, 18 August 2013 06:28 PM

අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

කිත්සිරි Sunday, 18 August 2013 03:26 AM

මිලානෝ වලට එන්න අපිත් එක්ක සුහද තරගයක් පවත්වන්න (නි) kka

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site