ලන්ඩන් නුවර දෙවන වතාවට පැවැත්වෙන එල්ලේ සැණකෙළිය ඉරිදා දහවල් ලිට්ල් හාර්ලින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව අතුල දස්සන බෞද්ධ ප්‍රජා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා තරුණකැළ කියයි.
ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනයාමේ මුලික අරමුණින් සංවිධානය කර ඇති මෙම සැණකෙළිය මඟින් ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එකමුතුවී විනෝදයෙන් , සතුටින් හා සමඟියෙන් ගතකිරීමට අවස්ථාව ලැබෙන බව ඔවුහු කියති.
එදින එල්ලේ තරඟ වලට අමතරව ශ්‍රී ලාංකික වෙළඳසල්, භෝජනාගාර සහ දරු දැරියනට විනෝදවීම සඳහා අවශ්‍ය පහසුකම් ද සුදානම් කර ඇතැයි ද සංවිධායකයෝ පවසති.
පසුගිය වසරේ පැවැත්වුන ප්‍රථම ලන්ඩන් එල්ලේ තරඟය සංවිධානය කිරීමේදී බෞද්ධ විහාරස්ථානයකින් මෙවැනි ක්‍රීඩා සැණකෙළියක් සංවිධානය කිරීම සඳහා ඇති අවශ්‍යතාවය කුමක්දැයි බොහෝදෙනෙකු විමසා සිටි බව පවසන අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියෝ, එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්හට අපේකම අපගේ සංස්කෘතිය, අපගේ ජන ක්‍රීඩා සහ සිරිත්විරිත් සිහිපත් කර දීම මෙම උත්සාහයේ පරමාර්ථය බව පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමයක් පන්සල්වල විනය මේ සේරටම වඩා වටිනවා. ඒවා බොහෝ තැන්වල පිරිහිලා ඒවා දියුණු කරනවානම් අපේ ජාතිය රකිනවා හා සමානය. (අ)
ජන ක්‍රීඩා හා ජන සංස්කෘතිකාංග ඇතුලත්ව මෙවැන්නක් එංගලන්තයේදී සංවිධානය කිරීම, බෞද්ධායතනයක් මගින් සිදුවීම අගය කල යුතුයි. මෙහිදී භාෂාව ඉස්මතුකිරීම අත්‍යවශ්‍ය නැහැ. මන්ද බොහෝ යුරෝපීය භාෂාවන්ද සිංහල මෙන් ඉන්දු-යුරෝපීය භාෂා. ඉන්දු-යුරෝපීය භාෂා වහරන සියල්ලෝම විශ්ව ගම්මානය තුල එකම ජාතියක්. නමුත් රජු වෙනුවෙන් පවත්වන උත්සවාංග ආගමික කටයුතු සඳහා යොදා ගැනීම වරදක්. ඒ නිසා ආගම ඉක්මනින්ම පිරිහෙනවා. (අ)
පත්තර වලට ෆොටෝ දාගන්න ඉන්න අය නම් දැනටම ලෑස්ති වෙලා ඇති.(නදී)
මේ වාගේම අපේ භාෂාව ගැනත් දරුවන් උනන්දු කරවන්න. ජාතිය යනු භාෂාවයි.(නදී)
නීල් රණා දන්නා වචන ඔක්කෝම ලියලා (නි)
සුභ පැතුම්! (නි)
ධම්ම ට පොඩ්ඩ ඇත්නම් ජාතිය මතක් වෙනවා.ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. දෙමල ටිකකුත්. ලෝකේ බලන්න පුළුවන්. (නි)
ඕකෙන් හොඳ කීප දෙනෙක්ව ක්‍රිකට් ටීම් එකට දාන්න. අර ගහන්නේ නැති අයව අයින් කරලා. (ස)
අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
මිලානෝ වලට එන්න අපිත් එක්ක සුහද තරගයක් පවත්වන්න (නි) kka