ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩ කටයුතු සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් පසුගිය දින පවත්වන ලද ආහාර සල්පිල සඳහා බලාපොරොත්තු නොවූ අන්දමේ සෙනඟක් ඇදී ආහ.
විහාරස්ථ දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් පවත්වන ලෙස එම ආහාර සල්පිලේ දී නිර්මාංශ සැබෑ ශ්‍රී ලාංකික ආහාර ඉතාම අඩු මිලට සපයනු ලැබීය.
මෙම ආහාර සියල්ලම ස්වේච්ඡාවෙන් පිළියෙළ කර ඇත්තේ දායක දායිකාවන් විසින් ඔවුන්ගේ නිවෙස් වලදී වීම හේතුවෙන් සැබෑ ශ්‍රී ලාංකික ආහාර වේලක රසය එමඟින් ලබාදීමට ද හැකි විය.
ආහාර සල්පිල සඳහා වැඩි වශයෙන්ම පැමිණියේ ඉංග්‍රීසි ජාතිකයන් වීමද විශේෂත්වයකි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මිතුරු හමුවේ සභාපති හිටපු බ්‍රිතාන්‍ය තානාපති නිලධාරී ශ්‍රීමත් පීටර් හීප් සහ එම මහත්මිය ද ඒ අතර වූහ.
ආහාර සල්පිල සාර්ථක පැවැත්වීම සදහා වෙහෙස මහන්සි වී කටයුතු කළ සහ අවශ්‍ය සියලුම දේ ස්වේච්ඡාවෙන් සපයා දුන් දායක කාරකාදීන් හට මෙන්ම සල්පිල සදහා සහභාගී වූ සියලුම දෙනා හට ද සීලවිමල නාහිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් ආහාර සල්පිලට මහ සෙනඟක්
මතේශ කින්ග්ස්බරි Tuesday, 06 May 2014 05:42 PM
එදා සමහරු කෑවා නොවේ වෑමෑරුවා කාපුවත්. හරිම ලැජ්ජයි සමහරු හැසිරුනු විදියට කෑම දැක්ක ගමන්. සුද්දෝ හිතුවේ කවදාවත් නොකාපු අය කියලා වෙන්න ඇති (නි)
තුෂාරිකා Tuesday, 06 May 2014 11:35 AM
ෆොටෝ තියෙනවනම් දාන්නකො. අපිට බලන්න. (ස)
පුක්කුස වීරේ ලන්ඩන් Tuesday, 06 May 2014 01:47 PM
අනේ ෆොටෝ දාන්නකෝ….! (ස)
කරුණා Tuesday, 06 May 2014 01:09 PM
ෆොටෝ දාන්න කියන්නේ ඔයත් ඒවායේ ඉන්නවද? අපි හිතුවේ පන්සල් එක්ක අමනාපයි කියලයි. (නදී)
අතුල බණ්ඩාර Tuesday, 06 May 2014 02:17 PM
කෑම තියෙන තැනට මනුස්සයෝ විතරක් නොවේ යක්ෂයෝ කුම්බාන්ඩයොත් ඇවිත් පිරෙනවා. (ස)
නිලන්ති Tuesday, 06 May 2014 09:25 AM
අනේ අපිට බලන්න ෆොටෝ දාන්නකෝ. (ස)