කොස්ගොඩ චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ කිලෝ නවය හමාරේ සුදු කැස්බෑවා සිටි තැනට ලේන් කූඩුවක් කඩා වැටී ඇති බවද එම කූඩුව කෑමෙන් පසුව කැස්බෑවා මරණයට පත් වී ඇති බවද තොරතුරු පොලීසියට අනාවරණය වී ඇත.
ඉන් පසු එම කැස්බෑවා බෙහෙත් ගල්වා ඇතැයි ද පොලිසිය කියයි.
මේ අතර කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරුවන චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගෙන් අද රාත්‍රී 9 වන විටත් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.
(වීඩියෝ දසුන් දීපාල් ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කොහොම වෙතත්, කැස්බෑවන් ළඟ තබා ගැනීම වරදක් බව අමතක වී ගෙන එනවා වගේ. පොලිසිය මේ ගැන ක්‍රියා කරන්නේ කවදාටද ?. (දිල්)
වෙලාවට ලේන් කුඩුවක් වැටුණේ (දිල්).
කාලයක් නයි කෙල්ලක් අල්ලාගෙන ප්‍රසිද්ධිය දුන්නා. දැන් මේ කැස්බෑවෙක් අල්ලාගෙන පත්තර වල පිටු පුරවනවා.මීට වඩා වටින දේවල් නැද්ද ?(දිල්)
මොනවා කියනවද මන්ද,එක එක කතා හදනවා,ලංකාවේ මිනිස්සුත් කොන්ඩේ බැදපු චීන්නු නිසා හොදා.ඔය සේරම ඇත්ත කියල පිළිගන්න කොටසකුත් ලංකාවේ ඉනවානේ,ඉතින් ප්‍රශ්නයක් නැහැ මොනවා හරි කියනවා. (දිල්)
ඔයාල දන්නවද කැස්බෑවන්ගෙයි ඉබ්බන්ගෙයි වෙනස? කිසිම වෙනසක් නැහැ නමුත් ඉබ්බාට යතුරක් තියෙනවා. (නදී)
එතකොට අපහාසයට ලක්කළ අමල් පෙරේරා ගායකයටා උන අපහාසයට සහ අපහසුතාවයට වන්දි ගෙවීමක් මේ චන්ද්‍රසිරි තාබෘගේ ගෙවන්න ඕන. අමල්ගේ පියා(මර්වින් පෙරේරා) ලංකාවේ සිටිය හොදම තනු නිර්මාණ ශිල්පින් 5 දෙනාගෙන් කෙනෙක් කියල නන්දා මාලනී මහත්මිය කියල තිබුණා. ඒ වගේම වික්ටර් රත්නායක මහතා මර්වින් පෙරේරා ගායකයානන්ගෙන් ගීත ඉල්ලගෙන ගායන කලා. මේවගේ ලංකාවේ බිහිවනු ලංකේය සංගීතයට සේවයක් කළ කළා පවුලකට කළ මේ අපහාසයට වන්දිය තීරණය කරන්නේ කුඩා? කැස්බෑවුන් ළඟ තබාගෙන නීති විරෝදී චන්ද්‍රසිරි තාබෘගේ දියණියට සහ ඔහුට දඩුවම් ලබාදෙන තුරු අප බලාසිටිමු . .ගායක සංගමය නිහඩ මොකද ?(නදී)
ඔන්න කතාන්දරය අනික් පැත්තට පෙරලනවා .දැන් ඉතින් කොහෙන් හරි කැස්බවෙක් ගෙනත් බෙහෙත් දල සුදු කරලා පත්තර වලට පෙන්නයි .කතාව එතනින් ඉවරයි. (අ)
අපේ මර්වින් සිල්වා ඇමති තුමා මේකටත් අත දාල විසඳලා දෙන්නකෝ. අර කේජු කෑල්ලේ ප්‍රශ්නය මීයන්ට විසඳලා දුන්න වගේ.(නදී)
මගේ මතකය නිවෙරදි බව මම දන්නවා . වර්ෂ දෙදහස් දෙකේදීත් අහුන්ගල්ලේ ඔතන මිය ගිය සුදු කැස්බාවෙක් සංරක්ෂණය කරලා තිබුනා. ඌ මැරිලා තිබුනේ නරඹබන්නෙකු විසින් චුවින්ගම් ම් එකක් කන්න දීල. මට හිතාගන්න අපහසු හොඳ චේතනාවකින් පවත්වාගෙන මෙම ආයතනයේ හිමිකරු සම්බන්දව එල්ලවෙන චෝදනා ගැන . බොරුවක් කලානම් ඉතින් දඩුවම් විදිය යුතුයි.(නදී)
එක පත්තරයක තියනවා කැස්බෑව ඉන්නවා කියල. තව තැනක තියනවා කැස්බෑව මැරිලා කියල. මොනවද මන්ද? (නදී)
ලංකාවේ ලේන්නු කුඩුවල සයනයිට් තියාගන්න පුරුදුවෙලා වත්ද ? (නදී)
මේ වගේ සත්තු ඔයිට වැඩ හොඳට සංරක්ෂණය කරන්න පාලකයෝ දැන ගන්න ඕන.යමක් වෙන්න ඉස්සෙල්ල් එක වලක්වා ගන්න පුළුවන්නන් තමා හොඳ
කැස්බෑ සිද්ධියක් යන දුර. රටේ ප්‍රධාන පුවත තමා කැස්බෑවා. මේවා අහන දකින අපි තමා ඉබ්බෝ. (අ)
ඈයි දෙයියනේ ඔය කියන හෑටියට කඩේකට ගිහින් ආප්ප කන්නත් බය හිතෙනවා ...ආප්ප වාටියට අත කෑපුනා කිව්වොත් කවුරුත්ම විස්වාස කරන එකක් නෑ.(අ)
ගෙවල් ඇතුලේ කස්බැවෝ තියාගෙන ඉන්න තැන්වලට යන පොලිසිය එහි නැතිවූ එකා හොයනවා. නමුත් එලෙස තියාගෙන ඉන්න තහනම් බව සලකන්නේ නැහැ. වී කුරුල්ලෙක් තියාගෙන හිටියොත් පනස් දාහක් දඩ .(දී)
ලේන් කුඩු කෑවහම කැස්බෑවෝ මරෙනවාද (දී)
මේ ඔක්කොම කණපිට හැරුණු බවක් තමයි මට තේරෙන්නේ (දී)
මේවා ලෝකේ හිනස්සන හතර වරම් කතා (දී)
දැන් ඔය හංගල ඉන්න කස්බාවෝ එහෙම හොයන්න ගියොත් තාව තොරතුරු ගත හැකි. නිකන් රටම හිනස්සන වැඩ. (දී)
උවත් මරා ගත්තාද (දී)
මේ ප්‍රශ්නේ අගක් මුලක් මට තේරෙන්නේ නැහැ (දී)
ලංකාව පුරා සුදු කැස්බෑවුන් (දී)
ජන මනස තුල දැවෙන ප්‍රශ්න යටපත් කරන ඇළි කැස්බෑ දේසපාලන මෙහෙයුම. (දී)
ළමයිනේ ජීවන වියදම ඉහල නගිනවා. (නදී)
ඕක පට්ටපල් බොරුවක් කරලා තියෙන්නේ (දී)
ලංකාවේ සිදුවෙන දේවල් සිතා ගන්නට අමාරුයි (දී)
මට නිකන් පිස්සු වගේ මේ නැති උනේ ලංකාවට හිටපු එකම සුදු කැස්බෑව කියුවා නේද ඉස්සර (දී)
විස්වාස කරන්න බැරි දෙයක්. (නදී)
දේශපාලනය රිංගලා වගේ.(නදී)
මේ විදිහට බලනකොට මොකක්ද ඇත්ත කියන එක ලොකු ගැටලුවක්. මේවා යට ඇත්තෙ වෙනත් දේවල් කියල තමයි හිතන්න වෙන්නෙ.(නදී)
ඔය කොයි කෑස්බෑව ගෑනද කියන්නෙ දෑන් කෑස්බෑවො කෝකද කියල හොයා ගන්න බෑරි තරම් කෑස්බෑ කේස් රට වටේම.(නදී)
හොරුන්ගේ හොරු කම්බ හොරු.කියනවනේ , දැන් ඒක කැස්බ හොරු කියල කියන්න පුළුවන් (දී)