
(ටී.කේ.ජී.කපිල)
ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව සහ ප්‍රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන " ලාද්ලි " සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා එම්.ගමගේ මහත්මිය සහ විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය දිවයිනට පැමිණියහ .
ශ්‍රී ලංකාවට පළමු වරට මෙම සම්මානය හිමි වී තිබූ අතර ඉකුත් 12/12 දින ඉන්දියාවේ මුම්බායි නුවර ජාතික ප්‍රසාංගික කළා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී මෙම සම්මානය ඔවුන්ට පිරිනමා තිබුණි .
මෙම ඇගැයීම් උත්සවය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල , දකුණු ආසියාතික මාධ්‍යවේදිනියන්ගේ සම්මේලනය සහ ඉන්දියාවේ පොපියුලේෂන් ෆස්ට් යන ආයතන එක්ව සංවිධානය කර තිබුණි .
මෙම සම්මානය දිනා ගත් විනීතා එම්.ගමගේ මහත්මිය මව්බිම පුවත් පතේ සහකාර කර්තෘවරිය ලෙස සේවය කරන අතර සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය චැනල් අයි රූපවාහිනී සේවයේ හිටපු අධ්‍යක්ෂවරිය ලෙස සේවය කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ලාද්ලි‘‘ සම්මාන දිනූ විනීතා, සුනන්දා දිවයිනට