ලාදුර රෝග ලක්ෂණ හරි හැටි තේරුම් නොගෙන ඒ සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොවීමෙන් ලාදුරු රෝගීන් වැඩි වීමේ අවදානමක් ඇති බව පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සමේ රෝග පිලිබද කථිකාචාර්‍ය විශේෂඥ වෛද්‍ය සංඡිවනී ෆෝන්සේකා මහත්මිය පැවැසීය.
මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් හැගීම් දැනීම් නැති සුදු පැහැති ලප ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය. රතු පැහැති තනි ලප,රතු හෝ සුදු පැහැති ලප විශාල ප්‍රමාණයක් වශයෙන්ද මතුවිය හැකියි. මෙම තත්වය සෑම විටම දැනීම අඩු ලප ලෙස පමණක් දර්ශනය නොවේ. සමහරක් ලපවල හැගීම් දැනීම් ඇතිවිය හැකියි. මෙම ලපවල ප්‍රමාණයද රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. සමහරවිට සෙන්ටි මීටරයක් පමණ කුඩා ලප ද සමහර විට පිට ප්‍රදේශය පුරාම පැතිර ඇති විශාල පැල්ලමක් ලෙස ද දර්ශනය විය හැකියි. බොහෝ විට මෙම රෝගී තත්වයන් නොසලකා හරින්නේ මෙහි මුල් අවස්ථාවේ කිසිම අපහසුතාවයක් නොදැනීම නිසා බව පෙනේ.
සමහර රෝගීන් සමේ ඉදිමීම, හන්දි වේදනා ඇති වේ. සමහර අවස්ථාවල මෙම රෝගය ඇතිවන්නේ ස්නායු පද්ධතියේ පමණක් වීම නිසා අත්වල සහ දෙපා හිරිවැටීමක් ලෙස පමණක් මෙම තත්වය ප්‍රදර්ශනය වෙයි.
අත් හා දෙපා හිරි ගතිය ඇතිවීමට බොහෝ හේතු ඇති අතර ලාදුරු එයින් එක් හේතුවකි. මෙම රෝගීන්ගේ අත් සහ කකුල්වල තුවාල වේදනා රහිතය. එම නිසා ඒවා නොසලකා හැරීම නිසා අත් හා කකුල් වල නිරතුරුවම තුවාල ඇතිවිමෙන් අත්වල හා කකුල්වල ඇගිලිවල ප්‍රමාණය කුඩා වීමට ඉඩ ඇත. අතීතයේ ලාදුරු රෝගීන්ගේ ඇගිලි ගැලවී යනු ඇතැයි මිනිසුන් අතර මතයක් තිබු නමුත් එවැනි දෙයක් සිදු නොවේ.
තමන්ගේ අතේ හෝ කකුලේ හැගීම් දැනීම් නැති තුවාල ඇති රෝගීන් ප්‍රධාන රජයේ රෝහල්වල සමේ රෝග අංශයේ වෛද්‍යවරුන් හමුවී පරික්ෂා කර ගත යුතුයි. මෙම රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනිමට අනිවාර්යයෙන්ම යා යුතුය. රෝගය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ ඇත. රජයේ රෝහල් වලින් නොමිලේ ලබාදෙන ප්‍රතිකාර මාස 6 - අවුරුදු 1 පමණ කාලයක් නොකඩවා ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි.
විශේෂඥ වෛද්‍ය සංඡිවනී ෆෝන්සේකා
2025 දෙසැම්බර් මස 18
532
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාදුරු ලාවට නොසලකන්න