2018 ඇමෙරිකා ග‍්‍රීන් කාඞ් ලොතරැයිය ශ්‍රී ලංකා හා මාලදිවයින් වැසියන් සඳහා අද (04) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියයි.
නොවැම්බර් 07 වෙනි දා තෙක් මේ සඳහා නොමිලේ ලියාපදිංචි වීය හැකි බවද කියයි.
https://lk.usembassy.gov/ visas/immigrant-visas/diversity-visa යන වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි අතර අයැදුම් කිරීම සඳහා www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිසෙන ලෙසද එම කාර්යාලය දැනුම් දෙයි.
වංචාකරුවන්ගෙන් ප‍්‍රවේසම් වන ලෙසද එක් අයෙකුට එක අයදුම්පතක් පමණක් එවිය හැකි බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් ජයලබන්නන් මොනතරම් වාසනාවන්තයෝද? (නි)
ඉතාම හොඳයි. අපිටත් වාසනාවක් තියෙයිද? (නි)
මටත් මගේ පුතා සමඟ එහි රැකියාවක් සමඟින් ජීවත්වෙන්න අවශ්‍යයි (නි)
ලෝකේ හොඳම රාජ්‍යට යන්න ශ්‍රී ලාංකිකයින්ට වාසනාව ලැබේවා කියලා පතනවා. මම මේ රටට ඇවිල්ලා අලුත් ජීවිතයක් ලැබුවා කිව්වා නම් නිවැරදියි (නි)
මේ ගැන හොඳින් සිතාබලා කටයුතු කරන්න (නි)
යන්න ආසයි හුඟක් අය. එ්ත් මේවා අහනකොට මොකක්දෝ වගේ (නි)
මම මෙහාට ආවෙත් ඒ ලොතරැයියෙන්. ඒ 1999දි. එතකොට මම වැඩ කළේ ඩුබායිවල. මෙහාට ආවෙ 2001දි. ඇත්තටම සතුටු වියහැකි ගමනක් පස්ස හැරිලා බලනකොට. (නි)
මෙයින් ජය ලබන්නේ වාසනාවන්තයෝ නොවේ, අවාසනාවන්තයෝ. ගිහිල්ලා හිලරිලා, ට්‍රම්ප්ලගේ වැඩ තමා කරන්න වෙන්නේ. ලංකාවේ මානව සම්පත පිටරටට යනවා. ලංකාවයි ඇමරිකාවයි කියලා වෙනසක් නැහැ. ඇමරිකාව ලංකවට වඩා ප්‍රමාණයෙන් විශාල නිසා ඇමරිකාවේ තියෙන කරදර ඇඟට තේරෙන්නේ නැති එක විතරයි. (නි)
අපේ ගොඩක් දේශප්‍රේමින් ඇමෙරිකන් පුරවැසියෝ තමා (ම)
කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නේ? (නි)
ඔබ ඇමරිකාවේ ජීවත්වෙන්න හිතනවානම් මේ ටික දැනගත යුතුමයි ..?ලෝකේ බලවත්ම රට වුනාට ..ලෝකේ නරකම භයානකම රටත් ඇමරිකාවයි ? මේ ලොතරැයි වලින් ඒ එම්බසිය තැන දෙන්නේ ..දිනුම් ලබන්න උගත් කමින් බුද්ධියෙන් වැඩි පුද්ගලයාට පමණි ..ඒ මොකද ඇමරිකාවේ අභිප්‍රාය ප්‍රයත්නය 2025 ලෝකේ ශක්තිවත්ම සහ වැඩිම බුද්ධිමතුන් ජීවත් වෙන රට අංක එකට ගෙනෙන්නයි ...?ඔබේ ඇප්ලිකේෂන් එක බලා ඔවුන් තමයි තීරණය කරන්නේ ..බුද්ධිය හොද අධ්‍යාපනයක් ඇති ඕනෑම රටක කෙනෙකුට ඇමරිකාව විසින් පුරවැසි බාවය ලබාදෙන්නේ තවත් අපි නොදන්නා බොහෝ දේ සැගවී ඇත ..?(බ)
ඇමරිකාවට යනවා නම් පදිංචියට හයිටි දුපතකට ..උතුරු කරෝලීනාවටම යන්න ..මේ රටවල තියෙන ස්වාභාවික විපත්වලටත් මුහුණ දෙන්න බලාගෙනම යන්න ....ජීවිතේ සදාකාලිකවම ඒ රටේ ස්වභාවික විපත් මිනිස්සු ගෙයක් හදනකොට එක වැඩ ඉවර වෙන්නත් කලින් ඒක හුළගට ගහගෙන යනවා ..(බ)
කොහේ ගියත් තමන්ගේ රට වගේ නෑ මම නම් කිසි දවසෙක මගේ රට දමල වෙන්න කිසි රටක පදිංචියකට යනේ නැ මේක මගේ රට ශ්‍රී ලංකාව (බ)
මගේ ගෙට අවුරුදු 10ක් වෙනවා. තවම කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නෙ ආකේඩියා, කැලිෆෝනියා වල. (නි)
අයදුම් කරන්න හිතන අය කිසිම හේතුවක් නිසා මුදල් ගෙවන්න හෝ ක්‍රෙඩිට් කාඩ් අංක දෙන්න එපා. ඒවා ඉල්ලන්නේ වංචාකරුවෝ පමණයි. (ර)
මේ ලොතරැයියෙන් දිනලා ඇමරිකාවට ගොස් අනාථ වූ ගොඩක් දෙනා සිටිනවා. මේ අය බොහෝ දෙනෙක් ලංකාවේ ඉහල තනතුරු දරපු සහ උසස් වේතන ලබා මෙහෙකරුවන් සහ රියදුරන් පවා සිටි අයයි. ලොතරැයිය ඇදී ඇමරිකාවට ආවාම සියල්ල හරි කියා සිතු ඔවුන් අද වැඩ කරන්නේ සුපර්මාර්කට් කවුන්ටර වල සහ තාවකාලික නුපුහුණු කම්කරු රැකියා වලය. මොවුන්ට සෞඛ්‍ය රක්ෂණයක් ලබාගන්නවත් වත්කමක් නැති නිසා ගව් ගණනක් දුරින් ඇති පිං රෝහලකින් ප්‍රාථමික සේවාවක් හැරෙන්නට දැඩි සත්කාරයක් ලැබිය නොහැක. (ර)
ෂා මාරුනේ.(හේ)
හොද වැඩක්.(හේ)
හොද වැඩක්.(හේ්)