මූල්‍ය අපරාධ අංශයේ ඉල්ලීමක් අනූව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ 2016 පෙබරවාරි 28 වැනිදා සිට තහනම් කළ බව නාවික හමුදාව කියයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය දැනට පවත්වාගෙන යන පරීක්ෂණ ස්වාධීනව කරගෙන යාම පහසු කරවීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණයේ දී චොදනා ගෙනු කිරීමට නියමිතය.
නාවික හමුදාවෙන් ලැබෙන වැටුප් වහා දීමනා වහාම නතර කැරේ.
අංක 1010/1 අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් 1998 ජනවාරි 13වැනිදා සංශෝදනය කළ 1982 නාවික වැටුප් ව්‍යවස්ථා මාලාව අනූව මෙම පියවර ගැනේ. නාවික හමුදා මූලස්ථානයේ අවසරයක් නොමැතිව ඔහුට කිසිම නාවාක හමුදා භූමියකට ඇතුළු වීමට නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝෂිත යුධ පිටියට ගියා කියන මිනිස්සු යුද්ධය ගැන අහලාවත් තියෙනවද. ? (ර)
අපිත් රජයේ සේවයේ ඉන්දැද්දී ඕන තරම් දැකලා තියෙනවා සුදුසුකම් නැතුව රජයේ සේවයට බැඳිලා ඉඳලා අහුවුනාම එලියට දාපු අය. මේක අහුවුනාම කෑ ගහනවා මෙන්න පළි ගන්නවෝ කියලා. (ර)
සරණ පාල මහත්තයෝ ඇත්තටම කණගාටු හිතෙනවා ඔබතුමා ගැන. (ර)
සරත් ඔබ හරියට හරි ඒකයි ඇත්ත. (ර)
අපේ රටේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙන තුරු මේ රට හඳන්න බැහැ .වැරදි කරන මිනුස්සු රකින්නම තමයි කතාව(කෞ)
අනේ සරත් අනිත් ළමයාව ඇතුලට දාද්දි ඔයාගේ ජීවිතේට අනතුරක් කරගන්ඩ එහෙම එපා (කෞ)
රගර් දින්නෙත් මේගොල්ලෝ, කාර් රේස් දින්නෙත් මේ ගොල්ලෝ හොඳ වෙලාවට ක්‍රිකට් බැහැ. (ම)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. රටක නීතියක් තියනවානේ (නි)
දැන් වත් නීතිය ක්‍රියාත්මක වනු දැකීම ගැන මට නම් හරිම සතුටුයි. (ර)
මධු! අපි යෝෂිත හා මහින්ද යන මහත්වරු සමග කිසි අමනාපයක් නෑ. එත් යුධ පිටියට යාම හා යුධ හමුදාවට බැඳීම අර්ථ දෙකක්. (කෞ)
දුක සැප කැරකෙනවා, රිය සක ලෙස ලෝකේ, ජනරාල්ට තනතුරු හිමිවන විට යෝශිතට අහිමි වෙනවා. (ම)
අයි මහින්ද රාජපක්ෂ සේරම වැඩ කරලා නෙමේද ගියේ .දහයක් ඉඳලත් බය වෙන්න එපා මේ ආණ්ඩුව පුළුවන් විදිහට කරයි අනික්වා හොදේ. සේරටම කලින් හොරු අල්ලලා සල්ලි ආපහු අරගෙන එහෙම හොදේ... (ර)
යෝසිත රට වෙනුවෙන් යුද පිටියට ගිය ජාතික වීරයෙක් මෙයාට මෙහෙම කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ.(ම)
පළිගැනීම්වල අවසානය කවදා වේද? නව රජයේ වැඩ මේවා විතරද (බ)
හිනෙන්ද දන්නේ නැහැ එය යුද්දෙට ගියේ ? අපි දැක්කනේ බොරු පුහුණුවීම් වලට වෙන වෙන රටවල් වලට වෙලා හිටිය හැටි යුද්දේ ඉවර වෙනකම් ම (බ)
කවුරු කෙසේ කීවත් මේවා නම් අනුමත කරන්න බෑ (අ)
රට බේරාගත්තු රණවිරුවන්ගෙන් මෙන්න පලිගන්නවෝ. අධිරාජ්‍ය වාධින්ගේ කුමන්ත්‍රණ මේවා.(අ)
මේ සරත් මහත්මයෝ මෝඩ කතා කියන්න එපා මේක පලි ගැනීමක් නෙවෙයි වංචා දුෂණ බලය පාවිච්චි කිරීම ගැන ප්‍රශ්නයක් (අ)
හොදට හොයල බලන්න ලංකාවේ යුද පිටියකද වෙන රටක යුද පිටියකටද සටනට ගියේ කියල. ලංකාවේ නාවික හමුදා නිලධාරින්ගෙන් හා ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩි විස්තර දැන ගැනීමට පුළුවන්. (බ)
ජාතික වීරයෙක් මෙයා යුද පිටියට ගිය (අ)
කොහොම කිවිවත් මෙයා යුද හමුදාවට බැදුනෙ කිසි කෙනෙක් බැදෙන්නවත් නොහිතන මොහොතක ඒක අනිත් අයත් බැදෙන්න උනන්දු විමට හේතුවුනා නිසැකයි. මහින්දත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ ඒකයි එය අගය කළ යුතුයි (බ)
දරුවන් ගෙන් පලි ගැනීම නව මගකට ගත් ක්‍රියා දාමයක් (අ)
සරත් , නව රජයේ වැඩ සෞදියට පෙන්නේ නැහැ . ලංකාවට ඇවිල්ල බලන්න. (අ)
අනේ ඇත්තට මොනාද මෙය කරපු වැඩ? කාටද මේ "වැඩ" කළේ? රටටද, නැත්නම් තමන්ටද? ප්‍රශ්න ගොඩක් තිබුනට උත්තර නම් බොහොම අඩුයි.....(බ)
මේ රජය මේ වසරේදීවත් වැඩක් කරන පාටක් නැහැ වගේ.(අ)
මධූ, මෙයා යුද්ධ කාලේ ලංකාවේ නොවෙයි, පිටරටවල පුහුණු කඳවුරු වල. (අ)
අනික් හිටපු නායකයන්ගේ දරුවෝ පිට රට සැප විදිනවා රට නිදහස් කර දුන් ඔබ තුමාගේ දරුවෝ හිරබත් කනවා (අ)
මධු, යෝෂිත රට වෙනුවෙන් ඉදිරියට ගිය එක යුද පිටියක් කියන්නකෝ අපිත් ආසයි දැනගන්න. මෙහෙම යුද්ද කරන්න කාටද බැරි. (අ)
අයියෝ සල්ලි .(අ)
යුද්දයට ගිය හැටි දන්නෝ දනිති (ම)
සරණපාල මම එකගයි ඔයා එක්ක. මදූ මොනවද මේ කියන්නේ... (ර)
ඉමේෂ්- අධිරාජ්‍ය වාධින්ගේ කුමන්ත්‍රණ කතා අපිටනම් දැන් අහල එපා වෙලා. ඔයේ තැටිය දැන් අවූරුදු 100 විතර ඉදල අපේ කට්ටිය පට්ට ගහනවා. එක නිසා දැන් අලුත් කුමන්ත්‍රණනයක් ගැන කියන්න. (ර)
වැඩ තහනම් කරන්න වැඩකරන්න ඕනනේ, යුධ විරුවෙකු වෙන්න යුද්ධ කරන්න ඕනේ. ඔය සරල දේ තේරුම් ගන්න පොඩියටවත් මොලයක් තියෙන්න ඕනේ. (ර)
මේ අය හිතුවේ මුළු රටත් ,රටේ කෙල්ලෝ ටිකත් මෙයාලට අයිති කියලා.මේ විදියට අසීරුයි. (ම)
කාලයක් විමර්ශනය කරද්දී කියනවා හොරු අල්ලන්නේ නැහැ කියලා. ඇල්ලුවහම කියනවා පළිගන්නවා කියලා. (ර)
සරත්ගේ කතාව හරියටම හරි . (ර)
මෙතන අදහස් ලියන සමහර අය රටට නේමෙයි ආදරය කරන්නේ යෝශිතට සහ පවූලේ අයට. මේ වගේ කට්ටිය රටේ වගකීමක් ඇති තැන්වල. වැඩකෙරුවානම් අපේ රටට යන කල හිතා ගන්න පුළුවන්. (ර)
මෙම රජය කිසිදු වැඩක් නොකර සිටිනවා කියන උදවිය මෙම රජය නොකර ඇත්තේ මොනවද කියා කියන්න.(
මේ වගේ දේවල් ඉදිරියේදී නොවෙන්න මේ වගේ දේවල් වෙන්න ඕන, නැත්නම්, ඔය දෙශපලකයන් දෙගොල්ලෝ එකතුවෙලා ඒ ඒ කට්ටිය බෙර ගන්නවා, අපට බොරුවට එයාල විරුද්ද බව පෙන්නලා, කවුරු වුණත් මේ වගේ දේවල් ඉදිරියේදී නොවෙන්න ඕන. අනිත් කට්ටිය ආපුවම මෙයාලට දෙන්නන ඕන වැරදි කරල නම් (අ)
සැබෑ වීරයාගේ තනතුරු, විශ්‍රාම වැටුප් අහිමිකළ දේවල් දැන් මතක්වෙනවා ඇති. (නි)
වැඩ තහනම් කරලා මදි. විදෙස් පුහුණුවීම් සඳහා වියදම්.... (ර)
මේ පුතාලගේ දඩබ්බර කටයුතු නිසා , අපේ හිටපු ජානාධිපති උතුමාට තියෙන කරදරයක් , පියෙක් හැටියට කොහොම ඉවසන් ඉන්නවද මන්දා ? (ර)
ඒක කරන්න කලින් තව දේවල් ගොඩක් කරන්න තිබුණා. ඒවායින් ටිකක් නම්, ලුතිනන් පදවිය තරම් උසස් තනතුරකට එන්න මේ පුද්ගලයාට තිබුණ ප්‍රාථමික සුදුසුකම් මොනවද, නාවික හමුදාවේ සමත්වුණ විභාග, පරීක්ෂණ මොනවද, අප්පච්චිගෙන් සහ එයාගේ සගයින්ගෙන් ලැබුන "තල්ලු" මොනවාද කියලත් බලන එක (නි)