‘රට පෙරළන්න හදන නායකයන් හිරේ ගියාහම තමයි දන්නේ ඔවුන් ලෙඩුන් බවයි. හම්බන්තොට වරාය පාළු වෙන නිසා මහින්ද රාජපක්ෂ නියෝග කළේ කොළඹට එන නැව් හම්බන්තොට යවන්න කියලා. හම්බන්තොටින් නැව් වලින් බාන බඩු කොළඹට ගේන්න නැවත වියදම් කරන්න ඕනෑ. ගිය ආණ්ඩුව ණය ගත්තාට කිසිම කර්මාන්ත ශාලාවක් හදලා නෑ. නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැතුව රටේ ආර්ථිකය ගොඩගන්න බෑ.’ ‘ණය බර, බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකය’ සම්මන්ත්රණ මාලාවේ කරන්දෙණිය ප්‍රජා ශාලාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා එසේ පැවසීය.
COMMENTS
කටින් බතල තමයි ලොකුවට මහින්දව එලෙව්වේ. දැන් තිබුනට වැඩිය හොදද? හොරා කරපු තරම්වත් කර ගන්න බැහැ නේද? (අ)
සමහරු බලය තියෙනකොට නොයෙක් සෙල්ලම් පෙන්වීමට ඉදිරිපත් වුනාට මොකද කරපු වැරද්දක් සම්බන්ධයෙන් යම් ගැටලුවකට අධිකරණය ඉදිරියේ මුහුණ දෙන්නට සිදුවූ විට බරපතල රෝගී තත්ත්වයක් ලෙස අඟවා රෝහල් සයනයේ වැතිරෙනවා නම් එවැන්නන්ට රට පෙරලීමටවත් , පාලනයක් ගෙනයාමටවත් ඇති නොහැකියාව ඉන් මැනවින් ඔප්පුකර පෙන්වයි . (බ)
අපේ රටේ සමහර පාලකයින්ට අමුතු රෝගයක් හැදෙනවා.ඒක තමයි දියුණු රටවලට ඕන හැටියට අපේ රටේ ව්‍යාපාර කරන්නට ඉඩ දීමේ පිස්සුව.මෙච්චර කාලයක් එහෙම කරලා අපි කොච්චර ලොකු උගුලක පැටලිලාද ඉන්නේ.ණය බර බදු බර දේශපාලන පරදීන බව මේ ඔක්කොම හිටපු පාලකයින්ගේ ඒ පිස්සුව නිසා.(හේ)
ඔය දේවල් නැවත නැවත කියන්න ඕනේ නෑ. මුළු රටේම ජනතාව ඔය දේවල් දැන් දන්නවා.(හේ)
ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.(හේ)
මෙයාලත් කියවන එකේ ඉවරයක් නැ වගේ.. එකම දේ පුන පුනා කියවනවා..මේවා අහල දැන්නම් එපාවෙලා..බැලුවොත් එකම දේ..මහින්ද, බැසිල්, නාමල්, යෝෂිත..යෝෂිත, නාමල්, බැසිල්, මහින්ද..අනේ අම්මප වෙන දෙයක් ඇත්තෙම නැද්ද..මේ රටේ.. (අ)
පහු ගිය ආණ්ඩුව පහු ගිය ආණ්ඩුව .වෙන දියුණුවක් නෑ (අ)
දිනේෂ් සහෝදරයා, ඒ දන්නා එක වැඩිකම නිසාද මේ අවුරුද 68ක් තිස්සෙම රටකන වංචාකාරයන්ට ආණ්ඩුකරන්න ඉඩ දෙන්නේ? (අ)
ඔහෙලට බැරි එකේ ලෙඩ්ඩු හරි එක කරන්න එපැය! (අ)
යටතල පහසුකම් දියුණුකිරීම මුලටම අවශ්‍යයි.ගිය ආණ්ඩුව ඒකාලේ රෝහල් ගත නොවී ඒ ටික කිරීම වැදගත්. (ම)
දිනේෂ්- අපේ කට්ටියට ඕනෑම දෙයක් ඉක්මින්ම අමතක වෙන නිසා තමයි නැවත නැවත මතක් කරලා දෙන්නේ. එක තියෙන වැරැද්ද මොකක්ද? (අ)
මේවා සැප වැඩි වුණාම හැදෙන ලෙඩ (අ)
මෙයාල 1970 ඉදල මොනවද කලේ ? අසාර්ථක කැරලි දෙකකට තරුණ පරපුර යොමු කරලා මරලා දැම්මා මදිවට, ඒ මරපු ආණ්ඩුවට බලයට එන්න ඕනේ කරන වටපිටාව හදල දුන්නා (ම)
කයිය විතරයි.වැඩ බැරි ටාසන්ලා (බ)
අපි දන්නවා දවසක රට ගොඩ යන්නේ ජවිපෙ එකෙන් විතරයි. (ම)
නිතරම මේ විදියට මතක් කරදෙන එක හොඳයි මුල මතක නැති වෙනවා අපේ මිනිසුන්ට (හේ)
රට වැසියා කැමති ලෙඩුන්ට ,ඉතින් හැමදාම ලෙඩ වෙලා ඉඳීවි (හේ)
මෙයත් අයර්ලන්තේ යන්න වගේ හදන්නේ. (බ)
මේ විදියට හිතන දේශපාලන නායකයෝ ඉන්න රටක් හැදෙන්නේ කොහොමද සිරිමාවෝ මැතිනිය , එතුමියගේ කාලේ නියෝග කළා , ලංකාවේ සියලුම තේ අපනයනය කළ යුත්තේ ත්‍රිකුණාමල වරායෙන් බව. එ්කෙන් අදහස් කළේ , ඒ තුළින් එම ප්‍රදේශත් සංවර්ධනය කරන්න ව්‍යාපාරිකයෝ ඒ ප්‍රදේශ වලටත් යොමු කරන්න (බ)
හරියටම හරි.(හේ)
ලෙඩ්ඩු (මානසික) රට පාලනය කරපු නිසා ජාතික ධනය ඒ ය විසින් කොල්ල කණු ලැබුවා. ඒ මුදල් හොරකම් කරපු එකට හිරභාරයට ගන්න කොට ඉබේටම ලෙඩ වෙනවා. මේවා දැකලා මේවා අහපු ජනතාවත් පිස්සෝ වෙලා අර නිතර ලෙඩවෙන මානසික ලෙඩුන්ව නැවත බලයට ගේන්න වළිකනවා. (හේ)
ජවිපෙත් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කරන්නකෝ අපටත් සහභාගී වෙන්න (හේ)
අපි යහපාලන ආණ්ඩුව ගෙනාවේ ගිය ආණ්ඩුව හරියට නොකෙරු නිසා. ඒවා නැවත නැවත කියන එකේ තේරුමක් නෑ.(හේ)
අපේ රටේ මිනිස්සුන්ටත් ලෙඩ එක ඔක්කොටම වැඩ බරපතල ලෙඩක් (හේ)