හිමාලයේ සිට පැමිණි බව පවසමින් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රාතිහාර්ය පෑමට ගිය දකුණේ පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 01 දා රාත්‍රියේ දී ආශිර්වාද ශාන්තිකර්ම පවත්වා විශ්ව බලයෙන් ලොඩ සුවකරන බවට පසුගිය 25 දා සිට ප්‍රචාරයක් ගෙනයමින් මෙම වැඩසටහන සංවිධානය කැර තිබිණි. රෝග සුව කිරීමටත් ශාන්තිකර්ම පැවැත්වීමටත් අත්තිකාරම් මුදල් ද එකතුකැර තිබිණි. හිමාලයෙන් පැමිණි බව පැවසූ පුද්ගලයන් ගැන සැකසිතූ විහාරාධිපති හිමියන්ගේ දැනුම්දීමකට අනුව එහි පැමිණි පොලීසිය 13 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලීසිය පවසන්නේ හිමාලයෙන් පැමිණි බව කී පිරිස දකුණේ අය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ අයියලා විශ්ව කර්ම ආශ්චර්ය පෙන්වන්න ගිහින් හැම තැනම ඇනගන්නවා. (නි)
පළමුව දඬුවම් කල යුතු වන්නේ මොවුන්ට මුදල් ගෙවූ මෝඩ මිනිසුන්ටය. 21 වන සියවසේත් මේ වගේ බොරු විශ්වාස කරන අය සිටින තුරු බොරු ශාන්තිකර්ම කාරයන්ට මුදල් ඉපයීමට හැක. අපගේ බොහෝ දේශපාලන නායකයින්ද මේවට රැවටි සිටිති (නි)
නිතිය තමයි පිහිටට ඉන්නේ (දී)
ශාන්තිකර්ම වලින් ලෙඩ රෝග සුවපත් කිරීමට හැකිනම්, අපිට වෛද්‍ය විදුහල් දොස්තරලා ඉස්පිරිතාල අවශ්‍ය වෙන්නේ නැත. මෙවැනි ශාන්තිකර්ම කරන අයටත් මේවට අසුවන මුදල් ගෙවන අයටත් ගව ආහාර කැවිය යුතුය (නි)
මේවයින් පෙනෙන්නේ ලංකාවේ මිනිස්සුන්ව රවට්ටන්න කොච්චර ලෙහෙසිද කියලා. (නි)
ලංකාවේ මිනිස්සු රවට්ටන්නත් ලේසියි. කපටි මිනිස්සුත් හරියට ඉන්නවා ලෝකයේ අනික් රටවලට වඩා. (නි)
ඔන්න දකුණේ මිනිස්සුන්ගේ වැඩ. (නි)
ලෙඩ සුවකරන්න පැමිනි අය කරපු වැරැද්ද මොකක්ද? (නි)
ස්වාමින් වහන්සේ සිය යුතුකම මැනවින් ඉටුකොට තිබේ. අනිත් අයත් මෙවැනි දේවල් ගැන විමසිලිමත් විය යුතුයි (නි)
මෙහෙම ලෙඩ සුවකරන නා නා ප්‍රකාර දේවගැතිවරුන්, ඍශිවරුන්, සාන්තුවරයන් වරින් වර මතුවෙනවා. බුදු බව ලැබූ බව කියන අයත් ඉන්නවා. මුදල් වංචාවක් කලොත් මිසක් ඔවුන් නීතිවිරෝධී දෙයක් කරනවද කියන එක නම් පැහැදිලි නැහැ. (නි)