පෙනහැල්ල දක්වා උදරය කැපුණු බව කියන පුද්ගලයකු අහංගම රෝහලේ වෛද්‍යවරුන්ට අද අලුයම බැන වැදීම නිසා රෝහලේ සිටි නේවාසික රෝගින් දෙදෙනකු ඉමදුව රෝහලට යවා රෝහල වසා දමා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.කේ.විජේවික්‍රම මහතා පවසයි. වෛද්‍යවරයා පවසන්නේ තුවාලකරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු ගිලන්රියකින් කරාපිටියට යැවීමට සූදානම්වෙද්දී බැන තර්ජනය කැර ඇති බවයි. අලුයම වසා දැමුණු රෝහලේ සවස බාහිර රෝගී පමණක් ක්‍රියාත්මක කළ ද රෝහලට රෝගින් ඇතුලත් කැර ගන්නේ නැත.
වෛද්‍යවරු පවසන්නේ බැන තර්ජනය කළ පුද්ගලයා බීමතින් සිටි බවත් තවත් පුද්ගලයන් තිදෙනකු සමග ඔහු පැමිණි බවත්ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ අහංගම රෝහලේ මෙවැනි තර්ජනය කිරීම් නිතර නිතර සිදුවන බවයි. වෛද්‍යවරු ආරක්ෂාව ඉල්ලා සිටිති.ආරක්ෂක සේවයක් හෝ පොලිස් මුරපොළක් නැතිව වැඩ කළ නොහැකි බව ඔවුහු කියති. ආරක්ෂාව තහවුරුවන තුරු රෝහලේ රාත්‍රී සේවා සිදු නොවනු ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
වෛද්‍යවරුන්ට බැන වැදී කරාපිටිය රෝහලට පැමිණි තුවාලකරු කරාපිටිය රෝහලෙන් පැනගොස් ඇතැයි ඔහු සමග පැමිණි පුද්ලයන් තිදෙනකු රෝහල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තම පොලිසියට භාරදුන් බව ද අහංගම පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා ලංකාවේදී සිංහයෝ වගේ ඉන්න හදන්නේ. මෙයාලගේ බෙහෙත් කඩ තහනම් කරන්න ඕන.(දී)
මට මේවා අහන කොට දිවි නසා ගන්න හිතෙනවා (දී)
දොස්තර රෝගියාගේ තත්ත්වයට වැටෙන්න අවශ්‍යද? ඔවුන් තමන්ට රෝගියාගෙන් එල්ලවන දේවලට තමන්ගේ ආවේග මෙල්ල කරගත යුතුයි.අපි නිතරම බලන්න ඕනෑ රෝගියාගේ පැත්තෙන්. (නි)
බෙහෙත් ගන්න ගිහින් දොස්තරලාට තර්ජනය කළාම හරියනවද? (නි)
ලංකාවේ දොස්තරලා නම්, අනේ මන්දා හැබෑට....? දෙයියනේ! අසරණ මනුසයෙක්ගේ තත්ත්වය තේරුම්ගන්න තරම්වත් මොළයක් නැද්ද? හැබෑට මේ මිනිස්සු නෙමෙයිද? රෝබෝලාද? මේ මනුස්සයා කොච්චර වේදනාවකින්ද ඉන්න ඇත්තේ? සාමාන්‍යයෙන් මේ වගේ වේලාවකදී මූලික ප්‍රතිකාර ටික කරලා නේද ළඟම තිබෙන මහ රෝහලට යවන්නේ? අසාධාරණයයි වේදනාවයි දෙකම එකට මුසු වූ හැසිරීමක් තමා මේ පෙන්නුම් කරලා තියෙන්නේ. (නි)
ඇත්තටම මේ වෛද්‍යවරු අධ්‍යපනයක් ලබපු උදවියද මම සාමාන්‍යපෙළ යාන්තම් සමත් බීපු මිනිහෙක් මට කරදර කරා නම් පොලිසියට බාර දීල මගේ රාජකාරිය කරගෙන යනවා මට පෙනෙන්නේ මේගොල්ල බලාගෙන ඉන්නේ කොයිවෙලාවෙද වර්ජනය කරන්නේ කියල එතකොට ප්‍රයිවෙට් චැනලින් නේ! (අ)
මම ඉන්නේ uk වල.මෙහෙ ඉන්නේ නියම දොස්තරලා.ලෙඩාට සලකන්නේ රජෙකුට වගේ.මෙහෙ දොස්තර තමන්ගේ රාජකාරිය හරියටම කරනවා.ලෙඩාව තමන්ම ගිහින් එක්ක ඇවිත් හොදින් පරික්ෂ කරලා ලෙඩාව රෝදපුටුවෙ තියාගෙන එලියට ගේන්න තරම් නිහතමානී ය. ලංකාවේ නම් එය පුදුම හතෙන් එකක් වනවා නොඅනුමානය. මෙහෙත් ඔය කියන විදිහේ ලෙඩ්ඩුත් ඉන්නවා,ඒ අය නිසා ඉස්පිරිතාල වසන්නේ නැත . (අ)
හරියට හරි බෙහෙත්ගන්න ගියාම සංහයවගේ ඉන්නේ. හැබැයි චැනල් සෙන්ටර් එකේ දී පූස් පැටවු වගේ (අ)
ජනතාවගේ මුදලින් ඉගෙනගෙන පොඩි හේතුවකටත් වර්ජන.හැබැයි චැනල් සෙන්ටර් දිගටම වැඩ.ලංකාවේ වෛද්‍යවරුන්ට මෙපමණ බලයක් ලැබී ඇත්තේ කෙසේද? මම පිටරටක ඉන්නේ.මෙහෙ වෛද්‍යවරුන් ඉතාම සැළකිලිමත්.ඔවුන්ට ඕනෑ ඕනෑ දේ කිරීමට නීතියෙන් ඉඩ නැහැ.රෝගියාට අයිතිවාසිකම් වැඩියි. (නි)
අනේ මමත් දන්නවා ඔය රෝහල ගැන 1985 ඉඳලා. (නි)
හැමදාම මේ වගේ සිදුවීම් වෙනවා නම් කව්රුවත් ඒ ගඅන පියවරක් ගන්නේ නැත්නම් වෙන මොනවද කරන්නේ (නදී)
ගීත සොයුරිය ..!ඔයාගේ කියමන 100%ක් මම නිවැරදි කරනවා මම ඉන්නේ බ්‍රිටිෂ් ෆෝසස් එකක බෙහෙත් ගබඩා අංශයේ වේයාහවුස් එකේ ..අපිත් අසනීප උනාම බෙහෙත් ගන්න යනවා රිසිප්ෂන් එකට වාර්තා කරලා ඉදගෙන ඉන්නවා. වෛද්‍ය වරයා ලගට ඇවිත් නම කියල කතා කරනවා ඔහු කාමරයට එක්කන් යන්නේ සතුටු සිතින් කතා කරමින්, වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටවෙන්න ඔහුම ඇවිත් දොර විවෘත කරලා දෙන්න තරමට නිහතමානියි ..අපේ රටේ දොස්තරලට රටේ ජනතාවට කතා කරන හැටි ඉස්සර වෙලා කියල දෙන්න ඕන ..මහජන මුදලින් පඩි ගන්නේ හරියට, මාපිය බුදලේ කියල හිතාගෙන , එත් අසරණයින්ට කතා කරන්න දන්නේ නැහැ, එහෙම නැතිනම් පිට රටින් දොස්තරලා 5 ගානේ සෑම ඉස්පිරිතලේකටම ඉල්ලුම් කරලා, මෙයාලට රට යන්න කියන්න ඕන, මොකද මහ ජනයාගේ අත්‍යවශ්‍ය ජීවන කොටසක්, වෛද්‍යවරයාගේ සේවය , බෙහෙත්ටික, පුරුද්දක් කරගෙන හැම දේම ඉස්ට්‍රයික් කරනවා අපේ රටේ .මේවා නැති කරන්න ඕන,,? (අ)
දොස්තර වරුන් හැටියටත් හමුදා නිලධාරීන් පත්කලොත් නරකද.? (ස)
ජාතික රෝහලේදී කොලර්වලින් ඇදල බොත්තම් කඩාගෙන ගහගෙනවත් දෙපැත්තේම දොස්තරලා ආරක්ෂාව ඉල්ලුවෙත් නැහැ. පොලිස් මුර පොළක් නැතිව වැඩ කළ නොහැකි බවක් කිව්වෙත් නැහැ. හැබැයි දොස්තරලාගෙන් කාමර වල වීදුරු පරෙස්සම් කරගන්න ජාතික රෝහලේ පොලිස් මුරපලක් දාන්නයි ඕනේ. (නදී)
කට ඇරියොත් වර්ජනය (නදී)
රුක්ෂාන් මෙතෙන්දි වෙන්න ඕන දොස්තර වරුන් හැටියටත් හමුදා නිලධාරීන් පත්කිරීම නෙමෙයි පාලකයින් හැටියට ඉන්න සමහර බූරුවන් ඉවත් කිරිමයි (නදී)
ඇත්තෙන්ම වෛද්‍යවරයෙකුට නොහොබිනා විදියට බනිනවා නම් ඒ ගැන එම පුද්ගලයට විරුද්ධව නීති මඟින් කටයුතු කළ යුතුමයි. හැබැයි මේ ලෙඩා බරපතල තත්ත්වයේ කෙනෙක්. ඒ ගැනත් වෛද්‍යවරු නිහතමානීව හිතන්න ඕනෑ. අනික එක පුද්ගලයෙක් නිසා සියලුම රෝගීන්ගෙන් පළිගන්න එක නම් උගත් වෛද්‍යවරුන් හැටියට සුදුසු නැහැ නේද? (නි)
මේ ලඟදි දවසක මටත් බණ්ඩාරගම ඉස්පිරිතාලේ රාත්‍රී වැඩ කරපු දොස්තර බැනගෙන බැනගෙන යන්න පටන් ගත්ත අමාරු ලෙඩෙක්ට බෙහෙත් ගන්න ගිය වෙලාවක. කිසිම නිවුණු හැගීමක් තිබුනේ නැහැ ඒ පුද්ගලයාගේ. මේ රටේ දොස්තරලා හිතාගෙන ඉන්නේ එයාල අමුතුම වරප්‍රසාද ලත් උදවියක්, සාමාන්‍ය ජනතාවගෙන් වෙනස්ම උන පුද්ගල කොට්ටාසයක් කියල. (අ)
දැන් දොස්තරලා සල්ලි දෙනවනම් ඕන ජරා වැඩක් කරනවා. මම දන්නා කෙනෙකුට පිස්සු කියල හොර සහතික දීල තියනවා අධිකරණයට ඉදිරිපත් කරන්න දොස්තරලා තුන් දෙනෙක්ම.(අ)
ටෙනී..චාමික ..හුසේන් ඔයාලා හරියටම හරි. මේ ගොල්ලන්ට අඩන්න ඇගිල්ලෙන් අනින්න ඕනේ නැහැ. ලගින් ගියත් ඇති. (නදී)
පිහි ඇනුම් ආදිය නිසා තුවාල කරගෙන විශ්ෂයෙන් උදර ප්‍රදේශයට එන ලෙඩ්ඩු වැඩිහරියක් එන්නේ බීමත්ව. අනික අසාද්‍ය තත්වයෙන් එහෙම අයගෙන් බැනුමක් අසන්න ලැබීම සාමාන්‍ය දෙයක් . විශේෂයෙන් දොස්තර කෙනෙක් ඕක ලොකුවට ගනන්ගන්න හොඳ නැහැ මම දොස්තර කියල ඔලුව උදුම්ම ගෙන වාතයක් ගියත් වර්ජනය කරන එක මනුස්ස කම නෙමේ. මෙයාලට මේ වගේ පුද්ගලික අංශයේදී කව්රුහරි බැන්නොත් වර්ජනය කරනවද ? ( මම එහෙම බැනල තියනවා එයාගේ ජරා වැඩකට මෑන් මීය වගේ හිටියා මොන වර්ජනයක් වත් නැහැ !(අ)
ඒ වුණත් අනෙක් රෝගීන් අමාරුවේ නේද? (නි)
දේශපාලකයන්ට මෙහෙම කරන්න පුලුවන් නම් දොස්තරලාට පමණක් අපි බනින එක වැරදියි (නි)
දොස්තර මහත්තුරුත් එක්ක කටගහගෙන ගියොත් කන්න තමයි වෙන්නෙ. (නදී)
දොස්තරලා හිතාගෙන ඉන්නේ හරිම ලොකුවට. අනිත් මිනිස්සු ඔක්කොම සීරුවෙන්. (නදී)
ලංකාවේ චැනෙල් සෙන්ට්‍රල් සේරම ටික තහනම් කරන්න ඕන , පෞද්ගලික රෝහල් ඇති කළා නම් ඔය සේරම අයියල කුක්කෝ වගේ නකුට අකුලාගෙන රැකියාවට වෙලාවට එනවා ,දොස්තර කෙනෙකුට ෆාමසියක් පමණක් කරගෙන යාම සදහා අවසරය දුන්නා නම් ,පුද්ගලික චැනල් තහනම ජනතාව වෙනුවෙන් ක්‍රියා කල හැකියි , නැතිනම් මේ රටේ ජනතාව මැරෙනවානේ මේ විදියට, අනේ දෙවියනේ (අ)
ලංකාවේ දොස්තරලා වැඩිදෙනෙක් ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
ගොඩක් වෛද්‍යවරුන්ට පොතපතේ දැනුම තිබුනට සමාජ අත්දැකීම් අඩුයි. කෙනෙක්ගෙ වේදනාවෙන් පිරුණු අසාධාරනයට පිළියමක් නොමැති විට නිදහස් කරන වාග් ප්‍රහාරයට නිහතමානීව සවන්දෙන්න තරම් යටහත්පහත්කමක් නොමැති පිරිසක් වෙලා. (නි)
දැනට රටේ බෝවී ගෙන යන උණක් වන පොලිස් ආරක්ෂාව මේ ගොල්ලන්ටත් ඕන වෙලා වගේ (අ)