අම්බලන්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුර්ලභ ඝණයේ කැස්බෑවන් තිදෙනෙකු අද (22) හික්කඩුව සාගර අභය භුමියට මුදා හැරිණි.
පොතු කැස්බෑවන් , දාර කැස්බෑවන් වර්ගයට මොවුන් අයත් වෙති.
හික්කඩුව වනජිවි දෙපාර්තමේන්තුවේ උද්‍යාන භාරකරු ඒ.වී. කසුන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු ජිවන් කස්තුරිආරච්චි මහතා ඇතුළු නිලධාරින් විසින් කැස්බෑවන් මුහුදට මුදා හරින ලදී.
ලංකාවේ විවිධ ප්‍රදේශවල අනතුරු වලට ලක්ව මුහුදු වෙරළට ගොඩ ගසන ලද මෙම කැස්බෑවන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංරක්ෂණය කර මුහුදට මුදා හරින බව වනජිවි නිලධාරිහු පවසති.
![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/321.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/41.jpg)
![5[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/52.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/612.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/711.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ පුන්‍යකර්මයක් මස් වැද්දන්ගෙන් සතුන් බේරා මුදට නිදහස් කිරීම. (ර)
අන්තිමට යන එක්කෙනාට නම් තවම අසනීපයි වගේ. හරිම පින්අතේ වැඩක්. අහිංසක සත්තු! (නි)
ඉතා හොඳ වැඩක්. අගය කරමු (නි)
ඉතාමත් පින් අතේ වැඩක්. (ර)
මෙවන් දසුන් දැකීමෙනුත් අපි ලබන්නේ මහත් වූ සතුටක් (නි)
කිව්වත් වගේ ඉතාම පින් අතේ වැඩක්... එත් අපේ අයියලාගෙන් බේරා ගන්න තමයි අමාරු. (ර)
මම මීගමුවෙන්, මෙහෙ ඔය සත්තුන්ව යහමින් මස් කරනවා. එ්කටත් බෙහෙතක් දුන්නොත් තමා හොද. මොකද නැත්නම් මේගොල්ලන්ව බලන්න වෙන්නේ පින්තුර වලින් තමයි. (බ)
බොහොම පිං කටයුත්තක්. (ර)
කොච්චර හොඳද? මේක ලොකු පිනක් (නි)
ලොකු පිනක් අද පෝය දවසේ. මමත් අසනීප වුන ඉබ්බෝ ගෙදර ගෙනිහිල්ල සුව කිරීමෙන් පසුව පරිසරයට මුදා හරිනවා.(හේ)
අන්න හොද වැඩක් කරලා තියෙනවා.(හේ)
ඔන්න වැඩ පින් අතේ මුළු ලෝකයට ආදර්ශයක් (බ)
සිරගත කර ඉන්න සංඝයා වහන්සේලා නිදහස් කරනවා වගේ පිනක් මේකත් (බ)
දැන් මෙයාලට පීනන්න මතක නැතිවෙලාත් ඇති. (නි)
හොඳ දෙයක් මේ අය කරන්නේ. අගය කළයුතුයි. (නි)
ගොඩක් උතුම් වැඩක් (නි)
මහත්වරුනේ ඔබලාට මගේ ප්‍රණාමය..!(අ)
මේ ක්‍රියාවට දායක වූ හැමදෙනාටම නිරෝගී සුව අත්වේවා (බ)
කණගාටුවට කරුණක් තමයි කළ ගුණ නොදන්නා ධිවරයින් සහ මිනිසුන් පිරිසක් ඉන්නවා කැස්බැවුන් සහ ආපදාවකදී ධීවරයින්ගේ සහ අන් අයගේ හොඳ ගැලවුම් කරුවන් ලෙස කටයුතු කරන ඩොල්පින් මසුන් මරණ සහ එම මසුන්ගේ මස් විකුණන අසික්කිත මිනිසුන් සහ ඒවා අනුභව කරන පිරිසක් සිටීම ගැන. (බ)