අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව
‘අද මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය පුරවැසියෙක්ට රාජ්‍ය ගෞරව සහිතව අදාහනය සිදුකරනවා. මාදුළුවාවේ සෝභිත හිමි මහනායක හිමිකෙනෙක් නෙමෙයි. රදගුරු ප්‍රසාදීන් කෙනෙක් නෙමෙයි. රාජ්‍ය නායකයෙක් නෙමෙයි. වෘත්තීය සමිති නායකයෙක් නෙමෙයි. දානපතියෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්. උන්වහන්සේ බුදුන් වහන්සේගේ අඩි පාරේ යමින් ධර්මය දේශනා කළ යතිවරයාණන් වහන්සේ නමක්.
උන්වහන්සේගේ දේශනා බුද්ධ වචනයට සීමා වුණේ නෑ. මේ රටේ ජනයාට ජීවත්වෙන්න පුළුවන් යහපත් සාධාරණ සමාජයක් ඇති කරන්නත් නීතිය පරමාධිපත්‍ය තහවුරු කරගන්නත් ශ්‍රී ලාංකික ජනතාව එකමුතු කරගන්නත් උන්වහන්සේ උත්සාහ ගත්තා.
ඉන්දියාවේ අප්‍රිකාවේ ඒ සාධාරණ සමාජ තිබුණා. ලංකාවේ ජනතාවට ඒ සාධාරණය ලබාගන්න උන්වහන්සේ දේශනා කළා.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු දෙනා එකතු කරගන්නයි උන්වහන්සේ ක්‍රියා කළේ. ඒ නිසා ඒ සටන මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරියට ගෙන ගියා. කිසි කාරණයක් ගැන බය වුණේ නෑ. අන්තිම වර්ෂයේ උන්වහන්සේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැතිව වැඩ කළා. උන්වහන්සේ සිංගප්පූරුවේ ගෙන ගිහින් ප්‍රතිකාර කළා. කොළඹදී ආරෝග්‍ය ශාලාවේ කාමරේ ඉඳගෙනත් මේ රටේ අනාගතය ගැන කතා කළා. ඒ නිසා මේ අවස්ථාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම අප සියලු දෙනාට විශාල පාඩුවක්. අපට පුළුවන් එකම කාරණය උන්වහන්සේ බලාපොරොත්තුවුණ යහපත් සමාජයක් ඇති කිරීමේ පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්න අපි කැපවෙලා ඉන්නවා. උන්වහන්සේගේ සේවයට ස්තූති කරමින් සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා නාහිමි නොනිමි මෙහෙවර නිමකරන්න (නි)
දේශපාලකයන් තමන්ගේ වාසිය සදහා චරිත කියලයි මටනම් හිතෙන්නේ, (ම)
"මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණවූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙන් කටයුතු කළ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනපති උන්වහන්සේගේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ සපථ කරමින් පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කර මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.(ම)
සොබිත හාමුදුරුවෝ ජිවත් වෙලා සිටින කාලේදී කරන්න බැරි වුන දේවල් දැන් කරයි කියල මමනම් සත පහකට විස්වාස කරන්නේ නැහැ. (ස)
මෙවැනි උතුම් මිනිසුන් අපි අතර තව තවත් පහළවේවා! (ස)
අවසාන කාලයේ එතුමා රට ගැන කියමින් දැඩි කණස්සල්ලෙන් හා පසුතැවිල්ලෙන් කල් ගතකල හේතුව සොයා බැලුවොත් නරකද ? (ස)
අන්තිම මොහොතේ රට ගැන නෙමෙයි කල්පනා කරලා තියෙන්නේ කර ගත්ත මෝඩකම ගැන. ලග හිටපු ගෝල හම්දුරුවෝ ඒ බව ලස්සනට කියනවා. එතුමා පැතූ විදියට නැවත මේ බොරුකාරයන් ඇති ලංකාවේ පහළ නොවී නිවන් සුව ලැබේවා. (ම)
ඇත්තමයි ඇසළ ඒ වගේ හොඳ හිත ඇති හිමි නමක් මේ ලංකාවේ නැවතත් ඉපදී සිත හඬවා ගත යුතු නැහැ. (ස)
මරණය සැක සහිතයි. කව්ද මේකට වග කියන්නේ? (ස)
උන්වහන්සේගේ බලාපොරොත්තු ඉටුකිරීමයි දැන් කළයුත්තේ (නි)
මෙය අපට දරාගත නොහැකි අඩුවක් (නි)
උන්වහන්සේ රටට ලොකු ශක්තියක් වුණා (නි)
ඔබවහන්සේට නිවන් සුව! (නි)
කොච්චර දක්ෂ හිමිනමක් උනත්, උන්වහන්සේත් අන්තිමට දේශපාලකයන්ට රැවටුනා. ඒ හිතේ අමාරුව තමයි මේ අකල් වියෝවට හේතුව. උන්වහන්සේට නිවන් සුව පතනවා. එත් මේ අගමැතිගේ ප්‍රකාශය "සාමාන්‍ය පුද්ගලෙයෙකුට රාජ්‍ය ගෞරව " කියන ප්‍රකාශය හෙලා දැකිය යුතුයි, උන්වහන්සේ කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්නේ ? (ස)
ලෙඩ ඇඳේ සිටිත්දිත් කතා කලේ උන්වහන්සේ බලාපොරොත්තු උන සාධාරණ සමාජය ඇතිකරන්නේ කොහොමද කියල තමයි. ඒ වගේම උන්වහන්සේ කීව මේ උදවියත් මේ යන විදියට ගියොත් හිටපු උදවිය ගිය පාරේම යයිද දන්නේ නැහැ කියලත්. ඒ ගැන උන්වහන්සේට යම් බියක් තිබුන. ඒක නිසා ඒ ගැන කතා කරන්න ඇති. (ස)
සෙනරත්, ඔබගේ අදහසට මම ගරු කරනවා. (නි)
උන්වහන්සේට නිවන්සුව අත් වේවා.! (ර)
මෙවැනි උතුම් මිනිසුන් අපි අතර තව තවත් පහළවේවා! සසර ගමන කෙළවර නිවන් සුව අත්වේවා! (නි)
උන්වහන්සේ ජීවිතාන්තය දක්වා අපේක්ෂා කළ පැතුම දැන් නොව ජීවත්ව උන් කාලසීමාව තුළ ඉටුකළා නම් තමයි වටින්නේ (නි)
උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
මෙම ආදාහන පුජෝත්සවයේදී ගරු අගමැතිතුමා වගේම වර්තමාන ජනාධිපතිතුමත් ජනතාවට යම් වැදගත් පණිවිඩයක් ලබා දී ඇත. ඒ වගේම පක්ෂ විපක්ෂ හැම දේශපාලකයෙක්ම නාහිමියන්ගේ බලාපොරොත්තුව අගයමින් කරනලද ප්‍රකාශද දකින්නට ලැබුණි. උන්වහන්සේගේ "සාධාරණ සමාජයක" බලාපොරොත්තුව, කවදත් සිහින පමණක් දකින ජනතාව වන අපිට තවත් සිහිනයක් හෝ බලාපොරොත්තුවක් පමණක් නොවීමට ප්‍රාර්ථනා කරමු. (නි)
ඔව් ...සෙනරත්. එතුමාව දේශපාලකයෝ රැවැට්ටුවා. (ස)
මෙයා සොබිත හිමිට අපහාස කරනවා. එහිමි සාමාන්‍ය අයෙක් නොවෙයි. අනෙක මෙයාලට මෙහෙම නොකර බැහැ. එහිමි නොවෙන්නට මෙයා අදටත් විපක්ෂ නායක. අරය ඇමති. (ස)
උන්වහන්සේ නැති අඩුව අපිට දැන් තදින් දැනෙනවා (නි)
සෝභිත හිමිපාණන් වහන්සේගේ දැක්ම ඉදිරියට රැගෙනයාමයි අගමතිතුමනි ඔබට කළහැක්කේ (නි)
ජාතියේ පියා ඩී.එස්. මතකයෙහි ඇත. දේශය අවදිකළ දම්පල් හිමිත් නැත. දේශයේ නියමුවා වූ ඔබවහන්සේ නැති සොවින් ජාතිය අද කම්පිතව ඇත. (නි)
ඔබවහන්සේගේ අභාවය දරන්න නොහැකි අඩුවක් (නි)