(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ලිට්රෝ ගෑස් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමෙහි වග උත්තරකරුවෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වා දෙන යා නොහැකි බවයි.
මෙම පෙත්සම ජනවාරි 24 වෙනිදා සළකා බැලීමට කල් තැබින. විනිවිද පෙරමුණේ මහා ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නීතිපති,ලිට්රෝ ගෑස් සමූහයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ලිට්රෝ ගෑස් ටෙන්ඩරය අඩුම ලංසුවට නොදීම හේතුවෙන් නීතියට පටහැනි ක්‍රියාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් මෙම ටෙන්ඩරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
COMMENTS
අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක කියල දෙන්න. "ජනාධිපති වරයාට කාට හරි වෙඩි තිබ්බොත් හරි එතුමා ස්තිරියාවක් දූෂනය කලොත් ජනාධිපති වරයාට එරෙහිව නීතිය ක්රියාත්මක වෙන්නේ නැද්ද?" මම මේ නොදන්නාකමටයි අහන්නෙ.
මාද්‍ය මගින් මෙ වගෙ කාරන වලට දෙන ප්‍රසිද්ධිය හොදටම මදි. මෙ දේසපාලුවො කරන අමන වැඩ ගැන ජනතාව දැනුව්ත් කරන්න ඔන නිතරම.
ජනදිපති තුවක්කුවක් අරන් වෙඩි තියල විපක්ශ දේශපාලකයො සියලුදෙනාම මරල දැම්මොත් මොකද වෙන්නෙ , මෙ බහුභූත නිතිය විය්‍යවස්තාවෙන් ඉවත් කරන්න