
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (4) පැවසීය.
ඒ අනුව පසුගිය දෙසැම්බර් මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 694 ක තව දුරටත් පවතින බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලන කොට රනිල් හොඳයිනේ. NPP එක ඡන්දයට කළින් ගෑස්වලට මොන කතාද කිව්වේ...? අපෙන් ඡන්දය ගන්න. අපි මේ අයගේ බොරුවලට රැවටුණාණේ. මම රට ඉඳලා ඇවිල්ලා මේ අයට ඡන්දෙ දුන්නේ...!