ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක සම්මාන ලැබීය. සිවු දිනක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී මෙම තරගාවලිය පැවැත්විණ. කිලෝග‍්‍රෑම් 60 ට අඩු ලයිට් බර පංතියෙන් තරග කළ අනුරුද්ධ අවසන් තරගයේදී ගුවන් හමුදාවේ ඞී. එන්. ජයකොඩි පරාජය කිරීමට සමත්විය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් බොක්සිං ක‍්‍රීඩාවට පිවිසි අනුරුද්ධ 2007 වසරේද ලේටන් කුසලානය දිනා ගෙන තිබේ. ලයිට් බර පංතියේ අවසන් පුර්ව තරගයේදී තියුණු තරගයකින් පසු පරාජය ලැබු නාවික හමුදා ක‍්‍රීඩා සමාජයේ එස්.කේ. ප‍්‍රනාන්දු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාවිය. කාන්තා අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතිය ජයගත් පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමන්ති ප‍්‍රියංකා ගුනෙත්ති සම්මාන දිනා ගත්තාය. සමන්ති මෙම වසරේ පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ බැන්ටම් බර පංතිය ජය ගෙන ජාතික මට්ටමේ තරගවලට සුදුසුකම් ලබා ගත් අතර ඇය එම තරගාවලියේදී සමන්ති දක්‍ෂතම කී‍්‍රඩිකාව ද වුවාය. සමන්ති හමුවේ අවසන් තරගයේදී පරාජයට පත් වු තුරුලිය කී‍්‍රඩා සමාජයේ බී. එන්. එරන්දි දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස තේරී පත්වුවාය. කිලෝග‍්‍රෑම් 75 ට අඩු මිඞ්ල් බර පංතියේ අවසන් තරගයට යුද හමුදාවේ ආර්. එස්. බණ්ඩාර සහ සී. එස්. බණ්ඩාර සොහොයුරන් සුදුසුකම් ලබා ගැනීම දුර්ලභ සිදුවීමක් විය. තරගයෙන් ආර්. එස්. බණ්ඩාර ජය ලැබීය. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු හා ප‍්‍රවීණ තරග තීරකවරයකු වන උදේනි කිරිදෙණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය සිදු කෙරිණ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී අනුරුද්ධ - සමන්ති දක්‍ෂතම සම්මාන දිනති