ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක සම්මාන ලැබීය. සිවු දිනක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී මෙම තරගාවලිය පැවැත්විණ. කිලෝග‍්‍රෑම් 60 ට අඩු ලයිට් බර පංතියෙන් තරග කළ අනුරුද්ධ අවසන් තරගයේදී ගුවන් හමුදාවේ ඞී. එන්. ජයකොඩි පරාජය කිරීමට සමත්විය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් බොක්සිං ක‍්‍රීඩාවට පිවිසි අනුරුද්ධ 2007 වසරේද ලේටන් කුසලානය දිනා ගෙන තිබේ. ලයිට් බර පංතියේ අවසන් පුර්ව තරගයේදී තියුණු තරගයකින් පසු පරාජය ලැබු නාවික හමුදා ක‍්‍රීඩා සමාජයේ එස්.කේ. ප‍්‍රනාන්දු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාවිය. කාන්තා අංශයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කිලෝග‍්‍රෑම් 54 බැන්ටම් බර පංතිය ජයගත් පොලිස් ක‍්‍රීඩා සමාජයේ සමන්ති ප‍්‍රියංකා ගුනෙත්ති සම්මාන දිනා ගත්තාය. සමන්ති මෙම වසරේ පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ බැන්ටම් බර පංතිය ජය ගෙන ජාතික මට්ටමේ තරගවලට සුදුසුකම් ලබා ගත් අතර ඇය එම තරගාවලියේදී සමන්ති දක්‍ෂතම කී‍්‍රඩිකාව ද වුවාය. සමන්ති හමුවේ අවසන් තරගයේදී පරාජයට පත් වු තුරුලිය කී‍්‍රඩා සමාජයේ බී. එන්. එරන්දි දක්‍ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස තේරී පත්වුවාය. කිලෝග‍්‍රෑම් 75 ට අඩු මිඞ්ල් බර පංතියේ අවසන් තරගයට යුද හමුදාවේ ආර්. එස්. බණ්ඩාර සහ සී. එස්. බණ්ඩාර සොහොයුරන් සුදුසුකම් ලබා ගැනීම දුර්ලභ සිදුවීමක් විය. තරගයෙන් ආර්. එස්. බණ්ඩාර ජය ලැබීය. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු හා ප‍්‍රවීණ තරග තීරකවරයකු වන උදේනි කිරිදෙණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය සිදු කෙරිණ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි
- කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
- කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය
- කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය
- කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය
- කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
- කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
- කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය
- කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය
- කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
- කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය
- කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය
- කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය
- කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය
- කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය
- කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය
- කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය
- කි.ග‍්‍රෑ. 48 ට අඩු ෆ්ලයි බර පංතිය
- කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය
- කි.ග‍්‍රෑ. 69 ට අඩු ෆෙදර් බර පංතිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd