ඩෙංගු මදුරු කීට සහිත ස්ථාන පවත්වාගෙන යාම හා එය මර්දනයට නිසි ක්‍රියා නොගත් බවට වරද පිළිගත් රත්මලාන දුම්රිය අංගනය, රත්මලාන ගමනා ගමන මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, සිටි මෙඩිකල් යන ආයතනවලට රුපියල් 37500ක දඩ ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියම කෙළේය. ඒ අනුව දුම්රිය අංගනයට රුපියල් 20,000ක්ද, ලංගම ඩිපෝවට, රුපියල් 10,000ක් ද, ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 5000ක් ද, සිටි මෙඩිකල් ආයතනයට රුපියල් 2500ක් ද වශයෙන් දඩ නියම විය. ශ්‍රී රම්‍ය ඉන්ඩස්ට්‍රිස් හි කාණු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීම නිමවී නොමැති බව කියා සිටි හෙයින් එහි අයිතිකරුට රුපියල් 50,000ක ඇපයක් නියම විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගහල ඉන්නේ නැතුව බැට්ටීරියාව ගෙන්නුව නම් මොකද වෙන්නේ? ඔහොම සුද්ධ කරල ඩෙංගු ඉවර කරන්න පුළුවන් නම්, අවුරුදු 20ක් 30ක් සුද්ධ කරානේ.
නීතිය නම් කාටත් පොදුතමා පොතේ හැටියට.රාජ්‍ය ආයතනවල ඉන්නේ රජයේ නිලධාරින්. ඒ අයට පක්ෂයක් නැත .දේශපාලඥයන් කීදෙනෙකුට නඩුපවරල තියනවද ඩෙංගු වලට.
මේකත් හොඳ බිස්නස් එකක් වගේ
ඔහොම කරලා ඩෙංගු ඉවර කරන්න බෑ. කරන්න ඕනි හැදුනු අයව වෙන්කර සාත්තු කිරීම. ලේඩ්ඩුන්ව මදුරු දෂ්ටනයෙන් වලක්ව ගත්තොත් පැතිරීම ඉබේම වලකිනවා.
කළණ කියන එකේ ඇත්තක් තියෙනවා
කලන කියන එකේ ඇත්තක් තියනවා
නීතිය යොදාගෙන අහිංසක මිනිස්සු තලා පෙලනවා. මැලේරියාව නැති කරේ දඩ ගහලද? හරි ප්‍රතිකර්මයක් යොදන්නෙ නැතුව ආණ්ඩුවයි, පොලිසියයි එකතු වෙලා මිනිස්සුන්ගේ සල්ලි හූරන් කනවා ණය ගෙවන්න. ගස් වල අතු දෙබල් අස්සෙ වතුර රැඳිලා තියෙන ඒවාත් පෙන්නලා දඩ ගහන්න තරම් පහත් වෙලා. අපිට පුළුවන්ද ගස් වල වතුර අරන් දාන්න. පී.එච්.අයි. ලත් දෙන්නෙ මහදැන මුත්තගේ උපදෙස්. ගස් කපන්නලු. මේ රස්නේ වැඩි වෙලා උහුලගන්න බැරුව ඉන්න නාගරික මිනිස්සුන්ට ඉතුරු ගස් ටිකත් කැපුවම හරිද? මේ මිනිස්සු ඉස්කොලේ ගිහින් තියෙනවද මන්දා. මේ වගේ පහත් වැඩ වලට මිනිස්සු පෙල ගැහෙන්න කාලෙ හරි. බොරු චෝදනා වලට උසාවියට ගිහින් ඇඟ බේරගන්න නිවටයො වගේ 'වැරදිකරු' කියලා අතේ තියෙන තුට්ටු දෙක දීලා එන්නෙ නැතුව කොන්ද කෙලින් තියන් ආසාධාරණය විරුද්ද වෙන්න කවුරුත් එකතු වෙන්න ඕන.
ප්‍රදීප් මහත්තයෝ! එතකොට මහා මාර්ග වල, බස් නැවතුම් පලවල් වල, පොදු වෙළඳ පොලවල් වල තියෙන කාණු සුද්ද කරන්න ඕනත් අපිද? ඒවයේ කුණු වතුර පිරිලා. පී. එච්. අයි. ලා ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඒවා ගැන ප්‍රශ්න කලාම. කුණු වතුරේ ඩෙංගු හැදෙන්නෙ නෑ ලු, ඔහොමයි කියන්නෙ. ඩෙංගු විතරද මදුරුවෙක්ට ඉන්නෙ. කොච්චර මහන්සි වෙලා වතු පිටි සුද්ද කලත් වැඩක් නෑ. හෙවණ ලැබෙන්න වවලා ගහක අත්තක වතුර ටිකක් පෙන්නල දඩ ගහනවා. ඒකට විරුද්දව කරුණු කියන්න ගියොත් රාජකාරියට බාධා කලා කියල උසාවියට වාර්තා කරලා රිමාන්ඩ් කරවනව. මිනිස්සුව භීතියට පත් කරලා සල්ලි මංකොල්ල කනවා. ගෙවල් වලට එන්නෙත් හමුදාව අරන්. මේක මිලිටරි රාජ්‍යයක් ද? හැමදාම මිනිස්සු මේවා ඉවසන් ඉන්නෙ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයා කියල තියෙනවනෙ.
අවුරුු ගණන් කැලෑවට ඇරිල තිබුණු පාළු ඉඩම් ඩෙංගු නඩු වලට බයේ ශුද්ධ කරන්න ඒවායේ අයිතිකරුවන් පෙළඹීම හොඳ ප්‍රවණතාවයක්. අපි පුංචි කාලෙ තමන්ගෙ වතුපිටි/ නිවස ඉදිරිපිට පාර දෙපස/ පාරෙ කාණුව හෑරීම කලේ ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානෙකින්. ඒත් අද ඒවා කර ඇරල ප්‍රාදේශීය සභාවෙන් කරල දෙනකම් මිනිස්සු බලා ඉන්නවා. ඒ නිසා අධිකරණ ක්‍රියාමාර්ග හරහා හෝ මිනිස්සුන්ට තමන්ගේ යුතුකම් හා වගකීම් අවබෝධ වෙනවනම් හොඳයි. ඉරිදට හෝ නිවාඩු දවසට කකුල් උඩ තියාගෙන රූපවාහිනී බලන මිනිස්සු එළිපහළියට බැහැල ඇඟ මහන්සි කරන එක ජිම් එකේ දඟලනවට වඩා හොඳ ව්‍යායාමයක්.
ඉතා හොද වැඩක්.. මේක රජයේ විතරක් නෙමෙයි සියලු දෙනාගේම යුතුකමක් අප අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම .. යහපත් දිවි පැවැත්මක් උදෙසා..
කවුරු වැරදි කළත් නීතිය කාටත් පොදුයි. අද සමහරු කෑ ගහනවා රජය නීතිය සාධාරණය ඉටු කරන්නේ නැහැ කියලා.ඒක බොරුවක් කියලා හොඳටම වැටහෙන්නේ රාජ්‍ය ආයතන කෙරෙහි පවා රජය දක්වන අපක්ෂපාතී ප්‍රතිපත්තිය නිසායි. නැතිනම් මොකටද මේ රජයේ ප්‍රධාන ආයතන කීපයකට මෙහෙම නීත්‍යානූකූලව ක්‍රියාකරන්න යන්නේ.
මදුරු කීටයන් නැති කරන්න බෙහෙත් ගහනවානම් ඒක්තරාවිදිහක සහනයක්..
කළණ ජේ. ඔබේ අදහස් මම ගරැ කරමි. ඉතාම නිවැරදි වටිනා අදහස්.
ඒ අහිංසක මිනිසුන්ට නෙමෙයි නඩු දාන්න ඕන.. මදුරැකොයිල් මදුරැ නාශක බෙහෙත් හදන අයට.. සහ සමාගම්වලට...
වරද පිළිගැනීම ගැන සතුටුයි.