ඩෙංගු මදුරු කීට සහිත ස්ථාන පවත්වාගෙන යාම හා එය මර්දනයට නිසි ක්‍රියා නොගත් බවට වරද පිළිගත් රත්මලාන දුම්රිය අංගනය, රත්මලාන ගමනා ගමන මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, සිටි මෙඩිකල් යන ආයතනවලට රුපියල් 37500ක දඩ ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියම කෙළේය. ඒ අනුව දුම්රිය අංගනයට රුපියල් 20,000ක්ද, ලංගම ඩිපෝවට, රුපියල් 10,000ක් ද, ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 5000ක් ද, සිටි මෙඩිකල් ආයතනයට රුපියල් 2500ක් ද වශයෙන් දඩ නියම විය. ශ්‍රී රම්‍ය ඉන්ඩස්ට්‍රිස් හි කාණු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කිරීම නිමවී නොමැති බව කියා සිටි හෙයින් එහි අයිතිකරුට රුපියල් 50,000ක ඇපයක් නියම විය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ලංගමට/දුම්රියට ඩෙංගු නඩු
udakara Friday, 06 July 2012 06:47 PM
දඩ ගහල ඉන්නේ නැතුව බැට්ටීරියාව ගෙන්නුව නම් මොකද වෙන්නේ? ඔහොම සුද්ධ කරල ඩෙංගු ඉවර කරන්න පුළුවන් නම්, අවුරුදු 20ක් 30ක් සුද්ධ කරානේ.
ගාමාඉති Saturday, 07 July 2012 09:22 PM
නීතිය නම් කාටත් පොදුතමා පොතේ හැටියට.රාජ්‍ය ආයතනවල ඉන්නේ රජයේ නිලධාරින්. ඒ අයට පක්ෂයක් නැත .දේශපාලඥයන් කීදෙනෙකුට නඩුපවරල තියනවද ඩෙංගු වලට.
නිපුණ Friday, 06 July 2012 07:34 PM
මේකත් හොඳ බිස්නස් එකක් වගේ
මිනි Friday, 06 July 2012 06:58 PM
ඔහොම කරලා ඩෙංගු ඉවර කරන්න බෑ. කරන්න ඕනි හැදුනු අයව වෙන්කර සාත්තු කිරීම. ලේඩ්ඩුන්ව මදුරු දෂ්ටනයෙන් වලක්ව ගත්තොත් පැතිරීම ඉබේම වලකිනවා.
ජයසේකර Saturday, 07 July 2012 12:08 PM
කළණ කියන එකේ ඇත්තක් තියෙනවා
ජයසේකර Saturday, 07 July 2012 12:09 PM
කලන කියන එකේ ඇත්තක් තියනවා
කළණ ජේ. Friday, 06 July 2012 08:04 PM
නීතිය යොදාගෙන අහිංසක මිනිස්සු තලා පෙලනවා. මැලේරියාව නැති කරේ දඩ ගහලද? හරි ප්‍රතිකර්මයක් යොදන්නෙ නැතුව ආණ්ඩුවයි, පොලිසියයි එකතු වෙලා මිනිස්සුන්ගේ සල්ලි හූරන් කනවා ණය ගෙවන්න. ගස් වල අතු දෙබල් අස්සෙ වතුර රැඳිලා තියෙන ඒවාත් පෙන්නලා දඩ ගහන්න තරම් පහත් වෙලා. අපිට පුළුවන්ද ගස් වල වතුර අරන් දාන්න. පී.එච්.අයි. ලත් දෙන්නෙ මහදැන මුත්තගේ උපදෙස්. ගස් කපන්නලු. මේ රස්නේ වැඩි වෙලා උහුලගන්න බැරුව ඉන්න නාගරික මිනිස්සුන්ට ඉතුරු ගස් ටිකත් කැපුවම හරිද? මේ මිනිස්සු ඉස්කොලේ ගිහින් තියෙනවද මන්දා. මේ වගේ පහත් වැඩ වලට මිනිස්සු පෙල ගැහෙන්න කාලෙ හරි. බොරු චෝදනා වලට උසාවියට ගිහින් ඇඟ බේරගන්න නිවටයො වගේ 'වැරදිකරු' කියලා අතේ තියෙන තුට්ටු දෙක දීලා එන්නෙ නැතුව කොන්ද කෙලින් තියන් ආසාධාරණය විරුද්ද වෙන්න කවුරුත් එකතු වෙන්න ඕන.
කළණ ජේ. Saturday, 07 July 2012 12:04 PM
ප්‍රදීප් මහත්තයෝ! එතකොට මහා මාර්ග වල, බස් නැවතුම් පලවල් වල, පොදු වෙළඳ පොලවල් වල තියෙන කාණු සුද්ද කරන්න ඕනත් අපිද? ඒවයේ කුණු වතුර පිරිලා. පී. එච්. අයි. ලා ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඒවා ගැන ප්‍රශ්න කලාම. කුණු වතුරේ ඩෙංගු හැදෙන්නෙ නෑ ලු, ඔහොමයි කියන්නෙ. ඩෙංගු විතරද මදුරුවෙක්ට ඉන්නෙ. කොච්චර මහන්සි වෙලා වතු පිටි සුද්ද කලත් වැඩක් නෑ. හෙවණ ලැබෙන්න වවලා ගහක අත්තක වතුර ටිකක් පෙන්නල දඩ ගහනවා. ඒකට විරුද්දව කරුණු කියන්න ගියොත් රාජකාරියට බාධා කලා කියල උසාවියට වාර්තා කරලා රිමාන්ඩ් කරවනව. මිනිස්සුව භීතියට පත් කරලා සල්ලි මංකොල්ල කනවා. ගෙවල් වලට එන්නෙත් හමුදාව අරන්. මේක මිලිටරි රාජ්‍යයක් ද? හැමදාම මිනිස්සු මේවා ඉවසන් ඉන්නෙ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයා කියල තියෙනවනෙ.
ප්‍රදීප් පතිරණ Friday, 06 July 2012 09:25 PM
අවුරුු ගණන් කැලෑවට ඇරිල තිබුණු පාළු ඉඩම් ඩෙංගු නඩු වලට බයේ ශුද්ධ කරන්න ඒවායේ අයිතිකරුවන් පෙළඹීම හොඳ ප්‍රවණතාවයක්. අපි පුංචි කාලෙ තමන්ගෙ වතුපිටි/ නිවස ඉදිරිපිට පාර දෙපස/ පාරෙ කාණුව හෑරීම කලේ ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානෙකින්. ඒත් අද ඒවා කර ඇරල ප්‍රාදේශීය සභාවෙන් කරල දෙනකම් මිනිස්සු බලා ඉන්නවා. ඒ නිසා අධිකරණ ක්‍රියාමාර්ග හරහා හෝ මිනිස්සුන්ට තමන්ගේ යුතුකම් හා වගකීම් අවබෝධ වෙනවනම් හොඳයි. ඉරිදට හෝ නිවාඩු දවසට කකුල් උඩ තියාගෙන රූපවාහිනී බලන මිනිස්සු එළිපහළියට බැහැල ඇඟ මහන්සි කරන එක ජිම් එකේ දඟලනවට වඩා හොඳ ව්‍යායාමයක්.
ඉමිතියාස් Saturday, 07 July 2012 01:01 PM
ඉතා හොද වැඩක්.. මේක රජයේ විතරක් නෙමෙයි සියලු දෙනාගේම යුතුකමක් අප අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම .. යහපත් දිවි පැවැත්මක් උදෙසා..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 July 2012 11:13 PM
කවුරු වැරදි කළත් නීතිය කාටත් පොදුයි. අද සමහරු කෑ ගහනවා රජය නීතිය සාධාරණය ඉටු කරන්නේ නැහැ කියලා.ඒක බොරුවක් කියලා හොඳටම වැටහෙන්නේ රාජ්‍ය ආයතන කෙරෙහි පවා රජය දක්වන අපක්ෂපාතී ප්‍රතිපත්තිය නිසායි. නැතිනම් මොකටද මේ රජයේ ප්‍රධාන ආයතන කීපයකට මෙහෙම නීත්‍යානූකූලව ක්‍රියාකරන්න යන්නේ.
රිෂාඩ් Saturday, 07 July 2012 02:56 PM
මදුරු කීටයන් නැති කරන්න බෙහෙත් ගහනවානම් ඒක්තරාවිදිහක සහනයක්..
රංග Sunday, 08 July 2012 06:12 AM
කළණ ජේ. ඔබේ අදහස් මම ගරැ කරමි. ඉතාම නිවැරදි වටිනා අදහස්.
ජේ.හේවා පැරිස් Saturday, 07 July 2012 03:24 AM
ඒ අහිංසක මිනිසුන්ට නෙමෙයි නඩු දාන්න ඕන.. මදුරැකොයිල් මදුරැ නාශක බෙහෙත් හදන අයට.. සහ සමාගම්වලට...
ranga shani Friday, 06 July 2012 06:15 PM
වරද පිළිගැනීම ගැන සතුටුයි.