(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික තරගකාරී ලංසු කැඳවා මේ ප්‍රසම්පාදනය පිරිනැමූ බව රජය පවසයි.

Lanka IOC PLC වෙතින් සහ Chevron Lubricant Lanka PLC වෙතින් අදාල තෙල් සහ ලිහිසි තෙල් මිලදී ගැනීම නිර්දේශ කර ඇත.

ඒ අනුව  එම සමාගම් දෙක වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම  පිණිස ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.