ලංගම අබලන් බස් තිහක් නිට්ටඹුව ඩිපෝවේදී අද වෙන්දේසියේ දැමු නමුත් එක් බසයක්වත් වෙන්දේසි වුයේ නැත.
ව්‍යාපාරිකයෝ පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියහ.
ඔවුහු එකම ලංසුවක්වත් නොතැබුහ.ඔවුන් පැවසුයේ මෙම බස් පරණ යකඩ වලට පමණක් සුදුසු බවයි.
ලංගම අබලන් බස් තිහක් නිට්ටඹුව ඩිපෝවේදී අද වෙන්දේසියේ දැමු නමුත් එක් බසයක්වත් වෙන්දේසි වුයේ නැත.
ව්‍යාපාරිකයෝ පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියහ.
ඔවුහු එකම ලංසුවක්වත් නොතැබුහ.ඔවුන් පැවසුයේ මෙම බස් පරණ යකඩ වලට පමණක් සුදුසු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඩෙන්න ඇරලා කන්ඩෙම් කරනවා. දිරන්න ඇරලා යකඩ කරනවා. එළියට ඇද යළි පන ගන්නනවා. ජාතිය ළඟදීම හිඟමන් යනවා. (අ)
දීපා පැරිස්, දැන් වේරහැර වැඩපල කියලා එකක් තියෙනවද? ජර්මානු කාර්මික විදුහලේ සිටින ආධුනිකයන්ට ඔය අබලන් බස්රථ ගොඩගන්න එක සුළු දෙයක්. ඒකේ කිසිම අවුලක් නැහැ. අතීතයේදී ලංගමයේ මර්සිඩීස් බෙන්ස් එන්ජින්,ටාටා එන්ජින්,බෙන්ස් බස් රථ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කෙරුනා. දැන් ඒවා ඒ අකාරයෙන්ම කෙරෙනවාද කියා මම අවංකවම දන්නේ නැහැ. දැන් තියන ප්‍රශ්නය වන්නේ ලංගමයේ අබලන් බස් රථ අලුත්වැඩියා කරනවා නම් ඒවාට බරපැන දරන්නේ කවුද කියන එකයි? මම හිතන්නේ නැහැ දැන් නම්,දෙන්නම් කාසි වලට ජර්මන් ටෙක් එක ලංගමයට බස් ගොඩ දාලා දේවි කියලා. පස්සේ දෙන්නම් කාසි වලට ලංගමයට බස් හදලා දුන්නොත් බසුත් නැහැ මුදලුත් නැහැ.(නදී)
ඔහොමම රටේ තියෙන එහෙම ලංගම බුස් එකම පරණ යකඩවලට විකුණල දාළ,සල්ලි ටික හොර නිලධාරීන් සාක්කුවේ දාගෙන,ලංගමට අවමංගල උත්සවය පැවත්වි. (අ)
බස් රථ පමණක් නොවෙයි. මුළු ලංගම පරිපාලනයම උද ඉඳල යටට වෙනකන්ම හොද පරණ යකඩ වලට තමයි (අ)
මේවා අලුත් වැඩියා කරලා ජනතාවට හොද සේවයක් ලබා දෙන්න බැරි ද ? හැම දේම විකුණා ගෙන කන්න පුරුදු උන රටක් වෙලා ?(අ)
මම 2001 දී ඔඩිට් එකකට ගියවෙලාවක මතුගම ඩිපෝවේ දැක්ක මේවගේම සිද්දියක්, කලින් බස් වෙන්දේසි වලදී ලන්සු නොතියපු බස් යකඩ වලට වික්ක, ඒවා ගත්ත උදවිය බස් ටික තල්ලුකරගෙන ඩිපෝවේ ගේට්ටුවෙන් එළියේ තියාගෙන හදල පදවාගෙන ගියා, එකම දේ තමයි වෙන්නේ (අ)
බස් හුඹස් වෙනකල් දිරන්න ඇරලා වෙන්දේසි දැම්මාම කවුරුත් ගන්නෙ නෑ තමා.ගොඩක් ඩිපෝ වල බස් හුඹස් වෙනවා.(දිල්)
අපි ඔතනින් යනකොට පේනවා හොඳ කන්ඩිෂන් එකට පිටින් පේන බස් (සුළු සුළු දෝෂ ඇති හදාගන්න පුළුවන් ඒවා) ඇතුලේ කැලේ වැවිලා. පරණ යකඩ වලට හොඳයි කියන ඒවා ඩිපෝ එකෙන් එලියට යනකන් ඇදගෙන ගිහින් එතන ඉදලා හොඳට පදවාගෙන යනවා. ඇයි මේ බස් අපරාදේ මේ විදිහට අයින් කරලා දාන්නේ දිරනකන්, ලංගමේ දක්ෂ කාර්මික ශිල්පීන් ඉන්නවා. මේවා තමයි ජාතික අපරාධ. යකඩ වලට හොඳයි කියපු බස් මේ වෙනකොටනම් වෙන්න ඕන දේ වෙලා ඇති. මම ළඟදි දැක්කා ලිපියක් වයස 50යි කියලා දාලා තිබුණා ලංගම බස් එකක් හොඳට හදලා අරගෙන අපේ කාර්මිකයෙක්. (දිල්)
ලන්සු නොදැම්මේ දේශපාලකයෙක් අල්ලාගෙන නිකන්ම ගන්ඩ හිතාගෙනද දන්නේ නැහැ (දිල්)
මෙතෙක් කල් උනේ ඔය කියපු විදියට ලංගමයේ . වැඩ හොයල බලන්න .. අපේ එකල වේරහැර වැඩපළවල් වල නිළධාරී නිදිද ? කෝ ජර්මනු කාර්මික විද්‍යාලේ කාර්මිකයෝ නැද්ද ඕව අලුත් වැඩිය කරන්න. තව ටිකදවසකින් මුදලාලිලා ඕව අරගෙන පාරේ දුවනවා අගේට...(අ)